පාකිස්තානය පහසුවෙන්ම හොංකොං පරාජය කරයි

235

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග ආරම්භ කරමින් අද (16) පැවති තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ හොංකොං කණ්ඩායමයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලි නාගයන් කුලප්පු කරති

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර 50 තරගමාලාවේ පසුගිය තරගාවලියේ

කාසියේ වාසිය දිනූ හොංකොං නායක අන්ෂුමාන් රාත් පළමුවෙන් පන්දුවට තම කණ්ඩායම සන්තකයේ තියා ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි හොංකොං ක්‍රීඩකයෝ රැස් කළේ ලකුණු 116ක් පමණි. එම පහසු ඉලක්කය තවත් පන්දු 158ක් ඉතිරිව තිබිය දී සපුරා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

හොංකොං ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 39කට සීමා වූ අතර අනතුරුව ශදාබ් ඛාන් විසින් යැවුණ ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී තවත් කඩුලු 2ක් දවා ගනිමින් හොංකොං ඉනිම කඩුලු 5කට ලකුණු 44ක් බවට පරිවර්තනය කළේය.

හය වැනි කඩුල්ලට එක් වූ අයිෂාස් ඛාන් සහ කින්චිටි ෂා ලකුණු පුවරුව 97ක් බවට පත් කළහ. අයිෂාස් ඛාන් පන්දු 47කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේය. කින්ච්ට් ෂා පන්දු 50කට මුහුණ දෙමින් එක් හතරේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේය.

අනතුරුව ඉනිමේ 31 වැනි පන්දු වාරයේ දී කඩුලු 3ක් දවා ගනිමින් හොංකොං ඉනිම විනාශ කර දැමීමට උස්මාන් ඛාන් සමත් විය.

කඩුලු ලබා ගැනීමේ දී උස්මාන් ඛාන් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තේය. ඊට අමතරව හසන් අලි සහ ෂදාබ් ඛාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

තරගයේ පළමු ඉනිම වේලාසනින්ම නිමා වීම හේතුවෙන් පිළිතුරු ඉනිමට ක්‍රීඩා කිරීමට පාකිස්තාන ක්‍රීඩකයන්ට ද වරම් උදා විය. ඒ අනුව තරගය රාත්‍රී ආහාර විවේකය වෙනුවෙන් නතර කරන විට පාකිස්තාන ඉනිම කිසිවෙක් නොදැවී ලකුණු 35ක්ව තිබුණි.

සධීර සමරවික්‍රම පිට පිට දෙවැනි ශතකයත් රැස් කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට්

පාකිස්තානය වෙනුවෙන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසියේ ෆකාර් ෂාමන් සහ ඉමාම් උල් හක් ය. මේ වෙද්දී ඔවුන් දෙදෙනා අතුරින් ෂාමන් ලකුණු 23ක් සහ ඉම්ම් උල් හක් ලකුණු 10ක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටිය හ.

දිවා විවේකයෙන් පසුව යැවුණ 7 වැනි පන්දුවේ දී ෂාමෙන් දැවී ගියේය. ඒෂාන් ඛාන්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ස්කොට් මැකෙච්නි අතට උඩ පන්දුවක් ලබා දෙමින් ෂාමන් දැවී යන විට පන්දු 27කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියේය. පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 41කි.

ඉමාම් සහ බාබර් අෂාම් එක්ව 2 වැනි කඩුල්ලට ලකුණු 52ක් එක්කර සිටිය දී එෂාන් ඛාන් නැවත ක්‍රියාත්මක වෙමින් බාබර් පිටියෙන් ඉවත් කළේය. බාබර් පන්දු 36කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියේ ය.

22 හැවිරිදි වමත් පිතිකරු ඉමාම් උල් හක් තමන් මුහුණ දුන් 69 වැනි පන්දුවේ දී අර්ධ ශතකයක් රැස් කරමින් තරගයේ ජයග්‍රාහී ලකුණ ද ලබා ගත්තේ ය. ඉමාම්ගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුලත්ව තිබුණි. තරගය ජයග්‍රහණය කරන විට අනෙක් අන්තයෙන් ෂොයිබ් මලික් නොදැවී ලකුණු 9ක් ලබා සිටියේය.

“මේක අපේ කණ්ඩායමේ හැරවුම් ලක්ෂ්‍යක් වේවි.” – තිලාන් සමරවීර

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී සිදුවූ වැරදි අඩුපාඩුකම් හා අකිල ධනංජයගේ සහභාගිත්වය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන තිලාන් සමරවීර මෙසේ ඔහුගේ අදහස් පැවසුවා.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු දෙකේම හිමිකාරිත්වය ඒෂාන් ඛාන් සතු විය. ඔහු ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත්තේය.

හොංකොං; සියලුම දෙනා දැවී 116 (37.1): අන්ෂුමාන් රාත් 19, කින්ච්ට් ෂා 26, අයිෂාස් ඛාන් 27, උස්මාන් ඛාන් 3/19, හසන් අලි 2/19, ශාදාබ් ඛාන් 2/31

පාකිස්තානය; කඩුලු 2ක් දැවී 120 (23.4): ෆකාර් ෂාමන් 24, ඉමාම් උල් හක් නොදැවී 59, බාබර් අෂාම් 33, ඒෂාන් ඛාන් 2/34

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන තරගය හෙට (17) අබුඩාබි නගරයේ දී පැවැත්වීමට නියමිත ය. එම තරගයේ සේ ම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<