සමස්ත ලංකා පාසල් බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා දින නියම වේ

126

වෙළඳසේවා බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා වයස් කාණ්ඩ බැඩ්මින්ටන් ශූරතාවලිය මැයි මස 4 වැනිදා සිට 12 වැනිදා දක්වා එම සංගම් මූලස්ථාන පරිශ්‍රයේ දී සහ C. T. ජයසූරිය ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

Shuttle Time වැඩසටහනෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වලට තල්ලුවක්

මෙරට පළාත් බැඩ්මින්ටන් සම්මේලන වල සහාය ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ Shuttle Time වැඩසටහන පසුගිය දා…

එදා මෙදා තුළ බිහි වූ අතිදක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ ක්‍රීඩා කෞශල්‍යයන් ලොවක් ඉදිරියේ හඬගා කීමට තනා දුන් ප්‍රධාන වේදිකාවන් කිහිපයෙන් වැදගත් ස්ථානයක් උසුලන මෙම තරගාවලිය සඳහා එම නිසාම මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඇත්තේ විශාල ආකර්ෂණයකි. මෙවර තරගාවලියේ දී පාසල් තරගකරුවන් සඳහා දොරටු විවෘත කරමින් සමස්ත ලංකා පාසල් ශූරතාවයක් ද එක්කොට තිබීම තරගාවලියේ වටිනාකම දෙගුණ තෙගුණ කිරීමට ඉවහල් වී තිබේ.

ඒ අනුව දිවයින පුරා විසිරි සිටින යොවුන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000කට අධික සංඛ්‍යාවක් තරගාවලිය සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන් ප්‍රධාන වයස් කාණ්ඩ ත්‍රිත්වයක් යටතේ තරග වැඳීමට නියමිතයි. ඒ අනුව කනිෂ්ඨ ශූරතාවලිය වෙනුවෙන් වයස අවු.11න් පහළ, 13න් පහළ සහ 15න් පහළ තරගකරුවන් එකිනෙකා සමඟ සටන් වැඳීමට සූදානමින් පසුවේ.

තරගාවලි ආකෘතියට නව වෙනසක් සිදු කරමින් හඳුන්වා දුන් නවතම අංගය වන පාසල් ශූරතාවලිය පිළිබඳ වෙළඳසේවා බැඩ්මින්ටන් සංගම් සභාපති රොෂාන් ද සිල්වා මහතා මෙසේ සිය අදහස් ගෙනහැර පෑවේය.

“අපි මේ තරගාවලිය අපේ දින දර්ශනයට එක්කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ පාසල් දු දරුවන්ගේ හැකියා දක්ෂතාවන් ඔප්නැංවීම වගේම ඔවුන් කිසියම් දවසක  සාර්ථක වැඩදායි පු‍රවැසියන් ලෙසින් සමාජගත කිරිමයි.”

බැඩ්මින්ටන් ක්‍රීඩාවේ රෆායෙල් නඩාල් මාධ්‍යයට කතා කරයි

බැඩ්මින්ටන් ක්‍රීඩාව බොහෝ දෙනෙකු විසින් යොදාගන්නේ විනෝදයට වුවත්, එය ඉතාම තරගකාරී ක්‍රීඩාවක්. වත්මන් බැඩ්මින්ටන් ලෝක ශූරිය මෙන්ම…

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක වීමට නියමිත මෙම ශූරතාවලිය ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ නීති රෙගුලාසීන් වලට යටත්ව සහ වෙළඳසේවා බැඩ්මින්ටන්  සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

කෙසේ නමුත් තරගාවලි සංවිධායක මඩුල්ල පවසන ආකාරයට තරගාවලිය පැවැත්වීමට නියමිත, දැනට ප්‍රකාශයට පත්කොට ඇති දිනයන් සහ තරගාවලි ආකෘතිය (පිළිමළුන් පිටුදැකීමේ සිට සුදුසුකම් ලැබීමේ වටය දක්වා) ඉදිරි දින කිහිපයේ දී ලැබෙන අයදුම්පත් ප්‍රමාණය මත වෙනස්වීමකට භාජනය විය හැක.

අයදුම්පත් කැඳවීම අප්‍රේල් මස 5 වැනිදා නිල වශයෙන් අවසන් කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් පසු වේ.

>>තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට<<