Mzansi විස්සයි විස්ස ශූරතාව ජොසි ස්ටාර්ස් කණ්ඩායමට

174

දකුණු අප්‍රිකාවේ Mzansi සුපර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2018 වසරේ ශූරයන් ලෙසින් අභිෂේක ලැබීමට ඩෑන් විලාස්ගේ නායකත්වයෙන් යුත් ජෝසි ස්ටාර්ස් කණ්ඩායම (16) සමත් විය.

නිව්ලන්ඩ් හි කේප් ටවුන් ක්‍රීඩාංගණයේ දී කේප් ටවුන් Blits කණ්ඩායම හා සමඟ පැවති අවසාන මහා තරගයේ දී ඔවුන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්හ. ඒ තවත් පන්දු 15ක් ඉතිරිව තිබිය දී ය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ රිද්මය යළිත් ගිලිහෙයි

සීතල දෙසැම්බරයේ ආරම්භ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත ….

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කළ මෙම තරගාවලිය නොවැම්බර් මස 16 වැනිදා කණ්ඩායම් 6කගේ සහභාගීත්වයෙන් පැවැත්විය. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජීවන් මෙන්ඩිස්, ඒ. බී. ඩි විලියර්ස්ගේ නායකත්වයෙන් යුත් Tshwane Spartans කණ්ඩායම නියෝජනය කළේය.

තරගයේ කාසියේ වාසිය දිනූ කේප් ටවුන් Blits කණ්ඩායමේ නායක ෆර්හාන් බෙහෙර්ඩින්ගේ අදහස වූයේ පළමුවෙන් පන්දුවට පහර දී තරගයට අවතීර්ණ වීම සුදුසු ය යන්න ය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම ලකුණු 113කට සීමා කිරීමට ප්‍රතිවාදීන් සමත් වූහ.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූයේ කයිල් වේරියන් සහ නායක ෆර්හාන් බෙහෙර්ඩීන් ය. ඔවුන් දෙදෙනාම ලබා ගත්තේ ලකුණු 23 බැගිනි. ඔවුන්ගේ  ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූයේ ද ඔවුන් දෙදෙනා විසින් 5 වැනි කඩුල්ලට වාර්තා කරන ලද ලකුණු 25යි.

ඔවුන්ට අමතරව ඩේවිඩ් මාලන් (17) සහ ඩේල් ස්ටේන් (15*) කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළහ.

පන්දු යැවීමේ දී බියුරන් හෙන්රිකස් තම පන්දුවාර 4 ලකුණු 21කට සීමා කරමින් කඩුලු 2ක් දවා ගනිමින් කේප් ටවුන් Blits කණ්ඩායමේ ලකුණු පුවරුව පාලනය කළේය. ඔහුට අමතරව ඩුආන් ඔලිවර් ද ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

බංගලාදේශ විස්සයි විස්ස සංචිතයට ප්‍රබලයින් දෙදෙනෙක්

තරග තුනකින් සමන්විත බංගලාදේශ – බටහිර ඉන්දීය කොදෙව් විස්සයි …

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ජෝසි ස්ටාර්ස් කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලකුණු 13ක් වෙද්දී දවා ගනිමින් තරගය තමන් වෙත දෝලනය කර ගැනීමට කේප් ටවුන් Blits ක්‍රීඩකයෝ උත්සාහ කළ ද දෙවැනි කඩුල්ලේ දී වූ ලකුණ සබඳතාව ඔවුන් අසරණ වූහ.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් රීසා හෙන්රික්ස් සහ රසී වැන්ඩර් දුසේන් එක්ව ලකුණු 86ක සබඳතාවක් එක් කළහ. රිසා හෙන්රික්ස් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තේ ය.

ඉනිම ජයග්‍රහණයෙන් කෙළවර කරන විට රසී වැන්ඩර් දුසේන් පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබා සිටියේ ය.

දැවී ගිය කඩුලු දෙක ඩේල් ස්ටේන් සහ මලුසි සිබෝටා අතර බෙදී ගිය හ.

අවසන් තරගයේ වීරයා ලෙසින් බියුරන් හෙන්රික්ස් සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා ලෙසින් ක්වින්ටන් ඩි කොක් වෙත සම්මාන හිමි විය.

කේප් ටවුන් Blits කණ්ඩායම; කඩුලු 7ක් දැවී 113 (20) කයිල් වේරියන් 23, ෆර්හාන් බෙහෙර්ඩීන් 23, බියුරන් හෙන්රිකස් 2/21, ඩුආන් ඔලිවර් 2/32

ජෝසි ස්ටාර්ස් කණ්ඩායම; කඩුලු 2ක් දැවී 115 (17.3) රිසා හෙන්රික්ස් 33, රසී වැන්ඩර් දුසේන් නොදැවී 59

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<