පළමු දිනයේම ඔමායාගෙන් විශිෂ්ට දස්කම්

566

2019 ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පළමු දිනය ඊයේ (8) නිමා විය. ඒ ඉතාලියේ නැපොලි හි සැන් පාඔලෝ ක්‍රීඩාංගණයේ දී ය. ජවන හා පිටිය තරගවලට ඊයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ අතර මෙම තරග ජූලි 13 වැනිදා දක්වා දින 6ක් පුරාවට පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව්දෙනෙකු ඊයේ තරගවලට සහභාගි විය. ඒ කාන්තා මීටර් 100, කාන්තා මීටර් 400, පිරිමි මීටර් 400 හා පිරිමි මීටර් 100 තරග ඉසව් සඳහායි. 

ගිම්හාන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2019 ජූලි මස 03 වනදා සිට 14 වනදා දක්වා ඉතාලියේ …..

2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ඔමායා උදයංගනී එම වසරේ සහය දිවීමේ ඉසව්වේ පදක්කම ජයග්‍රහණය කිරීමට ද සමත් විය. ඇය මෙම තරගාවලියේ පළමු දිනයේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්විය. ඔමායා සහභාගි වූ මීටර් 400 ඉසව්වේ දී ඇය තම පෞද්ගලික හොඳම කාලය වාර්තා කළේ තත්පර 56.73කිනි. තරගයේ ඇයට හිමි වූයේ 6 වැනි ස්ථානයයි. ඇයට තරග ඉසව්වේ මීළඟ වටයට යාමට නොහැකි විය. 

නමුත් ඔමායා සහභාගි වූ කාන්තා මීටර් 100 ඉසව්වේ දී ද පෞද්ගලික හොඳම කාලය වාර්තා කළේ තත්පර 12.28කිනි. ඇය එම තරග ඉසව්ව නිමා කළේ දෙවැනියා වෙමිනි. 

පිරිමි මීටර් 400 ඉසව්වට සහභාගි වූ ඉශාන් ලහිරු හා ලක්නාත් කවිඳු එම තරග ඉසව්ව නිමා කළේ හයවැනියා හා හත්වැනියා වෙමිනි. ඉශාන් ලහිරු තත්පර 50.77ක් වාර්තා කළ අතර කවිඳු වාර්තා කළ කාලය තත්පර 49.22කි. 

පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගි වූ ගිහාන් රණවීර එම තරග ඉසව්ව නිමා කළේ තත්පර 11.36ක් වාර්තා කරමිනි. ඔහුට හිමි වූ ස්ථානය තුන්වැනි ස්ථානයයි. අවාසනාවකට ඔහුට තරගයේ ඉදිරියට යාමට නොහැකි වූයේ එම ඉසව්වේ පළමු ස්ථාන ලබා ගත් ක්‍රීඩකයන් දෙදෙනා පමණක් ඉදිරි වටයට යාම නිසාවෙනි. 

2019 ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<