ඕමාන ක්‍රීඩකයෙකුට වැඩ වරදී

70
Oman cricketer

ඕමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ යූසුෆ් අබ්දුල්රහීම් අල් බලූශි හට වසර 07ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබේ. 

චමරිගේ වෑයම අපතේ ගියත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ හොඳ දියුණුවක්

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ………….

ඒ තරග පාවාදීමේ චෝදනාවකට ඔහු වැරදිකරු වීමෙන් අනතුරුවයි. 

මෙම චෝදනා සම්බන්ධ පරීක්ෂණයක දී යූසුෆ් අබ්දුල්රහීම් ඔහුට එල්ලවූ චෝදනා හතරක් පිළිගෙන තිබේ. මෙම චෝදනා එල්ලවී ඇත්තේ පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දීය. 

මෙහිදී යූසුෆ් විසින් තමන් තරග පාවාදීමට යොමුවූ බවත්, ඒ සඳහා තම කණ්ඩායමේ ක්‍රීඩකයන් පොළඹවා ගැනීමට උත්සාහ කළ බවත් පිළිගෙන ඇත. මේ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබිනි. 

“මේක විශාල චෝදනාවක්. ඒ වගේම විශාල වැරැද්දක්. තරග පාවාදීමට අමතරව තවත් ක්‍රීඩකයන් එයට පොළඹවා ගැනීම සමාව දිය නොහැකි ලෙස අපි දකිනවා. ඒ වගේම මේ වගේ ජාත්‍යන්තර තරගාවලියක මෙවැනි දේ සිදුවීම අපි සුළුකොට තකන්නේ නෑ. ඒක විශාල වැරැද්දක් කියලා අපි දකිනවා.” යයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාන්‍ය අධ්‍යක්ෂක ඇලෙක්ස් මාර්ශල් පවසා සිටියේය. 

“මේ පරීක්ෂණ සඳහා යූසුෆ්ගේ සහය අපිට හිමි වුනා. ඒ වගේම තමන් වැරැද්දක් කළ බව ඔහු පිළිගත්තා. එසේ නොවන්නට මේ දඩුවම තවත් වැඩි වෙන්න තිබුනා.” යයි වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා පැවසීය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<