ඉන්දීය පන්දු රැකීමේ සහය පුහුණුකරු තනතුර ශ්‍රී ලාංකිකයෙක්ට

1256

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පන්දු රැකීමේ හිටපු පුහුණුකරු වන නුවන් සෙනෙවිරත්න ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහය පන්දු රැකීමේ පුහුණුකරු ලෙස බඳවා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරිය තීරණය කර ඇත.

15න් පහළ අවසන් පූර්ව තරගයට කොළඹ පාසල් 4ක්

සිංගර් කුසලාන වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් …

දැනට මේ පත්වීම ලබා දී තිබෙන්නේ ආසියානු කුසලානය සඳහා පමණක් බවත් එහි දී ඔහු දක්වන දස්කම් මත ඔහුගේ පත්වීම ස්ථීර කරන බවත් ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරිය පවසා තිබේ. එසේම නුවන් සෙනෙවිරත්න වමතින් පන්දු විසිකිරීම හා වමතින් වේගපන්දු යැවීම සිදුකරන නිසා ඔහු වෙත වැඩි අවධානය ලබා දී ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරිය වැඩිදුරටත් පවසන ලදි.

“පාකිස්තානය සතුව ප්‍රබල වමත් වේගපන්දු යවන්නන් ඉන්නවා. ඔවුන්ට මුහුණ දීමේ අරමුණින් තමා අපි මේ තෝරාගැනීම කළේ. පුහුණුවීම් වලදී අපේ පිතිකරුවන්ට මෙය ගොඩක් ලොකු සවියක් වේවි.” යැයි ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

වයස අවුරුදු 36ක් වන ශ්‍රී ලංකාවේ හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සෙනෙවිරත්න කොළඹ ක්‍රිකට් සමාජයේ ආදී ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එසේම ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සමඟින් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිය අත්දැකීම් වැඩි කරගෙන ඇති අතර නිමා වූ අන්තර් පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ දී මහනුවර කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන ලදි.

“අපේ කණ්ඩායම සතුව වමතින් වේගපන්දු යවන ක්‍රීඩකයින් අඩුයි. ඒක නිසා අපේ පිතිකරුවන් වමත් වේගපන්දු යවන්නන්ට එතරම් සාර්ථකව මුහුණ දෙන්නේ නැහැ. ඒක නිසා අපේ පුහුණු මණ්ඩලයට වමතින් වේගවත්ව පන්දුව විසිකරන්න පුළුවන් කෙනෙක් ඕන.  ආසියානු කුසලානයට කලින් මේ ප්‍රශ්නය විසඳෙයි කියලා මම හිතනවා.” යැයි ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන බහරත් අරුන් පසුගිය දිනක එක්තරා ඉන්දීය මාධ්‍යයකට සමඟින් අදහස් දක්වමින් පවසා ඇත.

ආසියානු කුසලානය සඳහා ක්‍රීඩා කරනු ලබන ඉන්දීය කණ්ඩායම හා එක්වීමේ අරමුණින් නුවන් සෙනෙවිරත්න අද (13) එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා  පිටත්ව ගියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<