නුවන් ප්‍රදීප් හෙට සෙල්ලම් කරන්නේ නෑ?

702

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක නුවන් ප්‍රදීප් හෙට (28) දිනයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව වාර්තා වේ. ඒ හදිසියේම ඔහුට ඇතිව තිබෙන අසනීප තත්වය නිසාවෙනි.

දකුණු අප්‍රිකානුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකාව සූදානමින්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 6කට මුහුණ දී තිබෙන …………….

මේ නිසාවෙන් ඔහුට නිසියාකාරව පුහුණුවීම් වල පවා නිරත වීමට නොහැකි වූ අතර ඔහු යම් හෙයකින් හෙට (28) තරගය සඳහා ක්‍රීඩා නොකරන්නේ නම් ඒ වෙනුවෙන් සුරංග ලක්මාල් ක්‍රීඩා කරනු ඇත.

“තාම අපේ වෛද්‍යවරුන් ඔහුගේ තත්වය ගැන හරියටම කියලා නැහැ. අද හවස ඔහු වෛද්‍යවරුන් ළඟට ගිහින් යම් යම් පරීක්ෂාවන් කිහිපයක් කරගන්න නියමිතව ඉන්නවා. අපිට දැන් හරියටම කියන්න බැහැ ඔහුගේ තත්වය කොයි වගේ ද කියලා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී අද (27) පවසන ලදි.

දකුණතින් වේගපන්දු යවන 32 හැවිරිදි ප්‍රදීප් පසුගිය දා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයේ දී සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් කඩුලු 4ක් දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් එම ජයග්‍රහණයේ එක් නියමුවෙක් බවට පත්විය.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

බංග්ලාදේශ තරගය වෙනුවෙන් ප්‍රදීප් ඇතුළු කණ්ඩායම දැල තුල පුහුණුවීම් වල නිරත වෙමින් සිටිය දී ප්‍රදීප්ගේ දකුණු අතෙහි සුලැඟිල්ලෙහි පන්දුව වැදීම නිසාවෙන් ඔහු පසුගිය 9 වැනිදා ද ආබාධයට ලක් විය. ඉන් පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේ දී කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් එංගලන්තය සමඟ පැවති තරගයේ දී අවසන් හා තීරණාත්මක කඩුල්ල දවාගෙන ශ්‍රී ලංකාවේ ජය තහවුරු කිරීමට ප්‍රදීප් සමත් විය.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 6කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 2ක් ජයගෙන තරග දෙකක් පරාජය වී මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැඳී සිටින අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට  දැනටමත් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<