නුවන් ප්‍රදීප්ට ඉන්දීය තරගාවලියේ අහිමි වෙයි

813

ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ 81 වන පන්දුවාරයේ දී නුවන් ප්‍රදීප්ගේ වම් පාදයේ කලව ආශ්‍රිතව යම් ආබාධයක් ඇති විය. එම නිසා  ප්‍රදීප්ට මෙම ටෙස්ට් තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පවසන ලදි.

ඉන්දීය දඟයන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි!

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වන ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට …

“ඔහුට තව මාසයක් දෙකක් යන තුරු විවේක ගන්න වේවි.” යැයි දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයට පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී කරුණාරත්න ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය සඳහා අවතීර්ණ වූයේ එක් වේගපන්දු යවන්නෙකු සමඟයි. නමුත් දැන් ඔහු ආබාධයකට ලක්වී තිබීම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වී තිබේ.

”මෙම තරගයේ දී ඔහුට පන්දු යැවීමට නොහැකි වුවත් පිතිකරණයේ නිරත වීමට හැකි වේවි. නමුත් ඒ ගැන නිවැරදිවම තීරණය කරන්නේ වෙන්නේ අද හෝ හෙට.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා ESPNCricinfo වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ.

නුවන් ප්‍රදීප් ඉන්දීය කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වූ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම තුල ලකුණු 132කට කඩුලු 6ක් දවා ගනිමින්, සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. නමුත් දැනට තිබෙන වාතාවරණය අනුව ඉදිරි තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගේ දායකත්වය ද අහිමි වනු ඇත.

මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දී අසේල ගුණරත්න ආබාධයකට ලක්වූ අතර, දිනේෂ් චන්දිමාල් නියුමෝනියාව වැළදීම නිසාවෙන් එම තරගයට සහභාගි වූයේ නැත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට