කුලසේකර ටෙස්ට් පිටියෙන් සමුගනියි

732
Nuwan-Kulasekara

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවණ් කුලසේකර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ට්විටර් ගිණුමේ මේ බව ප්‍රකාශයට පත්කර ඇති අතර සීමිත පන්දුවාර තරග පිළිබඳව අවධානය යොමු කිරීමට ඔහු මෙසේ ටෙස්ට් පිටියෙන් සමුගෙන ඇති බවයි එහි සඳහන් වනනේ.

34 වැනි විය ආසන්නයේ සිටින කුලසේකර සිය ටෙස්ට් දිවියේ ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 21ට පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරේ ජුනි මාසයේ කළ එංගලන්ත සංචාරයේ ලෝඩ්ස් පිටියේ පැවැති තරගය කුලසේකර සිය ටෙස්ට් දිවියේ ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගය විය. ඒවන විට ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ රැදි සිටියේය.

2005 වසරේදි කුලසේකර නවසීලන්තයට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න