Nutrition grant at sports ministry Press Con article

මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වනු ලබන ක්‍රීඩා 5ක් ඉලක්ක කර ගනිමින් පවත්වා ගෙන යනු ලබන ක්‍රීඩා සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩා අරමුදලින් පෝෂණ දීමනා ලබා දීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (17) පැවැත්විය.

මේ සඳහා ගරු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මැතිතුමා ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් එක්වී සිටියහ.

ශ්‍රී ලංකා වාර්තා පොතට හිරුණිගෙන් තවත් වාර්තාවක්

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න ඊයේ (14) ටෙක්සාස් හි …

තෝරාගත් ක්‍රීඩා 5ක ජාතික සංචිතය නියෝජනය කරමින් එනම් මලල ක්‍රීඩා, රග්බි, බර ඉසිලීම, කරාතේ, ජූඩෝ යන ක්‍රීඩාවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 111 දෙනෙක් හා  පුහුණුකරුවන් 38 දෙනෙකු වෙනුවෙන් රුපියල්  හතලිස් හයලක්ෂ හැත්තෑ දහසක මුදලක් (රු.4670000.00) දීමනා ලෙස ක්‍රීඩා අරමුදල හරහා ප්‍රදානය කෙරිණ. මෙහි දී මෙම ක්‍රීඩා කණ්ඩායම්වල එක් එක් වසරවල ප්‍රගති සමාලෝචනයක් ද ඉදිරිපත් කිරීමට ඒ ඒ ක්‍රීඩා සංගම් භාර නිලධාරීන් කටයුතු කළ අතර පදක්කම් බලාපොරොත්තු සම්බන්ධව ද අදහස් දැක්වීම විශේෂත්වයක් විය.

එහි දී අරමුණු පැහැදිලි කළ ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් සමන් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21කට හා පුහුණුකරුවන් 12කට, කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4කට, බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15කට හා පුහුණුකරුවන් 6කට, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8කට හා පුහුණුකරුවන් 7කට, කනිෂ්ඨ මලල  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27කට හා පුහුණුකරුවන් 13කට සහ රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 36කට ආදී වශයෙන් මේ දීමනාව බෙදී යන බවයි. ඉන්පසු ඒ ඒ සංගම් භාර නිලධාරීන් තම සංගම් වෙනුවෙන් ක්‍රීඩක ප්‍රගති සමාලෝචනයක් ඉදිරිපත් කළ අතර ඉන්පසු ගරු ක්‍රීඩා අමාත්‍යතුමා අදහස් දැක්විය. ඒ මහතා අමාත්‍යංශයක් ලෙස කළ යුතු ඕනෑම කටයුත්තක් ක්‍රීඩා සංගම් වෙනුවෙන් කිරීමට බැදී ඇති බවත් එලෙසම ක්‍රීඩකයන් ද එහි වටිනාකම දැන දක්ෂතා අතරට පැමිණිය යුතු බවත් ප්‍රකාශ කළ සිටියේය. තවද “පොදු රාජ්‍ය මණ්ඩලීය තරග සඳහා නිකරුණේ මං ක්‍රීඩකයන් රැගෙන යන්නට බලාපොරොත්තුවක් නෑ. පරිසාධන මට්ටමට එන්නට සියලු දෙනා කැපවිය යුතුයි, මේවා සම්පුර්ණ නැතිනම් නිකරුණේ සවාරි රැගෙන යන්නේ නෑ.”  ලෙස පැවසූ අතර ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තමාට ප්‍රතිඵල අත්‍යාවශ්‍ය බවයි. එසේ නොමැති නම් කරන්නාවූ කිසිදු කටයුත්තක ඵලක් නොවන බවයි.

දහසක් බලපොරොත්තු මැද ඉඳුනිල් දිවයිනෙන් පිටව යයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ මැදි දුර ධාවකයෙක් වන ඉඳුනිල් හේරත් එළඹෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙර …

මීට අමතරව පදක්කම් සඳහා සුරත තබන ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩි මුදලක් ද, සෙස්සන් ද තම දක්ෂතා වෙනුවෙන් දීමනා ලබා දී ඇති බවත් මේ වාර්තා මගින් දක්ෂතා අතරට එන්නට මැලි වන්නන් හට දීමනා අහිමි වීමේ හැකියාවක් ද ඇති බව ප්‍රකාශ කළ අතර දක්ෂතා අතැතිව පදක්කම් සඳහා යන ගමෙන් නගරයට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුල් පුහුණුකරුවන්ට ද යම් මුදලක් ලබා දීමට නීති සම්පාදනය කර ඇති බව එතුමා විශේෂයෙන් ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “මං දැන් කැබිනට් පත්‍රිකාවකුත් හදලා ඉවරයි. රැකියා නොමැති සියලුම ජාතික සංචිත නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා සඳහා අවස්ථාව සලසා දෙනවා. ඒ නිසා තමන්ගේ කාර්ය රට වෙනුවෙන් ලබා දෙන්න මහන්සි වෙන්න.”  ලෙස ද අදහස් දැක්වූ අතර ඉදිරි මාසයේ දී සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු අවසන් කරමින් ඉදිරි තරගාවලි වෙනුවෙන් සුදානම් වීමට උපරිම සහයෝගය ලබා දෙන බවත් පවසා සිටියේය. අවසන් වශයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මැතිතුමා, දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ට පුහුණු වීමට අවශ්‍ය ඕනෑම රටක් වෙත රැගෙන යාමට නොපැකිලෙන බව පවසමින් සියලු ක්‍රීඩකයන් වෙත වසරේ ඉදිරි බලාපොරොත්තු වෙනුවෙන් සුබ පතමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත දීමනා ලබා දීම ආරම්භ කළේය. ඒ අතර මලල ක්‍රීඩක රුමේෂිකා රත්නායක, මංජුල කුමාර සහ හිමාෂ ඒෂාන් වැනි ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සඳහන් වී තිබුණි.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<