පාසල් 16ක් කාණ්ඩ 4ක් ඔස්සේ ශූරතාවයට තරග කරයි

514

ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල විසින් සංවිධානය කරන “NSBM 7s” වයස අවුරුදු 21න් පහළ පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය සැප්තැම්බර් 8 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා තරග වදින පාසල් කණ්ඩායම් සඳහා වන කාණ්ඩ සටහන මේ වන විට නිකුත් වී තිබේ.

පාසල් කණ්ඩායම් 16ක් මේ වන විට තමන්ගේ සහභාගීත්වය සනාථ කර ඇති අතර පාසල් රග්බි පිටියේ දැවැන්ත පාසල් කිහිපයක් ද මේ වෙනුවෙන් සහභාගී වීමට නියමිතයි. මෙම තරගාවලියේ කාණ්ඩ 4ක් සඳහා එක් කාණ්ඩයකට පාසල් 4 බැගින් කණ්ඩායම් 16ක් ක්‍රීඩා කරන අතර “වයස අවුරුදු 20න් පහළ ලෝක රග්බි” නීතිරීති වලට යටත්ව තරගාවලිය පැවැත්වෙනු ඇත. කාණ්ඩ වටයේ දී සියලු කණ්ඩායම් තරග තුන බැගින් ක්‍රීඩා කරන අතර ඉන්පසු ශූරතා, ඵලක, පලිහ ලෙස බෙදී තරග කරනු ඇත.

 

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
සාන්ත අන්තෝනි විද්‍යාලය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ඉසිපතන විද්‍යාලය සාන්ත ජෝසප් විද්‍යාලය
තර්ස්ටන් විද්‍යාලය මහානාම විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය
සාන්ත ඇලෝෂියස් විද්‍යාලය සහීරා විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය
සිරි පියරතන විද්‍යාලය       හින්දු විද්‍යාලය දේවපතිරාජ විද්‍යාලය ආනන්ද විද්‍යාලය

 

තරගාවලිය අතරතුර NSBM කණ්ඩායම හා කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ ක්‍රීඩකයන් අතර සුහද රග්බි තරගයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. තරගාවලියේ අවසන් තරග රාත්‍රියේ දී විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වීමට නියමිතයි. ThePapare.com අපි තරගාවලිය සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <
<