මීළඟ ආධුනික බොක්සිං ශූරයා ඔබ ද?

278

ජාතික ආධුනික බොක්සිං තරගාවලිය මේ මස 21 වැනිදා ඇරඹෙන බව වාර්තා වේ. තරගාවලිය පැවැත්වෙන්නේ MAS රාජකීය බොක්සිං අංගනයේ දීයි.

සෑම වසරකම පැවැත්වෙන මෙම තරගාවලිය ජයගන්නා ක්‍රීඩකයන් ජාතික මට්ටමට පියමැනීම සඳහා සුදුසුකම් ලබන අතර මෙතෙක් එකදු හෝ ජාතික බොක්සිං තරගාවලියකට සහභාගී වී නොමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලිය විවෘතය. මාර්තු 21 වැනිදා ඇරඹෙන තරගාවලිය 25 වැනිදා දක්වා පැවැත්වේ.

වයස අවුරුදු 19 සිට 40 දක්වා ඕනෑම ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට මෙම තරගාවලිය සඳහා සහභාගී විය හැකිය. කාන්තා අංශයේ කි.ග්‍රෑම් 48, 51, 54, 57, 60, 64, 69, 75, 81, 81+ යන බර පන්තිවලින් තරග පැවැත්වේ. පිරිමි කි.ග්‍රෑම්. 48, 52, 56, 60, 64, 69, 75, 81, 91 සහ 91+ යන බරපන්ති වලින් තරග පැවැත්වේ.

මෙම තරගාවලිය ජයගන්නා ක්‍රීඩකයන් ජාතික, ලේටන් කුසලාන සහ ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගවලට සුදුසුකම් ලබනු ඇත. තරගාවලිය ආරම්භයෙන් පසුව ඔබට පුවත් කියන්නට ThePapare.com අප සූදානම්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<