ඡන්ද 18-12ක් ලෙස ජය සුබ්‍රමනියම් මහතාට

193
suresh subaramaniyam

පසුගිය 23 වැනිදා පැවති ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේ දී එහි සභාපති තනතුර සඳහා සුරේෂ් සුබ්‍රමනියම් මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය. සුබ්‍රමනියම් මහතා ඡන්ද 18ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ රොහාන් ප්‍රනාන්දු මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 12ක් පමණි.

හිරුනි තවත් ජාතික වාර්තාවක් අලුතින් ලියයි

ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩිකා හිරුනි විජේරත්න ඇය සතුවම තිබූ කාන්තා අර්ධ මැරතන් ඉසව්වේ ජාතික වාර්තාව අලුත් කරන්නට

සුරේෂ් සුබ්‍රමනියම් මහතා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ හිටපු සභාපතිවරයෙකි. එසේම මේ වන විට ආසියානු ටෙනිස් සංගමයේ උප සභාපති වන්නේ ද ඒ මහතායි.

ඡන්ද 12ක් ලබාගත් රොහාන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමයේ වත්මන් සභාපති වේ.

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ දී එහි ලේකම් ධූරය සඳහා මැක්ස්වෙල් ද සිල්වා මහතා හා ප්‍රීති විරාජ් මහතා තරග වැදුණු අතර ඡන්ද 19-12ක් ලෙස ජාතික ඔලිම්පික් කමිටු ලේකම් ධූරය සඳහා තේරී පත්වූයේ මැක්ස්වෙල් ද සිල්වා මහතායි.

අලුතින් තේරී පත්වූ ජාතික ඔලිම්පික් කමිටුවට මේ වසරේ අප්‍රේල් මස ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා  උළෙල ඔවුන්ට ලැබෙන පළමු අභියෝගයයි.

නව ජාතික ඔලිම්පික් කමිටුව

  • සභාපති – සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් (ටෙනිස්)
  • මහ ලේකම් – මැක්ස්වෙල් ද සිල්වා (ජූඩෝ)
  • උප සභාපතිවරු – අදුතරයි කට්ටර් (රුවල් ඔරු), සුමිත් එදිරිසිංහ (හොකී), පාලිත ප්‍රනාන්දු (මලල ක්‍රීඩා) සහ අසංග සෙනෙවිරත්න (රග්බි)
  • භාණ්ඩාගාරික – සේනක රණසිංහ (පා පැදි)
  • සහකාර ලේකම් – චන්දන ලියනගේ (පැසිපන්දු)
  • උප භාණ්ඩාගරික – නිෂාන්ත ජයසිංහ (බැඞ්මින්ටන්)
  • කමිටු සාමාජිකයෝ –  චානක හසන්ත (ජල ක්‍රීඩා), ෆාසිල් මොහොමඞ් (බේස් බෝල්) සහ අජිත් තාමෙල් (බර ඉසිලීම)

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<