ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව පසු බසියි

245

ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා සහභාගී වූ හත් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම, පසුගිය 25 වැනිදා චීනය බලා පිටත්වූ නමුත් එහි දී කිසිදු ක්‍රීඩකයෙකු පළමු වටයෙන් හෝ ඔබ්බට යාමට අසමත් විය.

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙන් පහළට

2017 අප්‍රේල් 21 වැනිදා යාවත්කාලීන කරන ලද ‘ලෝක දැල්පන්දු සම්මේලන ශ්‍රේණිගත කිරීම්’ වලට අනුව ශ්‍රී ලංකාව..

කණ්ඩායමට ඇතුළත් වූයේ නිලූක කරුණාරත්න, සචින් ඩයස්, බුවනෙක ගුණතිලක, තිලිණි හෙන්දහේවා, ලේඛා ෂෙහානි සහ සමන්තිකා වීරසිංහ ය. ඉසව් හතරක් වෙනුවෙන් ඔවුන් තරගාවලියට එක්වූ නමුත් කිසිවෙකු සාර්ථක නොවීය.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පළමු 100 දෙනා අතර පසුවන නිලූක කරුණාරත්න, සුදුසුකම් ලැබීමේ තරගවල දී පහසුවෙන් දක්ෂතා අතරට පැමිණියත් ඔහුට පළමු වටයේ දී තරග වැදීමට සිදුවූයේ ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක 6 ක්‍රීඩකයා සමඟයි. චීන තායිපේ හි චෝව් ට්යෙන් චෙන් එය ජය ගත්තේ ලකුණු 21-19ක් සහ 21-16ක් වශයෙනි. එහි පළමු වටයේ දී නිලූක සටන්කාමීව ක්‍රීඩා කළ අතර තරගය මිනිත්තු 67ක් පුරාවට පැවැත්විණි.

ශ්‍රී ලංකා පිරිමි යුගල තරගයට එක්වූ බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් විසින් මැලේසියාවේ පුයි ඥායි සහ පන් ෆොන්ග් හට තරගයක් ලබා දුන්නත් පසුව ඔවුන් පසු බැස්සේය. ඒ ලකුණු 21-12ක් සහ 21-13ක් වශයෙනි.

කාන්තා යුගල ඉසව්වේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ අචිනි රත්නසිරි සහ සමන්තිකා වීරසිංහ ද සිංගප්පූරුවේ පූන් ලොක් යාන් සහ සේ යින් සූ අතින් පරාජය වූයේ 21-11ක් සහ 21-13ක් වශයෙනි.

මිශ්‍ර යුගල ඉසව්වේ දී ද ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ තිලිණි හෙන්දහේවා හට හිමිවුණේ පරාජයයි.

කාන්තා ඒකල ඉසව්ව වෙනුවෙන් පළමු වටය සඳහා හෝ සුදුසුකම් ලබන්නට ලේඛා ෂෙහානි අසමත් වූ අතර තරගාවලිය තුළ ශ්‍රී ලංකාවට සැනසුම් සුසුමක් එක්කළ එකම සිදුවීම නම් ලෝකයේ අංක 6 ක්‍රීඩකයා සමඟින් තරග වැදුණු නිලූක කරුණාරත්න, ලකුණු 2ක පරතරයකින් එහි පළමු වටය පරාජය වීමයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට