නිමාලි හා ගයන්තිකාට අවසන් තරගයේ ස්ථානය අහිමි වේ

259
Nimali and Gayanthika

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 ධාවන තරගයේ තෝරා ගැනීමේ වටයන් අද (12) ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී කරාරා (Carrara) ක්‍රීඩාංගණයේ දී පැවති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිමාලි ලියනආරච්චි හා ගයන්තිකා අබේරත්න එම ඉසව්වට සහභාගී විය.

ඔවුන් දෙදෙනා හටම අවසාන තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි වූ අතර පළමු තේරීමේ තරගයේ දී ගයන්තිකා 8 වැනි ස්ථානය දිනාගත් අතර තෙවන තේරීම් තරගයේ දී නිමාලි 7 වැනි ස්ථානය දිනා ගන්නා ලදි.

රුමේෂිකා සහ ජනක අර්ධ අවසන් සහ අවසන් වටවලට

විස්එක් වැනි වරටත් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය..

පළමු තේරීම් තරගය, පැවති තේරීම් තරග 3න් වේගවත්ම තේරීම් තරගය වූ අතර සෙසු ක්‍රීඩිකාවන්ගේ වේගය හමුවේ ගයන්තිකාට තරගයේ ඉදිරියෙන්ම ධාවනයේ යෙදුණු ක්‍රීඩිකාවන් පොකුරේ රැඳී සිටීමට අපහසු විය.

ශූරතා බලාපොරොත්තු සමඟින් තරග වදින දකුණු අප්‍රිකාවේ කැස්ටර් සේමන්යා ද එම පොකුරේ ඉදිරියෙන්ම ධාවනයේ නිරත විය. තරගය පුරා ගයන්තිකාට ප්‍රධාන පොකුරේ ධාවනයේ යෙදීමට නොහැකිවූ අතර අට වන ස්ථානයට තරගය අවසන් කළ ඇය ඒ සඳහා මිනිත්තු දෙකයි තත්පර 04.72ක කාලයක් වැය කරන ලදි. මේ තරගයේ දී ඇයගේ පෞද්ගලික ඉහළම දක්ෂතාව හා ජාතික වාර්තාව වන මිනිත්තු දෙකයි තත්පර 02.55ක කාලයට ළඟා වීමට නොහැකිවීම අවාසනාවන්ත සිදුවීමක් විය.

මංජුල කුමාර උස පැනීමෙන් අවසන් වටයට

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි ක්‍රියාත්මක 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ…

ඉහළ පදක්කම් බලාපොරොත්තු සමඟින් තරග වදින දකුණු අප්‍රිකාවේ කැස්ටර් සේමන්යා මිනිත්තු 1 තත්පර 59.26කින් ඉසව්ව නිමා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එංගලන්තයේ ඇලෙක්සැන්ඩර් බෙල් ද දෙවැනියා ලෙස තරගය නිමා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබිය.         

නිමාලි ලියනආරච්චි තෙවන තේරීම් තරගයේ තරග කළ අතර මිනිත්තු දෙකයි තත්පර 08.52ක කාලයක් වාර්තා කළ ඇයට හැකි වූයේ හත්වැනි ස්ථානයට පැමිණීමට පමණි. ගයන්තිකාට මෙන්ම ඇයට ද ප්‍රධාන පොකුරේ ධාවනයේ නිරත වීමට නොහැකි වූ අතර මීටර 400යේ සීමාවේ දී සිය වේගය වැඩි කරමින් තරග කිරීමට උත්සහ කළ ද, ඇයගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත. කෙන්යානු ජාතික එමිලි චෙරෝටිච් ටුයේ මිනිත්තු 2යි තත්පර 00.58කින් එම තේරීමේ තරගය ජය ගත් අතර උගන්ඩාවේ විනි නන්යෝන්ඩෝ දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසාන තරගයේ ස්ථානය තහවුරු කර ගන්නා ලදි.   

මීටර 800 ඉසව්වේ ශ්‍රී ලංකාවේ ඉහළම ධාවන ශූරියන් වන ගයන්තිකාට හා නිමාලිට සිය පෞද්ගලික දක්ෂතා ආසන්නයට පවා ළඟා වීමට නොහැකි වීම කනගාටුවට කරුණකි.

ගයන්තිකා මිනිත්තු දෙකයි තත්පර 02.55කින් ජාතික වාර්තාවක් පිහිටුවා ඇති අතර නිමාලි එයට ඉතා සුළු කාලයක් පසුපසින් සිටිමින් මිනිත්තු දෙකයි තත්පර 02.58ක කාලයක් වාර්තා කර ඇත. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා හටම ආබාධ හේතුවෙන් හා නිසි පුහුණුවීම් පහසුකම් නොමැති හෙයින් බාධා සිදු වූ අතර ඔවුන් දෙදෙනා සිය දක්ෂතා උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් වැඩ නිමාවූ සුගතදාස නව ධාවන පථයේ උපරිම ප්‍රයෝජනය ද ගනිමින් එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ඉහළ දස්කම්වලට පිවිසෙනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<