පාසල් රග්බි ලීගය කල් දැමීමට කටයුතු යොදා තිබුණ ද, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ නිළදාරීන් විසින් එය සැලසුම් කර තිබූ පරදී එම කාලසටහනටම අනුව පෙබරවාරි 21 වන දා ආරම්භ කරන බව තහවුරු කරන ලදී.

පාසල් රග්බි තරග කල් යන ලකුණු

පාසල් රග්බි සංගමය විසින් මෙවරත් සංවිධානය කරන අන්තර් පාසල් රග්බි තරගාවලිය මේ මස 21වන දා ආරම්භ වීමට නියමිතව තිබුණද, යම් යම් ගැටලුකාරී තත්ත්වයන්…

පාසල් මහා ක්‍රිකට් තරගාවලි සහ ක්‍රීඩාංගණ වෙන්කර ගැනීමට නොහැකියාවත් නිසා මීට පෙර තරගාවලිය කල් දැමීමට පාසල් රග්බි සංගමයේ නිළදාරීන් තීරණය කර තිබුණි. කෙසේ වෙතත් පාසල් රග්බි සංගමයේ ලේකම් ඩෙන්සිල් ඩාලින් මහතා මාධ්‍යට තහවුරු කර සිටියේ ලීගය සැලසුම් කල පරිදි පෙබරවාරි 21 වන දින ආරම්භ වන අතර දෙවැනි සහ තුන්වැනි අංශ වල තරග ආරම්භක සතියේ දී පැවැත්වෙන බවත් ප්‍රමුඛ අංශයේ තරග සිකුරාදා සහ එම සති අන්තයේ දී පැවැත්වෙන බවයි.

මේ වන විට ශූරතාවයට හිමිකම් කියන කොළඹ ඉසිපතන විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාල සමඟ තරගය සඳහා නුවර බල පිටත් වෙනු ඇත.

School rugby fixtues

සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාල අතර  තරගය බම්බලපිටිය ක්‍රීඩාංගණයේ දී රෙක්ට කුසලානයත් සමඟ ආරම්භ වන අතර වෙස්ලි විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය ද, රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය පළමු සතිය තුල වැඩි උණුසුමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර ප්‍රධාන අංශයේ ප්‍රවර්ධකයන් වන සහිරා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය තරග වැදීමට නියමිත අතර මෙම පාසල් දෙකම 19න් පහල ජාතික රග්බි කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් බිහි කරන ලද පාසල් ද්විත්වයකි. ඔවුන් ගිය වසරේ පැවතී 19න් පහල ආසියානු ශූරතාවය වෙනුවෙන් තරග වැඳීම සඳහා මැලේසියාවේ සංචාරයකද නිරත විය. සහිරා විද්‍යාලයේ වජිඩ් ෆාමි සහ වේල්ස් කුමර විද්‍යාලයේ උදය පොතුපිටියගේ මේ වන විට පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද ක්‍රීඩා කරයි.

තවත් කණ්ඩායම් පිළිබද විස්තර සඳහා ThePapare.com සමඟින් එක්වන්න.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට