සීමා ඉරක් ඇඳ හික්මීමෙන් නැරඹිය යුතු ජපානයේ රග්බි ලෝක කුසලානය

105

පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන විට ඔබේ ජංගම දුරකථනයෙන් ඇමතුම් ගන්න තහනම්? හ්ම්ම්ම්ම් ඔව්! පොදු ස්ථානවල දුම්බීමත් තහනම් ද? පිළිතුර සරලයි, ඔව්! එතකොට හදිසියේ Vicks ඉන්හේලර් එකක් බෑග් එකේ තියගන්න?  කීයටවත් බැහැ! මේ තමයි රග්බි ලෝක කුසලානය නරඹන්න යන්න ඉන්න ඔබට තියෙන ප්‍රශ්නවලට දෙන්න පුළුවන් පිළිතුරු.

අයර්ලන්තයෙන් රුසියාවට දැඩි දඬුවම්!

2019 රග්බි ලෝක කුසලානයේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (03) ජපානයේ

රග්බි ක්‍රීඩාව ආගම කර ගත් ලොව පුරා විසිරි සිටින දහස් සංඛ්‍යාත වූ රග්බි ප්‍රේක්ෂකයින් සියළු දෙනාම රතු පලස් එලා සාදරයෙන් පිළිගත් ජපන් ජාතිකයින්, ඔවුන් සතුටින් තැබීම උදෙසා නොයෙක් ආකාරයේ උපාය මාර්ගයන් යොදා තිබෙනු අවස්ථා කිහිපයක දී ම අප ඇස ගැටුණි. පයින්ට් ගණනින් බීර බොන්නට තැබෑරුම් පොළවල්, නොයෙක් මෝස්තරයේ පච්ච කොටා ගැනීමට ලබා දී ඇති නිදහස මින් කිහිපයක් පමණි.

කෙසේ නමුත් බටහිර රාජ්‍යයන් මෙන් විවෘත සංස්කෘතියකට තවමත් හිමිකම් නොකියන ජපානය තුල අත්විඳින්නට හැකි වන්නේ වෙනස්ම ආකාරයේ සංස්කෘතික පසුබිමකි. මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති විදේශීය තරග නරඹන්නන්  නොදැනුවත්ව සිදු කරන පොදු වැරදි කිහිපයක් පිළිබඳ සංක්ෂිත සටහනක් ඔබ වෙත ගෙන එන්න අපි කල්පනා කළා.

විනයගරුකභාවය සහ විනීතභාවය අගයන සමාජයක්

ඔවුන්ටම ආවේණික වූ සංස්කෘතියක් සහ ඒ හා සබැඳුණු ආචාරධර්ම පද්ධතීන් රැසකගෙන් සමන්විත ජපන් සමාජයෙහි දක්නට ලැබෙන වැදගත්ම ගුණාංගයන් ලෙස ඔවුන් සතු ආචාරශීලිත්වය සහ විනයගරුකභාවය හැඳින්විය හැක.

කොතරම් නාගරීකරණය වූ ගතිපැවතුම් සහිත සමාජයක වූවද ටෝකියෝ ඇතුළු  බොහෝ නගරවල ඇත්තේ ඉතාමත් නිස්කලංක සහ සමාකාමි පරිසරයකි. කලබලකාරී විදීවල කලාතුරකින් යම් ශබ්දයක් ඇසෙන්නට ලැබුනත්, ආපනශාලා ඇතුළුව ජනයා රැස්වන සංවෘත ස්ථානයන් බොහෝමයක වටපිටාව මීයාට පිම්බාක් මෙන් නිශ්ශබ්දය.

කෙසේ නමුත් පසුගිය දිනක twitter ඇතුළු සමාජ මාධ්‍ය ජාලා කිහිපයකම පාහේ සංසරණය වූ වීඩියෝ පටයක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වී තිබේ. එනම් ප්‍රංශ ජාතික මිතුරන් කිහිප දෙනෙකු උමං මාර්ග දුම්රිය මැදිරියක බිම අසුන් ගනිමින් සිදු කළ හාස්‍යජනක ක්‍රියාකාරකම් මාලාවක් මේ ලෙස කාගේත් කතා බහට ලක්වෙමින් පවතී.

All Blacksට ආර්ද්‍රතාව කරදරයක්

නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ පුහුණුකරු ස්ටීව් හෙන්සන් ඊයේ (2) නිමා වූ

ඇත්තටම ඒක දැක්කම මුලින්ම මටත් හිනා ගියා. ඔවුන් ඒක කළේ විනෝදෙට. නමුත් ටික වෙලාවක් යද්දී ඔවුන් සීමාව ඉක්මවා ගිහිල්ලා අනෙක් මඟීන්ටත් හිරිහැරයක් වෙන්න ගත්තා. මගේ කැමරා කාචය ආවරණය කරන කවරය ඒ එක්කෙන්ක්ගේ කකුලේ වැඳී වීසි වෙලා ගියා. එවෙලේම මම වෙනත් මැදිරියකට ගියා.” යනුවෙන් ජපන් ජාතිකයෙකු තමන් මුහුණු දුන් අත්දැකීම විස්තර කරමින් සඳහන් කර තිබුණි.

මෙම සිදුවීම විවිධ කෝණයන්ගෙන් දකින පාර්ශව රැසක් තම අදහස් සයිබර් අවකාශය ඔස්සේ පළකොට තිබෙනු දැකගන්නට ලැබුණු අතර එක් කොට්ඨාසයක් එම පුද්ගලයින්ගේ හැසිරීම් රටාව විවේචනය කරන අතරවාරයේ තවත් පිරිසක් ජපන් ජාතිකයින් මීට වඩා නම්‍යශීලී විය යුතු බව සඳහන් කර තිබුණි.

ඊළඟට එන ඔලිම්පික් උළෙලේදීත් අපිට මෙහෙම එක රාමුවකට සීමා වෙලා ඉන්න වෙයි ද කියලා සැකයක් තියෙනවා. අනික මේක රග්බි ලෝක කුසලානය! හැමෝම එන්නේ තරග නරඹන ගමන් හොඳ විනෝදයෙන් කාලය ගෙවන්න. පොඩ්ඩක් ඔයලා මේ ගැනත් හිතන්න.” 

නිසල සකුරාව කසලින් තොරයි! ඔබේ කුණු ඔබම රැගෙන යන්න

twitter.com

තම කසල කළමනාකාරයන් නිසියාකාරව සිදු කරන, ලෝකයේ පිරිසිදුම රටවල් අතරින් එකක් ලෙස ජපානය නොපැකිළිව හැඳින්විය හැක. මිලියන 16කට අධික ජනගහනයක් වෙසෙන ටෝකියෝ නගරයේ එකදු අපද්‍රව්‍ය කැබැල්ලක් හෝ මහ මඟ දී දැක ගත නොහැකි අතර ඔවුන් ඒ පිළිබඳ අනුගමනය කරන විධිවිධාන නිසි අයුරින්ම ක්‍රියාවට නැංවීම මීට හේතුවයි.

පුදුමයට කාරණාවක් නම් බොහෝ රටවල පොදු ස්ථානයන් හි අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති කසල බඳුන් ටෝකියෝ නගරයේ දී දැක ගැනීමට නොහැකි වීමයි. ඔවුන්ගේ න්‍යායයන්ට අනුව යම් අයෙකු විසින් ඉවතලන දෑ සියල්ල ඔහුගේ හෝ ඇයගේ නිවසට රැගෙන ගොස් බැහැර කළ යුතුයි. මෙය ඇතැම් තරග නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන් හට නම් අලුත් අත්දැකීමක් වගේම තරමක අවුල්සහගත කාරණාවක්.

සුපිරි All Blacks ක්‍රීඩකයාගේ ගැටලුවට පිළියමක් සොයාගනී

ගෙවුණු කාලසමය පුරාවටම ප්‍රබල All Blacks

ටෝකියෝ නගරයේ ස්ථාපනය කර තිබෙන ප්‍රේක්ෂක කලාපයේ දී හමුවුනු අයර්ලන්ත ජාතික ප්‍රේක්ෂකයෙකු AFP මාධ්‍ය ජාලය සමඟ මේ පිළිබඳව තම අදහස් බෙදාහදාගෙන තිබුණා.

මෙච්චර පිරිසිදුවට සහ ලස්සනට මේ නගරය තියන් ඉන්නේ කොහොමද කියලා ඇත්තටම පුදුමත් හිතෙනවා! කසල බඳුනක් පෙනෙන තෙක් මායිමකවත් නැතුව කොහොමද මෙහෙම කරන්නේ කියලා මට නම් හිතා ගන්න බැහැ. අපි ගේන හැමදෙයක්ම ආයිත් ප්ලාස්ටික් බෑග් එකේ දාගෙන අරගෙන යන්න ඕනෑ.”

නමුත් මඟතොට දී ඔබට කුණු බැහැර කිරීමට අවශ්‍යතාවක් පැනනැඟුනොත් ඒ සඳහා විසදුමක් නැතුවා ද නොවේ. එනම් ටෝකියෝ නගරයේ සෑම මීටර් 100කට වරක්ම වාගේ හමුවෙන වෙළඳසැලකට ගොඩවුනොත් අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා තියෙන අපද්‍රව්‍ය බඳුන් ඕනෑ තරම් දැකගන්න පුළුවන්.

ජනතාව බහුලව ගැවසෙන පොදු ස්ථානවල දුම් පානය තහනම්. අහුවුනොත් දඩ!

twitter.com

ජපානයෙහි සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔබ දුම්පානයට ඇබ්බැහි වූ අයෙක් නම් මෙය එතරම් සුභදායී ආරංචියක් නොවනු ඇත. මන්දයත් ජපානය යනු ලෝකයේ සංවර්ධිත රටවල් අතලොස්ස අතරින් දුම්බීම දැඩි ලෙස පිළිකුල් කරන ජනතාවක් සිටින රාජ්‍යයන් අතරින් එකක් වීමයි. අතරින් පතර කිහිප දෙනෙකු දුලභව දැක ගැනීමට හැකි වූවත් ආපනශාලා, සාප්පු සංකීර්ණ වැනි පොදු ජනතාව බහුලව ගැවසෙන ස්ථානයන්හී දුම්පානය කිරීම ඉතාමත් කලාතුරකින් සිදුවන්නක්.

මෙවැනි පසුබිමක් සකසාලීම උදෙසා එරට රජය දුම්පානය කරන්නන්ට එරෙහිව දැඩි නීති රාමුවක් යටතේ කටයුතු කරන අතර එම නිසාවෙන්ම එරට සිගරට් ඇතුළු ශරීරයට අහිතකර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා පෙලඹෙන පිරිසෙහි කැපී පෙනෙන අඩුවීමක් මෑත කලය තුල දී දක්නට ලැබෙන බවට සමීක්ෂණ වාර්තා මඟින් ද සනාථ කොට ඇත.

ටෝකියෝ අගනුවර බොහෝ වීදි සහ මහ මාර්ග දුම්පානයෙන් තොර කලාපයන් ලෙස නම් කොට ඇති අතර අණ නොතකමින් එසේ සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සංඥා පුවරු මාර්ගයෙන් අනතුරු ඇඟවීමට ද බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

එම නිසාවෙන් බොහෝ දුම්පානය කරන්නන් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයන් මඟ හරමින් තරමක් සැඟවුනු,එතරම් ඇස නොගැටෙන ස්ථානයන් සොයා යාම සුලභව සිදු කරයි.

ජපන් වික්‍රමය සමාජ මාධ්‍ය ජාලා කලඹයි

රග්බි ලෝකයේ පතාක යෝධයෙකු දහස් සංඛ්‍යාත වූ තම ප්‍රේක්ෂක ජනයා ඉදිරියේ දණින් වැට්ටූ ජපන් කණ්ඩායම

මෙවර රග්බි ලෝක කුසලානය සඳහා නන් දෙසින් ජපානය වෙත පැමිණ සිටින විදෙස් සංචාරකයින් හට මෙම නීතිය තරමක් හිසරදයක් වී ඇති බව පෙනී යන්නේ ඔවුන්ගෙන් කළ මත විමසීම්වල දී, ප්‍රසිද්ධියේම ඉහත සඳහන් කළ නීති පද්ධතිය තමන් කඩ කළ බවට පාපොච්චාරණය කර ඇති නිසාවෙනි.

එසේ තම අදහස් ඉදිරිපත් කළ අය අතරින් 48 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන මාර්ක් ක්ලිෆර්ඩ් සඳහන් කර සිටියේ ගෙවුණු දින කිහිපය පුරාවටම තමන් ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක දී ම දුම්පානය කළ බවටයි.

මේක ලෝක කුසලාන තරගාවලියක්. ගොඩක් විදේශිකයෝ එනවා තරග නරඹන්න. ඔවුන්ට සිදු වෙනවා ඉදිරි දින කිහිපයේ දී පොඩ්ඩක් මේක විඳ දරාගෙන ඉන්න. විශේෂයෙන්ම ඒගොල්ලන්ට ඕන නම් ජපානය ගැන හොඳ ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයට ගෙනියන්න.”

ඖෂධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ පවතින දැඩි නීති රෙගුලාසි

හුදෙක් විනෝදාස්වාදය සඳහාම පමණක් භාවිතා කරනු ලබන මත්පෙති ඇතුළු කොට ගෙන ඇති මත්ද්‍රව්‍ය බොහොමයක් ජපන් රජය විසින් එරටට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එසේ සිදු කරන්නන් හට අකුරටම නීතිය ක්‍රියාත්මක කරමින් දැඩි දඬුවම් පැමිණවීමට ඔවුන් නොපැකිලව කටයුතු කරන බව ද විශේෂයෙන් සඳහන් කොට තිබේ.

ඇතැම් රටවල් ඖෂධීය වටිනාකමින් යුත් මරිජුවානා වැනි මත්කාරක සඳහා තරමක ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත් ජපන් රජය කිසිදු අවස්ථාවක දී තම නීති මාලාවන් වෙනස් නොකරන බවට දැඩි ස්ථාවරයක පසුවේ.

මේ දක්වා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී ඇති සිද්ධීන් සංඛ්‍යාව ඉතාමත් අවම මට්ටමක පැවතියත් පසුගිය සතියේ ටෝකියෝ අගනුවර දී අයර්ලන්ත ජාතික රග්බිලෝලීන් දෙදෙනෙකු හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය පියවර ගෙන තිබුණි.

වේල්ස් ගිනිසිළුවෙන් ඕස්ට්‍රේලියාව දැවී යයි

ජපානය කේන්ද්‍රකර ගනිමින් මේ දිනවල ක්‍රියාත්මක වන 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ

මීට අමතරව විවිධ ලෙඩ රෝග සහ ආසාත්මිකතාවන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා වේදනා නාෂක ඖෂධ මෙන්ම ශ්වසන අපහසුතා මඟහැරීම සඳහා භාවිතා කරන Vicks ශ්වාසකාරක වැනිදා ද එරටට ගෙන ඒම නීතියෙන් සීමා කොට තිබෙන අතර වෛද්‍යවරුන් විසින් නිර්දේශ කොට තිබෙන ඖෂධ වට්ටෝරු සඳහා ද විශේෂ බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වේ.

මෙවැනි නීතීමය ක්‍රියා මාර්ගයන් බලාත්මක කිරීමට ප්‍රධාන වශයෙන්ම හේතුපාදක වී තිබෙන්නේ 2015 වසරේ දී Toyota සමාගමේ සේවය කළ විධායක නිළධාරිවරයෙකු දණහිසේ වේදනාව සමනය කිරීම සඳහා භාවිත කරන Oxycodone නැමැති ඖෂධය නීති විරෝධීව එරටට ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු වීමේ සිදුවීම් මාලාව නිසාවෙනි.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට මත්තෙන් ටෝකියෝ හී පිහිටා තිබෙන බ්‍රිතාන්‍යය තානාපති කාර්යාලය විසින් මේ පිළිබඳ පෙර දැනුවත් කිරීමේ වීඩියෝ පට කිහිපයක්ම තරග නැරඹීම සඳහා පැමිණෙන බ්‍රිතාන්‍යය ජාතිකයන් හට නරඹන්නට ඉඩසලස්වා තිබුණි.

හොර බඩු ජාවාරමේ කියලා චූදිතයෙකු වෙලා ඔබට හිරේ විලංගුවේ වැටෙන්න ඕන ද? එහෙනම් ඔබේ නාසික ඉසිනය (Nasal Spray) මතක ඇතිව අරන් එන්න” යනුවෙන් එක් විදේශියෙකු උපහාසයට මෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළකොට තිබුණි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<