වෙනස් මුහුණුවරකින් අවසන් සටනට සැරසෙන දකුණු අප්‍රිකානුවන්

82

දකුණු අප්‍රිකානුවන් තරග සැලසුම් සකස් කිරීමේ දී මෙන්ම ඒවා ක්‍රියාවට නැංවීමේ දී ද ඔවුන්ට ආවේණික වූ ආක්‍රමණශීලී තරග රටාවෙන් බැහැරව තරමක් වෙනස් මඟක් ගෙන තිබීම ගැන මේ වන බොහෝ ක්‍රීඩා විචාරකයින්ගේ ද අවධානයට පාත්‍ර වී තිබෙන්නේ, එංගලන්තයට එරෙහිව මෙම සති අන්තයේ දී ක්‍රියාත්මක වීමට නියමිත අවසන් මහා තරගයේ තීරණය සඳහා එය ඍජු බලපෑමක් එල්ල කරන නිසාවෙනි.

ඕක් බ්ලැක්ස් පරාජය හා රිචී මැකෝගේ ශාපය

2011, 2015 ලෝක කුසලාන ශූරයන් වෙමින් 2015 සිට ……

කෙසේ නමුත් ආරක්ෂක වළල්ල සවිමත් කිරීමෙන් පමණක් එංගලන්තය වැනි ජවසම්පන්න කණ්ඩායමක් පරාජයට පත්කළ නොහැකි නිසාවෙන් Cheslin Kolbe සහ Makazole Mapimpi වැනි ප්‍රවේගකාරී යොවුන් ක්‍රීඩකයින්ගේ සම්පූර්ණ සහය ද මේ සඳහා ලබා ගැනීමට අත්‍යාවශ්‍ය බව ඊයේ (29) පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමින් කරුණු පැහැදිලි කළ දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු Rassie Erasmus මහතා සඳහන් කර සිටියේය.

“කාටහරි අවබෝධයක් තියෙනවා නම් මීට අවුරුදු කීපයකට කලින් කණ්ඩායමක් විදියට Springboksලා හිටපු තත්වය සහ දක්වපු දක්ෂතා පිළිබඳව මම නම් හිතන්නේ ඇත්තටම ඒ අයට දැන් සතුටු වෙන්න පුළුවන් අද අපි ළඟා කරගෙන තියෙන දේවල් දිහා බලද්දි. ගමනාන්තයේ අවසානය සුන්දර වුනාට අපිට මේ තැනට එන්න සැහෙන්න කැප කිරීමක් කරන්න සිද්ධ වුනා.”

“අපේ අරමුණ වුනේ අවුරුදු 10කට විතර උඩ දී Springboks කියන ඒ නාමය ලෝක රග්බි පිටියේ ගොඩනඟා ගෙන තිබුණු ආධිපත්‍යය නැවත වතාවක් කරළියට ගෙන එන එක,  ඒ සැලසුමේ එක මූලික පියවරක් තමයි ශ්‍රේණිගත කිරීම්වල ඉහළම කණ්ඩායම් දෙක අතරට හැකිතාක් ඉක්මනින් ළඟා වීම කියන්නේ.”

“ඒකත් එක රැයකින් ළඟා කරගන්න පුළුවන් හිතන තරම් පහසු කර්තව්‍යයක් නෙමෙයි. ක්‍රමානුකූලව, නිවැරදි ක්‍රියාපටිපාටියකට අනුව කටයුතු කරන එක වගේම දත්ත සහ තොරතුරු  විශ්ලේෂණය කරලා ඒවා පදනම් කරගෙන ගන්න තීරණවල එකතුවක් තමයි අවසානයේ දී සාර්ථකත්ව සඳහා බලපාන්නේ.”

ලෝක ශූරයින්ට මෙල්ල නොවුණු හිරු නොබසින අධිරාජ්‍යයේ විස්කම්!

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඔබ අප කවුරුත් …….

ලෝක කුසලාන තරගාවලියට මත්තෙන් සහභාගී වූ රග්බි ශූරතාවලියේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් පෙන්නුම් කළ සටන්කාමි මානසිකත්වයට කුමක් සිදු වූවේ දැයි යන්න පිළිබඳ මාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු ලබා දුන් Erasmus,

“එල්ල වෙන සමහරක් විවේචන ගැන කල්පනා කරලා බැලුවොත් ඒවාගේ යම් සත්‍යතාවක් නැතුවා නෙමේ. අපි  අනිවාර්යයෙන්ම පිළිගන්නවා තවත් දියුණු කරගන්න ඕන අංශ කිහිපයක්ම අපේ තරග රටාව තුල තියෙනවා. අපි හැම වෙලාවෙම උත්සහ කරනවා ඒ දේවල්වලට වැඩි අවධානයක් යොමු කරලා අඩුපාඩු හැකි පමණන් සකස් කරගන්න.”

“මම කලින් සඳහන් කළා වගේ ඒ හැම විවේචනයක්ම අපි සතුටින් භාර ගන්නවා. නමුත් අද අපි ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කරන්න සුදුස්සන් බවට පත්වෙලා තියෙනවා. ඇත්තටම බැලුවොත් ඒක තමයි හැමෝම බලාපොරොත්තු වෙන අවසන් ප්‍රතිඵලය.”

කණ්ඩායම් සංයුතියේ කිසියම් වෙනසක් සිදු කිරීමේ අවකාශයක් පවතින්නේ ද යන්න පිළිබඳ කරුණු පැහැදිලි කළ Erasmus පවසා සිටියේ, සංචිතයේ මේ වන විට නම් කොට තිබෙන ක්‍රීඩකයින් 32දෙනාම ලද ඕනෑම අවස්ථාවක දී තරග කිරීමේ හොඳ සූදානමකින් පසුවන බවයි.

“කලින් තරගය ක්‍රීඩා කරපු ක්‍රීඩක ලැයිස්තුවේ ලොකු වෙනසක් කරන්න අපි අපේක්ෂා කරන්නේ නැහැ මොකද මම විශ්වාස කරනවා ඒ විදියට ක්‍රීඩකයින් කෙරෙහි විශ්වාසය තැබුවොත් තමයි එයාලගෙත් ආත්ම විශ්වාසය වැඩි වෙලා උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්න පුළුවන්.”

අවසන් සටනට බකිංහැම් මාලිගයෙනුත් අමුත්තන්

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ……..

“අවස්ථානුකූලව සහ උපායමාර්ගිකව ක්‍රීඩකයින් යොදා ගැනීමේ දී වෙනස්කම් කළ යුතු අවස්ථාවන් ඒවී, නමුත් සමස්තයක් විදියට ගත්තම දැන් ඉන්න කණ්ඩායම පෙන්නලා තියෙන දක්ෂතා ප්‍රමාණවත් එයාලගේ සේවය තවදුරටත් ලබා ගන්න.”

ලොවක් නෙත් යොමා බලා සිටින මෙම සුවිශේෂී අවසන් මහා තරගය සඳහා කණ්ඩායමේ යම් කැපී පෙනෙන වෙනසක් සිදු කරමින් ප්‍රතිවාදීන් පුදුම කිරීමේ රහසිගත සැලැස්මක් ඇති දැයි ඇසූ පැනයට සිනහා මුසු මුහුණින් පිළිතුරු දුන් ඒ මහතා සඳහන් කළේ ආබාධයක් නිසාවෙන් පසුගිය සති අන්තයේ දී ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟහැරී ගිය ප්‍රබලයෙකුගේ යලි ආගමනයක් පමණක් එදිනට අපේක්ෂා කළ හැකි බවයි.

“නැහැ නැහැ එහෙම කාවවත් රවට්ටන්න උවමනාවක් නැහැ. තරගය දවසේ ක්‍රීඩා කරන 23දෙනා අතරට නැවත වතාවක් Cheslin Kolbe ඇතුළත් වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා.”

“දවස් හයක් ඇතුළත තියෙන පුහුණුවීම් සැසිවාර දෙකකින් අපිට ප්‍රාතිහාර්ය පාන්න බැහැ. අපි මේ දක්වා ක්‍රීඩා කරපු විදිය හැමෝම දකින්න ඇති නේ. ඉතනින් එහාට ගිහින් ලොකු වෙනස්කම් කරන්න බලාපොරොත්තුවක් නැහැ වගේම කාලයකුත් නැහැ.”

Red Roses සමඟ හැප්පෙන්ට Springboks අවසන් සටනට!

දහස් සංඛ්‍යාත වේල්ස් ක්‍රීඩාලෝලීන්ගේ අවසන් මහා ……….

All Blacks කණ්ඩායමේ ආක්‍රමණශීලී තරග රටාව පිළිබඳ මනා අවබෝධයකින් යුතුව අවසන් පූර්ව වටයේ තරඟය සඳහා පැමිණි එංගලන්ත ක්‍රීඩකයින් එහි දී නවසීලන්තය හට සිතු සේ ක්‍රීඩා කිරීමේ නිදහස අහුරාලමින් ආරක්ෂක වැට තර කිරීමට ගත් පියවර තරගයේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට බලපෑ බව ද සඳහන් කළ Erasmus මහතා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩා කෞශල්‍යය ඇඟයීමට ද අමතක නොකළේය.

“අපි පහුගිය අවුරුදු 2ක කාලසීමාවේ දී එංගලන්තයට එරෙහිව තරග 4ක් ක්‍රීඩා කරලා තියෙනවා. තරග 2ක් අපි දිනලා තියෙනවා, 2ක් එයලා ජයග්‍රහණය කරල තියෙනවා. කණ්ඩයම් දෙකේම විශාල දියුණුවක් පහුගිය කාලපරිච්ඡේදයේ දී දැකගන්නට පුළුවන්.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<