ශ්‍රී ලංකා පාපන්දුවේ නිල පන්දු සපයන්නාට අලුත් සන්නාමයක්

126

NIVIA Football, ඉන්දියාවේ ප්‍රධානතම ක්‍රීඩා භාණ්ඩ වෙළඳ සන්නාමයක් වන අතර ඔවුන් ශ්‍රී ලංකා පාපන්දුවට පණ දීමේ අරමුණින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. (Memorandum of Understanding) ඒ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිල පාපන්දු සපයන්නා මෙන්ම පාපන්දු නිවහන සංවිධානය කරන ඇතැම් තරගාවලි වල නිල පන්දු සපයන්නා ලෙස ද NIVIA කටයුතු කරනු ඇත.

2019 Vantage FA කුසලානයට වාර්තාගත සහභාගීත්වයක්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දීර්ඝතම ඉතිහාසයට හිමිකම් කියන FA කුසලාන….

ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, Freewill Sports පෞද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍ය කළමනාකරු කිෂෝර් තාපර්, එම සමාගමේම අපනයන ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුරාබ් ගුප්තා සහ කොළඹ ක්‍රීඩා සමාගමේ සභාපති මිල්රෝයි පෙරේරා යන මහත්වරුන් මේ පිළිබඳ වූ ගිවිසුම් අත්සන් කිරීමට එක් විය.

ගිවිසුමට අනුව NIVIA, ශ්‍රී ලංකා පිරිමි පාපන්දු කණ්ඩායම, කාන්තා පාපන්දු කණ්ඩායම, වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම, ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩය, ප්‍රිමියර් ලීග් දෙවන කාණ්ඩය යන කණ්ඩායම් හා තරගාවලිවල නිල පන්දු සපයන්නා ලෙස වසර දෙකක් කටයුතු කරනු ඇත.   

1934 දී ඇරඹුණු NIVIA ඉන්දියාවේ ප්‍රධානතම ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදකයෙකු වන අතර ඔවුන්ගේ මව් සමාගම Freewill Sports පෞද්ගලික සමාගමයි. මලල ක්‍රීඩා උපකරණ, පාපන්දු, ක්‍රිකට්, හොකි, බැඩ්මින්ටන්, පැසිපන්දු මෙන්ම ටෙනිස් ක්‍රීඩාවන්ට අදාළ උපකරණ ද එම සමඟම විසින් නිපදවනු ලබයි.

2000 වසරේ මුල් භාගයේ NIVIA සිය පාපන්දුව සඳහා FIFA සහතිකය දිනා ගත් අතර ඔවුන්ගේ ‘Ashtang’ හා ‘Antrix’ පාපන්දු FIFA Quality PRO තරග පාපන්දු ලෙස සහතික දිනා ඇත. මේ පන්දු දෙකම පේටන්ට් සහතිකය දින ඇත්තේ ඒවාටම අනන්‍ය වූ ගති ලක්ෂණ හා නිර්මාණය හේතුවෙනි.

පාපන්දු සභාපතිට චෝදනා ගොන්නක්

ශ්‍රී ලංකා පාපන්දු මුල් පුටු කලඹමින් කලාපීය පාපන්දු කමිටුවේ සභාපති……

“දීර්ඝ ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ කොටස්කරුවෙකු වන්නට ලැබීම ගැන අපි ඉතා සතුටුයි, ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට ගොඩක් දුර යන්න පුළුවන්, එකට මූලික මට්ටමේ සිටම උදව් කිරීම තමයි අපේ අපේක්ෂාව, ඒකට ක්‍රීඩකයින්ගේ ජාත්‍යන්තර ක්‍රීඩකයින් වීමට සිහිනය වගේම ඉලක්කයත් අවශ්‍යයි” කිෂෝර් තපාර් මහතා පවසා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමඟ අත්වැල් බැඳ ගැනීම පිළිබඳ NIVIA ඉතා ආඩම්බර වන බවත් පාර්ශව දෙකේම ඉලක්කයන් සපුරා ගැනීමට පාර්ශව දෙකම මහන්සි වන බවත්ය.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසි සිටියේ,

”අපි බොහොම සතුටුයි NIVIA වැනි ප්‍රසිද්ධ සන්නාමයක් අපේ ජාතික කණ්ඩායමේ හා තවත් තරගාවලි දෙකක පන්දු සපයන්නා බවට පත් වීම පිළිබඳව, අපි Freewill Sports ආයතනය ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ උන්නතියට ලබා දෙන දායකත්වයට”

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<