නිපුන් සුමනසිංහ ලකුණු 1000 සීමාව පසු කරයි

430
Nipun Samarasinghe

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රහාරාත්මක වමත් පිතිකරු නිපුන් සුමනසිංහ ඊයේ (18) කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එදිරිව සාන්ත ජෝසප් පිටියේ දී ලබා ගත් සුපිරි ශතකයත් සමඟින් 2016/17 තරග වාරයේ ලකුණු 1000 සීමාව පසු කල පළමු ක්‍රීඩකයා වීමට අවස්ථාව උදා කර ගත්තේය.

රනිල් අබේනායක කුසලානය තොමසුවන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂයින් සොයා යන සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් අද (18) අවසන් වූයේ කැලණිය ගුරුකුල විද්‍යාලයට හා කොළඹ නාලන්ද විද්‍යාලයට ජයග්‍රහණ හිමි කර දෙමිනි.

සාන්ත ජෝසප් විද්‍යාලයේ අංක 3 ක්‍රීඩකයා ලෙස පිටියට පැමිණි සුමනසිංහ පන්දු 141කට මුහුණ දෙමින් සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉනිමේ ලකුණු පුවරුවට ලකුණු 114ක් එක් කිරීමට ඊයේ (18) සමත් වූ අතර එම වර්ණවත් ඉනිමට 4 පහර 16ක් එල්ල කිරීමට ඔහුට හැකි විය. එම තරගය ආරම්භ වන විට ඔහු ලකුණු 957ක් ලබාගෙන සිටියේය. මෙම දක්ෂ ක්‍රීඩකයා මෙම තරග වාරයේ දී  මේ වන විට තරග 18කට සහභාගි වී ඉනිම් 25කදී ලකුණු 1071ක් ලබාගෙන ඇති අතර, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 46.56ක් වැනි ඉහල මට්ටමක් වාර්තා කර ඇත. තවද එම ලකුණු වාර්තා අතරට නොදැවුනු ඉනිම් දෙකක් ද අන්තර්ගත වී ඇත.

යාපනය සාන්ත පැට්‍රික්, ගාල්ල මහින්ද, ගල්කිස්ස සාන්ත තෝමස්, ගම්පහ බණ්ඩාරනායක හා කොළඹ වෙස්ලි විද්‍යාල වලට එදිරිව අර්ධ ශතක 5ක් ලබා ගැනීමට සුමනසිංහ සමත්ව ඇති අතර, ඊයේ ලබා ගත් ශතකයට අමතරව තවත් විශිෂ්ට ශතක දෙකක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට (122) හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට (158) එරෙහිව වාර්තා කිරීමට ඔහු සමත් වී ඇත.

මම ඉතාමත්ම සතුටට පත්වෙනවා මගේ සාර්ථකත්වය පිළිබඳව, මට මෙවන් තත්වයකට ඒමට නොයෙක් අයුරින් සහය ලබා දුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වන අතර, මෙම දක්ෂතාවය ඉදිරි තරගවල දීත් දිගින් දිගටම පවත්වා ගෙන යාමට මා බලාපොරොත්තු වනවා” යැයි නිපුන් සුමනසිංහ ThePapare.com වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලයේ 2008/09 සමයේ නායකත්වය දැරූ ශමීර් වීරසිංහට පසුව මෙම දස්කම දැක්වූ පළමු සාන්ත ජෝසප් පිතිකරුවා වීමට ද සුමනසිංහ සමත්ව ඇත.

තුන් ඉරියව් අංශයෙන්ම දස්කම් දක්වන සුපිරි තරුවක් වන මොහු ලබන මාර්තු මස 3 හා 4 දෙ දින සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර  පැවැත් වීමට නියමිතව ඇති 83 වැනි සාන්තුවරයන්ගේ සටනේ දී සාන්ත ජෝසප් විද්‍යාලයට ඉතා වැදගත් වන සාධකයක් වන බව නොඅනුමානයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට