සභාපතිගේ කණ්ඩායමේ වගකීම් නිපුන් කරුණානායකට

2015
Nipun Karunanayake to lead Sri Lanka President’s XI

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයේ නායක නිපුන් කරුණානායක එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත තුන් දින පුහුණු තරගය සඳහා නායකයා වශයෙන් තෝරා පත් කරගෙන ඇත. ඒ ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම වෙනුවෙනි. මොරටුවේ පැවැත්වෙන පුහුණු තරගය හෙටින් (12) ආරම්භ වීමට නියමිතයි.

අසේලගේ ශතකය නිසා ශ්‍රී ලංකාවට ගෞරවාන්විත පරාජයක්

දකුණු අප්‍රිකානු සංචාරය නිමා කරමින් ඊයේ (10) සෙන්චූරියන් හිදී පැවති අවසන් එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකාවට උරුම වූයේ ලකුණු 88ක පරාජයකි.

13 දෙනෙකෙුගෙන් යුතු සංචිතයේ අන්තර් ජාතික ක්‍රිකට් තරග නියෝජන කල ක්‍රීඩකයෙකු ලෙස සිටින්නේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක තරිදු කෞෂාල් පමණි. කෞෂාල් අන්තර්ජාතික තරග පිටියෙන් ඈත්ව සිටියේ 2015 වර්ෂයේ දී ඔහුගේ “දුශ්‍රා” පන්දුව නීත්‍යනුකූල නොවන බවට ICC ය විසින් නිවේදනය කිරීමත් සමඟයි. වමත් ක්‍රීඩක කරුණානායක මේ දිනවල පැවැත්වෙන ප්‍රිමියර් ලීග් A කාණ්ඩයේ තරගාවලියේ ඉහල ලකුණු රැස් කල ක්‍රීඩකයා ලෙස පසුවන්නේ තරග 9ක් තුල ශතක 3ක්, අර්ධ ශතක 4ක් සමඟින් මුලු ලකුණු 926ක් වාර්තා කරමිනි.

තරග 9කදී ලකුණු 837ක් වාර්තා කල කොළඹ ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත සහ ප්‍රිමියර් ලීග් B කාණ්ඩයේ තරගාවලියේ ඉහල ලකුණු රැස් කල ක්‍රීඩකයා  කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජ ක්‍රීඩක හෂාන් ප්‍රභාත් යන ක්‍රීඩකයින් දෙදෙනා ද සංචිතයට කැඳවා ඇත.

යුධ හමුදා ක්‍රීඩක ලියෝ ෆ්‍රැන්සිස්කෝ සහ හිටපු ශ්‍රී ලංකා 19න් පහල ක්‍රීඩක ඩිලාන් ජයලත් කඩුලු රකින්නන් ලෙස සංචිතයට එක් කර ඇති අතර නිත්‍ය ක්‍රීඩකයින් වන විමුක්ති පෙරේරා, කසුන් මධුෂංක, නිසල තාරක සහ අසිත ප්‍රනාන්දු ද යන සිව්දෙනාද සංචිතයට ඇතුළත් කර ඇත.

දේශීය තරග බිමේ මේ වන විට තරග 9කදී කඩුලු 77ක් දවාගෙන සිටින හලාවත මේරියන්ස් කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර කෞෂාල් සමඟින් දඟපන්දුවට හිතකර මතුපිටක් සහිත ද සොයිසා ක්‍රීඩා පිටියේ දී තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා සභාපති XI සංචිතය: නිපුන් කරුණානායක (බ්ලූම්ෆීල්ඩ්), ඉරෝෂ් සමරසූරිය (සැරසන්ස්), හෂාන් දුමින්දු (කෝල්ට්ස්), ඩිලාන් ජයලත් (SSC), හෂාන් ප්‍රභාත් (කුරුණෑගල යූත්), ලියෝ ෆ්‍රැන්සිස්කෝ (යුධ හමුදාව), රොන් චන්ද්‍රගුප්ත (CCC), කසුන් මදුෂංක (SSC), අසිත ප්‍රනාන්දු (හලාවත මේරියන්ස්), විමුක්ති පෙරේරා (SSC), නිසල තාරක (කෝල්ට්ස්), මලින්ද පුෂ්පකුමාර (හලාවත මේරියන්ස්), තරින්දු කෞෂාල් (NCC)

නිළදාරීන්: ජෙරී වොල්ටර්ස් – කණ්ඩායම් කළමනාකරු, ප්‍රධාන පුහුණුකරු – සුමිත්‍ර වර්ණකුලසූරිය, වේගපන්දු පුහුණුකරු – චමින්ද වාස්, දඟපන්දු පුහුණුකරු – පියල් විජේතුංග, පන්දු රැකීමේ පුහුණුකරු – උපුල් චන්දන, භෞත චිකිත්සක – ප්‍රියන්ත වික්‍රමසිංහ, පුහුණුකරු – දර්ශණ වීරසිංහ, විශ්ලේෂක – දුලිප් සමරසේකර

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න ක්‍රිකට් ක්‍රීඩා පිටුවට