CR පුහුණුකරු ඉල්ලා අස්වේ

717

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී ප්‍රබල CR&FC කණ්ඩායම නොසිතූ ලෙස අසාර්ථක වීමත් සමඟ CR ප්‍රධාන පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහිම් මහතා එම ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මේ වන විට ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ක්‍රියාත්මක වන අතර පසුගිය සතියේ දී ඔවුන්ට CH&FC ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 33-10ක දරුණු පරාජයකට මුහුණ දීමට සිදු විය.

රග්බි වසන්තය පිළිගන්නට අපි සූදානම්; ඔබ?

ජාත්‍යන්තර රග්බි පිටියට මෙන්ම රග්බි ප්‍රේක්ෂකයින්ට ද වසන්තය උදා කරමින් …

CR&FC කණ්ඩායම මෙවර තරග වාරයේ පළමු වටයේ පළමු තරග කිහිපයේ දී ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ නමුත් එතැන් සිට ඔවුන් දිගින් දිගටම පරාජය වීම පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහිම්ගේ මේ තීරණයට හේතුව බව වාර්තා වේ. පළමු වටය අවසානයේ තෙවැනි ස්ථානයේ සිටි ඔවුන් දෙවන වටයේ දී පොලිස් හා CH&FC හමුවේ පරාජය වූ අතර යුධ හමුදා කණ්ඩායම හමුවේ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඔහු (ඊබ්‍රහිම් මහතා) ඔහුගේ ඉල්ලා අස්වීම ලබා දුන්නා, අපි එය භාර ගත්තා, තරගාවලියේ ඉදිරි තරග සඳහා මොහොමඩ් මුෂ්තාක් මහතා පුහුණුකරු ලෙස කටයුතු කරයි” යැයි CR&FC ක්‍රීඩා සමාජයේ ඉහළ නිලධාරියෙකු වන ජීවන් ගුණතිලක මහතා ThePapare.com හමුවේ අදහස් පල කළා.

ආසියානු රග්බි සැණකෙළිය නැවතත් ශ්‍රී ලංකාවේ දී

2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියරේ ….

ඒ අනුව නව ප්‍රධාන පුහුණුකරුවෙකු නම් කරන තුරු, ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළ මුෂ්තාක් මහතා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත. පවිත්‍ර ප්‍රනාන්දු මහතා හා අනුරංග වල්පොල මහතා දිගටම කණ්ඩායමේ කළමනාකරු හා ඉදිරිපෙළ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.  

මේ අර්බුද සියල්ල මධ්‍යයේ CR&FC ක්‍රීඩා සමාජය ලබන සති අන්තයේ දී ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ තරග කිරීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<