දිගුදුරෙන් ජාත්‍යන්තරය උඩු යටිකුරු කළ රුවන්පුරේ “නිලානි”

594

යුරෝපයේ නම් මලල ක්‍රීඩකයෙකු යැයි කතාබහ කළ සැණින් සිහිවන්නේ ඉස්තරම් ගණයේ ජර්සියක් පැලඳ, එයට ගැළපෙන බොටමක් ද සමඟින් දෙකන රුවා ඇති සුපිරි ගණයේ හෙඩ්ෆෝන් එකකින් හා ක්‍රීඩා අත් ඔරලෝසුවකින් සැදුම්ලත් අයෙකි.

තුන් පිම්මට උපන් හපන් “ලොක්කී” සහ “පොඩ්ඩි”

එක මව් කුසින් මෙලොව එළිය දුටු, බොහෝ අවස්ථාවල දී හැඩරුවින් එක සමාන බිලිඳුන් නිවුන්නු…

නමුත් ආසියාකරයේ නම් කතාව ටිකක් වෙනස්. දහඩිය මහන්සියෙන් උපයන මුදලින් අනේක විද වියදම්වලට ද කොටසක් වෙන්කරමින්, ඉතිරි වන්නා වූ සොච්චමින්, අවම පහසුකම් මතින් ධාවන පථයට අඩිය තබනා පුද්ගලයින් ආසියාවෙන් හමුවීම ඒ වෙනසයි. එය ශ්‍රී ලංකාවට කියා ආවේණික නොවේ. ඉන්දියාව, පාකිස්තානය ඇතුළු තවත් ආසියාවේ රටවල් රැසක තත්වය එසේයි.

මේ ලිපිය වෙන්වන්නේ තවත් එවන් වූ දිරිය ක්‍රීඩිකාවකගේ ජීවිත කතාව වෙනුවෙනි. ඇගේ නම නිලානි රත්නායක.

ප්‍රශ්නය – නිලානි ඔයාගේ සම්පූර්ණ නම?

නිලානි රත්නායක

ඇය පිළිසඳරට ප්‍රවේශයක් ගත්තා. සිනහවේ තිබුණු අව්‍යාජත්වය හා සරල බව කතාබහේ රසවත් බව තවත් ඉහළ නැංවීමට සමත් වුනා.

ප්‍රශ්නය – ඔයාගේ තරග ඉසව් ගැන කිව්වොත්?

මගේ Main Event එක 3000 බාධක දිවීම, ඒ ඇරුණම මීටර් 1500, මීටර් 5000 ඉසව් සඳහාත් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.

ඉන්දුනීසියාවේ පැවති ආසියානු තරගාවලියට පෙර තෝරා ගැනීමේ තරගාවලිය අතරතුර දී

ප්‍රශ්නයපවුලේ අය ගැන?

නංගිලා දෙන්නයි, අම්මයි, තාත්තයි. ඒ ගොල්ලො තමා මගේ හයිය. අපේ ගෙදරට ජිවත් වෙන්න පුළුවන් තරමේ පුංචි තේ වත්තක් තිබුණා. අම්මා තමා ඒකේ තේ දළු කඩන්නේ.

ප්‍රශ්නයඔයාගේ පුංචි කාලේ ගැන මතක් කළොත්?

පුංචි කාලේ නම් 1 වසරේ, 2 වසරේ ඉඳන් 8 වසර වෙනකල් බඹරගොටුව විද්‍යාලය කියන ගමේ ඉස්කෝලේට තමයි ගියේ, එහේදි තමා මලල ක්‍රීඩාව කරන්න පටන් ගත්තේ. නාලක සර් තමා මුලින්ම training කළේ. ඊට පස්සේ ක්‍රීඩා ශිෂ්‍යත්වයක් හම්බෙලා මං රත්නපුර සුමන බාලිකාවට ආවා. මගේ උවමනාවෙන් නෙමෙයි ඇත්තටම අම්මා තමා එක්කන් ගියේ මාව 2003 දී. පාලිත සර් 2010 වෙනකල්ම මාව training කළා.

නිලානි පාසල් කාලයේ දී

ඊට පස්සේ මොකද වුණේ?

මං 2011 දී ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුණා, හැබැයි ආවේ දුවන්න නෙමෙයි, මාස 6ක පුහුණුව අවසන් කරලා, සාමාන්‍ය ලිපිකාරිණියක් විදිහට තමයි මම රැකියාව පටන් ගත්තේ,

ප්‍රශ්නය – එතකොට නිලානි යුධ හමුදාවේ දී දිව්වේ නැද්ද?

මෙහෙමයි, මාව Army සංචිතයට ගත්තේ මැඩම් නදීකා, එයා තමා අපේ ඉස්කෝලෙට කතා කරලා පද්මා මිස්ට (හිටපු කවපෙත්ත ජාතික වාර්තාව හිමි – පද්මා එන්. විජේසුන්දර) කියලා මංජුල සර් එක්ක එකතු වෙලා තමයි මාව ගත්තේ.

ප්‍රශ්නය – නිලානි මුලින්ම දුවන්න පුළුවන් කියලා අඳුන ගත්තේ?

ම්ම්. පොඩි ඉස්කෝලේ ඉද්දී, ඉස්සර ඉඳන් ඉතින් ගමේ එහෙ මෙහෙ දුවනවා ඉතින්, මං මුලින්ම මීටර් 100 තමා දිව්වේ, මට වඩා හොඳට දුවන අය හිටියා, එ්ත් රේස් එක ඉවර කරපු වෙලේ ඉඳන් මං 1 වෙනියා. බඹරකොටුව මහා විද්‍යාලයේ දී තමා 11න් පහළ දිව්වේ.

වමේ කෙළවර සිට දෙවැන්නා නිමාලි.

ප්‍රශ්නය – ජීවිතයේ දී වැඩියෙන්ම දුක හිතුණ දවස මතක ද?

විද්‍යාපීඨයට Select වෙන්න බැරි වුන දවස, එදා නම් ගොඩක්ම දුක හිතුණා. යන්නම බැරි වුනා. කලකිරිලා තමා ආයේ දුවන් නෑ කියලා හිතුවා මං. ඊට පස්සේ තමයි යුධ හමුදාවට ආවේ. ඒ 2011 අවුරුද්දෙ දි.

ප්‍රශ්නය – ජීවිතයේ අමතක නොවන මතක එහෙම

පොඩි කාලේ තාත්තා මට පොල්ලක් කැඩෙන කල් ගැහුවා හොරෙන් යාළුවෙක්ගේ ගෙදර ගිහින් අහුවුන වෙලාවේ.

ප්‍රශ්නය – ඉස්සෙල්ලම ජාතික මට්ටමේ පදක්කමක් දිනපු දවස මතකද?

ම්ම්. 2007 වගේ බාධක දිවීම ඉසව්වෙන් දෙවෙනියා වුනා. ඉස්කෝලේ කාලේ දින්නේ 17න් පහළ වගේ, එතකොට නේ දිගුදුර තියෙන්නේ. ඒ කාලේ ඉඳන් හැම meet එකේම පදක්කම් තිබ්බා. ඒ අතරේ පාසල් කාලේ දී ජාතික මහා ක්‍රීඩා උළෙල එද්දී එල්ලේ, බාස්කට්බෝල් ගහනවා, ගොඩක් ඒවා කළා.

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින්

ප්‍රශ්නය – එතකොට නිලානි ඔයා මලල ක්‍රීඩා නොකළා නම්?

මගේ ඉතින් පොඩි කාලේ ඉඳන් ආසාව තිබුණේ දුවන්න තමයි. මට පොඩි කලේ ඉඳන් තිබ්බේ ඒ හීනේ.

ප්‍රශ්නය –  ඔයාගේ ජීවිතේ වෙනස් වුණේ කොතනින්ද?

මුලින්ම සුමන බාලිකාවට ආවට පස්සේ. එ්ත් ඇත්තටම මට විද්‍යාපීඨ යන්න බැරිවුණු දවසෙන් පස්සේ තමයි මගේ ජීවිතේ වෙනස් වුණේ. එතනින් පස්සේ තමා Army එකට ආවේ. යුධ හමුදාවේ ජී. එල්. සජිත් ජයලාල් සර් තමා මෙතනට මාව ගෙනාවේ.

ප්‍රශ්නය – මලල ක්‍රීඩාවේ ඉන්න හොඳම යාළුවා කවුද?

ඔක්කොම වගේ යාළුවෝ, සමහරු ඉන්නවා ඉතින් මුහුණට හිනා වෙලා පස්සේ නරකට ඉන්න අයත්, ලක්ෂිකා සුගන්ධි තමා ඉතිං ළඟින්ම ඉන්න හොඳම යාළුවා. දැන් අනිත් අය තරහා වෙයි ද දන්නේ නැහැ (සිනාසෙමින්).

සත් ප්‍රයාම ජාතික ශූරිය ලක්ෂිකා සුගන්ධි සමඟ

ප්‍රශ්නය – මුලින්ම ගියපු රට සවාරිය මතක ද?

2015 තායිලන්ත විවෘත තරගාවලියට තමයි මුලින්ම සහභාගී වුනේ. ඇත්තටම පොඩි කලේ අපිට හිතෙනවා Plane එකක් දකිද්දී කවදාවත් අපිට යන්න බැරි වෙයි කියලා, එ්ත් එහෙම යද්දී හරිම සතුටුයි.

ප්‍රශ්නය – ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන ඉහළම කුසලතාව මොකද්ද?

ආසියානු තරගාවලියේ දී 6 වන ස්ථානය දිනා ගන්න ලැබුණ එක තමා. සතුටුයි, හොඳ fight එකක් දුන්නනේ. පහසුකම් ගැන හිත හිත ඉන්නවාට වඩා අපිම මහන්සි වෙලා අපේ ගමන ගිහින් පිටරට අය එක්ක එකට හිටගෙන ඉද්දි හරිම සතුටුයි.

2018 ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව අතරතුර

මලල ක්‍රීඩාවෙන් තරමක් එපිටට කතාබහ රැගෙන යන්නට මම සිතුවෙමි.

ප්‍රශ්නය – නිලානි පොඩ්ඩක් අපි ක්‍රීඩාවෙන් ඈතට ගියොත් ඔයා නිකන් ඉන්න වෙලාවට කරන්න කැමති මොනවද?

ම්ම්.. සින්දුවක් දාගෙන නටන්න තමා ආස ඉතින් (සිනාමුසු මුහුණින්),

ප්‍රශ්නය – ඔයාගේ ජීවිතේ මෙතනට එන්න උදව් කරපු අය ගැන කිව්වොත්?

ඉස්කෝලේ කාලේ පාලිත සර්, පද්මා මිස්, සුජාතා මිස්, රෝහිත සර්, චමින්ද සර්, ඒ වගේම ක්‍රීඩා පාසල් නිසා ඔක්කොම එකා වගේ හිටියා.

ප්‍රශ්නය – ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද?

කවදාහරි ඔලිම්පික් යන එක, ගිහින් ලංකාවට ගෞරවයක් ගේන එක තමා.

ප්‍රශ්නය – ලංකාවේ මලල ක්‍රීඩාවට පණිවිඩයක් තියනවා නම්?

ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආරක්ෂා කරගන්න කියලා තමා කියන්න තියෙන්නේ.

ප්‍රශ්නය – ඉදිරියේ දී මලල ක්‍රීඩාවට එන අයට දෙන්න තියෙන පණිවිඩේ මොකද්ද?

හොඳට training කරලා ලංකාවේ නම ලෝකෙට ගෙනිහින් රටට කීර්තියක් ගෙන්න කියලා.

මෙවන් වූ දිරිය දියණියන් රටේ ක්‍රීඩාවට ආදර්ශයක්. අනාගතය වෙනුවෙන් තම උපරිමය ඉටුකරන්නට මෙන්ම ඇගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන්නට ශක්තිය ධෛර්ය ලැබේවා’යි ThePapare.com අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<