නිදහස් කුසලානයේ ආදායම බිලියනය පනී

1233

මාර්තු මස 6 වැනිදා සිට මාර්තු මස 18 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සාර්ථකත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවති උත්සවයේ දී දැනුම් දෙන ලදි.

පරදින තෙක්ම නොදුටු පැතිකඩ

අතේ තිබූ දේ කටට දාගත නොහැකි වූවා වාගේ යන පැරණි කියමන යළි සිහිගන්වමින් නිදහස් කුසලාන..

“අපි ශ්‍රී ලංකාව තුළ මෙවන් ආකාරයක ඉතාමත් හොඳ තරගකාරී තරගාවලියක් නිර්මාණය කරලා මෙරට පැවැත්වූ ක්‍රිකට් තරගාවලියක් තුළින් ඉතිහාසයේ පළමු වතාවට ලොකු ආදායමක් මෙරටට රැගෙන ආවා. අප සමඟ ගනුදෙනු කිරීමට පැමිණි ආයතන හා නියෝජිතයින්ව ඉතාමත් සුහදශීලීව හැසිරවීමට අපට පුළුවන් වුනා. මෙම තරගාවලියේ  මුළු ආදායම රුපියල් බිලියන 1.3ක් එම තරගාවලියේ එක පන්දුවාරයක් තරග විකාශනය කරන නාලිකාවලට ලබා දුන්නේ ඇමරිකානු ඩොලර් 27,000ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 43ක්) වැනි ඉහළ මුදලකට. ඒ මේ තරගාවලියේ තිබූ තරගකාරිත්වය නිසා. රුපියල් මිලියන 900ක ශුද්ධ ලාභයක් මෙම තරගාවලිය තුළින් ලබාගන්න අපට පුළුවන් වුනා.” යැයි සුමතිපාල මහතා එම උත්සවයේ දී පවසන ලදි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති තරගකාරිත්වය හා අවිනිශ්චිත බව ඉතාමත් හොඳින් පසක් කර දුන් මේ තරගාවලියේ ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට ඒමට අවස්ථාව නොලැබුනත් එම අවසන් මහා තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් පැමිණ සිටියේය. එම තීරණාත්මක අවසන් මහා තරගය ඉතාමත් තියුණු මුහුණුවරකට පසුව අවසන් වූයේ ඉන්දීය කණ්ඩායමට නිදහස් කුසලාන ශූරතාවය හිමි කර දෙමිනි.

“ලංකන් ප්‍රිමියර් ලීග් එක අපි නිසැකවම මේ අවුරුද්දේ පටන්ගන්නවා. මොකද මේ තරගාවලිය දැන් පටන්ගත්තේ නැත්නම් ඉදිරියටත් මේ වගේ තරගාවලියක් කරන්න අපිට අමාරු වෙයි. ඒකට හේතුව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, බංගලාදේශය, කොදෙව් දුපත් වගේ රටවල් ඉතාමත් තරගකාරී ලෙස මේ ප්‍රිමියර් ලිග් තරගාවලි ඔවුන්ගේ රටවල්වල පවත්වනවා.” යැයි සුමතිපාල මහතා අවසාන වශයෙන් එහි දී පවසන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<