නිදහස් කුසලානයේ හැසිරීම් පිළිබඳව නැවතත් කරළියට

544

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දිනෙන් දින අපකීර්තිමත් තත්වයට පත්වන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තුල දී හා ක්‍රීඩාගාර තුල දී ක්‍රීඩකයින්ගේ හැසිරීම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කිරීමට තීරණය කර ඇති අතර ලබන අප්‍රේල් 26 දා ඉන්දියාවේ කොල්කටා හිදී පැවැත්වෙන ICC විධායක කමිටු රැස්වීමේ දී මෙම කරණය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.

මුරලිට මුල අමතක වෙලා – මොහාන් ද සිල්වා

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සිකුරාදා (20) පැවති මධ්ය හමුවක දී, මුත්තයියා මුරලිදරන්ගේ..

ක්‍රීඩකයින්ගේ ආන්දෝලනාත්මක හැසිරීම් රටාව තරග නිලධාරීන්ට හා පරිපාලකයින්ට ද බරපතළ ගැටලුවක් වෙලා, එම නිසා මේ කරුණ පිළිබඳ පුළුල් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා’. මෙම නව සාකච්ඡාවලින් පසුව ICCය විසින් දැඩි නීතිරීති මාලාවක් පනවා ක්‍රීඩකයින්ට දැඩි දඬුවම් නියම කරනු ඇතැයි ද වාර්තා වේ.

ICCයේ ප්‍රධාන විධායක නිලධාරි හා සමාගම් ලේකම් ඉයන් හිගින්ස් මහතා ‘ක්‍රීඩකයින්ගේ හැසිරීම’ කොල්කටා හිදී පැවැත්වීමට නියමිත සාකච්ඡා වේ ප්‍රධාන අංගය ලෙස සඳහන් කළ අතර ප්‍රධාන විධායක ඩේව් රිචඩ්සන් මහතා ක්‍රීඩකයින්ගේ හැසිරීම පිළිබඳ දැනටමත් වාර්තාවක් සූදානම් කර ඇතැයි ද වාර්තා වේ.  

ද හින්දු පුවත්පතට අදහස් දැක්වූ ICC ඉහළ තොරතුරු මූලාශ්‍රයක් පවසා සිටියේ නිමාවූ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී මාර්තු 16 දා බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ දී බංගලාදේශ ක්‍රිකට් කණ්ඩයමේ නායක ශකිබ් අල් හසන්ගේ හැසිරීම පිළිබඳ ICCය කලකිරීමෙන් සිටින බවයි.

ස්මිත්ට මගහැරුණු පාඩම ඕස්ට්‍රේලියාවටම සාපයක් වූ හැටි

ඕස්ට්‍රේලියාවට යනු සෙසු රටවලට සාපේක්ෂව වඩා වැඩි සැලසුමක් සහිතව ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන..

සකිබ් අල් හසන් විනිසුරුට විරෝධය පල කරමින් ක්‍රීඩා පිටිය මැද සිටි පිතිකරුවන් දෙපළට පිටියෙන් ඉවතට පැමිණෙන ලෙස නියෝග කළ අතර පසුව බංගලාදේශ අතිරේක ක්‍රීඩක නරුල් හසන් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාට පිටිය මැද දීම බැන වදිනු දක්නට ලැබුණි.  

බංගලාදේශ කණ්ඩයම සිය ක්‍රීඩාගාරයේ විදුරු දොර ද බිඳ දමා තිබෙනු දක්නට ලැබුණි.  

ICCය සකිබ්ට හා නරුල්ට සිය තරග ගාස්තුවෙන් 25%ක දඩයක් නියම කළ අතර අයහපත් කුසලතා ලකුණ බැගින් ද ප්‍රදානය කරනු ලැබීය.

ICC යේ අවධානය යොමු වීම.

පසුගිය මාර්තුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ ආන්දෝලනාත්මක දකුණු අප්‍රිකානු සංචාරයේ ඩර්බන් හී පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩි කොක් හා ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් අතර ක්‍රීඩාගාරයේ සිට පිටියට බසින පඩිපෙළේ දී යම් සිදුවීමක් ඇති වූ අතර ICCය විසින් එම සිදුවීම ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන සිදුවීමක් බවට කණ්ඩයම් දෙකටම අවවාද කර දැනුම් දෙන ලදි.    

පන්දුව පළුදු කිරීම.

ICCයේ ප්‍රධාන විධායක නිලධාරි දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හී පැවති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විසින් පන්දුව පළුදු කිරීමේ සිදුවීමට අදාලව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සිදුවීමෙන් අනතුරුව ක්‍රීඩක චර්යාධර්ම සංග්‍රහය පිළිබඳ නැවත සොයා බැලීමට, නව සංශෝධන ඇතුළත් කිරීමට හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් ද ඇතුළත් කර ගනිමින් කමිටුවක් පත් කරන ලදි.

සභාපති තෝරාගැනීම

2018-2020 සඳහා ස්වාධීන සභාපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ විමසීමට කොල්කටා හී රැස්වන කමිටුව කටයුතු කරනු ඇත. වත්මන් ක්‍රියාපටිපාටියට අනුව ICC විධායක කමිටුවේ සාමාජිකයින් ඡන්දය ප්‍රකාශ කරන අතර අපේක්ෂකයින් ලැයිස්තුවෙන් 50%ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න අපේක්ෂකයා හට සභාපති ධුරය හිමිවේ. වර්තමාන සභාපති සෂන්ක් මනොහර් හට නැවත වතාවක් තේරී පත්වීමේ අවකාශය ඇත. අදාළ නිලවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිතයි.    

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<