ක්‍රිකට් පිටිය උණුසුම් කරන තුන්කොන් සටනක් ලබන මාර්තුවේ

496

ඉන්දියාව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත “2018 නිදහස් කුසලාන” තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දින වකවානු සහ ‍ක්‍රීඩාංගණය අද (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරන ලදි.

දිල්රුවන් සහ ගමගේ ඉන්දීය ඉනිම ලකුණු 172කට සීමා කරයි!

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් තිදෙනා සහ පිට දඟපන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා…

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් හි 70 වැනි සංවත්සරය නිමිති කොට ගෙන සංවිධානය කරනු ලබන “2018 නිදහස් කුසලාන” තුන්කොන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය එළඹෙන මාර්තු මස බංගලාදේශය, ඉන්දියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල් තුනේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව රටවල් තුනේ ක්‍රිකට් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේ දී දැනුම් දෙන ලදි.

ඒ අනුව එළඹෙන මාර්තු මස 8 වැනිදා සිට 20 වැනි දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී විස්සයි විස්ස තරග ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇත.

මේ අවස්ථාවට සහභාගී වෙමින් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නෙස්මල් හසන් පැපොන් මහතා, “බංගලාදේශයේ ක්‍රිකට් ගමන්මග සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ලබා දෙනු ලබන සහයෝගය සහ දායකත්වය අවතක්සේරු කළ නොහැකියි. ශ්‍රී ලංකාව බංගලාදේශයේ හොඳ ක්‍රිකට් මිතුරෙක් යන්න කියා පෑමට මෙය හොඳ සාක්ෂියක්” යැයි පවසා සිටියේය.

එමෙන්ම මෙම තරගාවලිය රටවල් 3 අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

MAS යුනිචෙලා සහ ඩිමෝ අවසන් මහා සටනට

MAS යුනිචෙලා කණ්ඩායමේ ප්‍රවේගවත් වමත් පිතිකරු දමිත රඹුක්වැල්ලගේ ගිනි කෙළියකටත්…

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි රහුල් ජෝරි මහතා අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සැමරුම සහ 70 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය සැමරීම සඳහා සම්බන්ධ වීමට ලැබීම අප ලද භාග්‍යයක් ලෙස සලකනවා. ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට වඩා සමීප මිතුරෙකු අප හට නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, තිලංග සුමතිපාල මහතා මේ පිළිබඳව ආරාධනාව ඉදිරිපත් කළ විගසම ඒ සඳහා ඉන්දියානු කණ්ඩායම සහභාගී කරවීමට අප කැමැත්ත පල කළා.”

මෙවර පැවැත්වෙන 2018 නිදහස් කුසලාන තරගාවලි සංකල්පයේ සහ වසර 50ක නිදහස් සැමරුම සනිටුහන් කරමින් 1998 පැවැත්වූ නිදහස් කුසලාන තරගාවලි සංකල්පයේ නිර්මාතෘ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “වසර 70ක් කියන්නේ දිගු ගමනක්, එය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීම අත්‍යාවශ්‍යයි. අපගේ සමීපතම අසල්වාසීන් එම ගමන පුරාවට අප හා සිටිමින් මෙම අවස්ථාවේ දී එම සැමරීම සඳහා සම්බන්ධ වීම ගැන අප ඉතාමත් සතුටු වෙනවා. එය මෙම ගමන තුල සුවිශාල සන්ධිස්ථානයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි”.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න