නේමාර්ගේ තරග තහනම ස්ථීර වෙයි

347

බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් වන නේමාර් ද සිල්වා පසුගිය ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ දී මැන්චෙස්ටර් ‍යුනයිටඩ් කණ්ඩායම සමඟින් පැවති තරගයෙන් අනතුරුව විනිසුරුවන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිසා ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව UEFA විසින් මීට පෙර පවසා තිබූ අතර පසුගිය බදාදා නේමාර්ට ශූරයින්ගේ ලීග් තරග තුනක් තහනම් කළ බව ඔවුන් නිවේදනය කළා.

​මෙසී ආර්ජන්ටිනා ගෞරවය රකිද්දී කොලොම්බියාව අවසන් 8ට

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ තවත් වැදගත් තරග දෙකක් අද (20) පැවැත්වුණා. කෝඩුකාර කටාර් කණ්ඩායම හා ප්‍රබල……..

UEFA විසින් පසුගිය අප්‍රේල් මාසයේ දී මෙම තීරණය ගෙන ඇති අතර අවසන් තීරණය දැනුම් දී ඇත්තේ බදාදා ය (19).

“PSG කණ්ඩායම විසින් ඉදිරිපත් කරපු අභියාචනය ප්‍රතික්ෂේප කළා. UEFA විනය පාලක කමිටුව විසින් ගත් තීරණය තහවුරු කළා.” UEFA විසින් නිවේදනය කර ඇත.

නේමාර් PSG කණ්ඩායමට එක්වන්නේ වැඩිම වටිනාකමක් සහිත පාපන්දු ක්‍රීඩකයා බවට පත්වෙමිනි. මැන්චෙස්ටර් සමඟ තරගයට ආබාධයක් නිසා ක්‍රීඩා නොකළ නේමාර් එම තරගයේ අවසන් විනාඩි කීපය තුල මැන්චෙස්ටර් කණ්ඩායමට ලබා දුන් දඬුවම් පහර තරමක් මතභේදාත්මක විය. කෙසේ වෙතත් එම දඬුවම් පහර මගින් ගෝලයක් වාර්තා කරමින් මැන්චෙස්ටර් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට මාකස් රශ්ෆෝඩ් සමත් විය. එම පරාජයත් සමඟින් PSG කණ්ඩායම ශූරයින්ගේ ලීග් තරගාවලියෙන් ඉවත් විය.

27 හැවිරිදි නේමාර් තරගයෙන් අනතුරුව ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් විනිසුරුවන් දැඩි ලෙස විවේචනය කර තිබුණි.

“මේක ලැජ්ජාවක්. එතන පාපන්දු දන්නේ නැති 4 දෙනෙක් හිටියේ. ඔවුන්ට slow motion වීඩියෝ බලලා තීරණයක් ගන්න තිබුණා.”

ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙක් වන නේමාර් පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී යම් පසුබෑමකට ලක්වූ අතර ඔහුගේ ව්‍යාජ රඟපෑම් ප්‍රේක්ෂකයන්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ. එය බෙල්ජියම් බ්‍රසීල තරගයේ දී වඩාත් උග්‍ර විය. එම තරගය පරාජය වූ බ්‍රසීලය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් විය. නේමාර් Ballon d’Or ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතරට නොපැමිණීම ඔහුගේ බිඳවැටීම පෙන්නුම් කළේය. මාස 13කට පසු ආබාධයකට ලක්වීමට ද නේමාර්ට සිදු විය.

නේමාර්ට තවත් අකරතැබ්බයක්

බ්‍රසීලයේ හා PARIS SAINT GERMAIN කණ්ඩායම් වල ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන නේමාර් ද සිල්වාට තවත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ ප්‍රංශයේ පැරිස් හි හෝටලයක……

පසුව බ්‍රසීල නායකත්වය අහිමි කර ගත් නේමාර්ට පසුගිය දා එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාව ද සමාජයේ දැඩි කතාබහට ලක්විය. ප්‍රංශයේ දී සිදු වූ බව කියවෙන මෙම සිදුවීම නේමාර් විසින් ප්‍රතික්ෂේප කර ඇත. නේමාර්ගේ අපල කාලය තවත් වැඩි කරමින් සුහද තරගයක දී වළලුකර ආබාධයකට ලක්වීමටත් ඔහුට සිදු විය. එම ආබාධය නිසා කෝපා ඇමරිකා තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම එහි ආසන්නතම සිදුවීමයි.

වසර දෙකකට පෙර PSG විසින් නේමාර් මිල දී ගත්තේ යුරෝ මිලියන 222කටය. නමුත් ඔවුන්ගේ එම බලාපොරොත්තුවලට සාධාරණයක් නේමාර් ඉටු කළේ දැයි ප්‍රශ්නාර්ථයක් පවතී.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<