නේමාර් වැරැද්ද පිළිගනී?

306
Paris Saint-Germain's Brazilian forward Neymar looks on during the French Cup final football match between Rennes (SRFC) and Paris Saint-Germain (PSG), on April 27, 2019 at the Stade de France in Saint-Denis, outside Paris. (Photo by Anne-Christine POUJOULAT / AFP)

පසුගිය ඉරිදා (28) දින පැවති ප්‍රංශ කුසලාන පාපන්දු තරගාවලියේ (French Cup) අවසන් මහා තරගයෙන් අනතුරුව පරාජිත කණ්ඩායමට පදක්කම් පැළදවීමේ අවස්ථාවේදී බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුවක් වන නේමාර් ද සිල්වා විසින් ප්‍රේක්ෂකයෙකුට කළ පහරදීමක් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්විය.

>>නේමාර් කට වරද්දා ගනී

මෙම පහරදීම සම්බන්ධයෙන් සමාව ගැනීමට සහ වරද පිළිගැනීමට නේමාර් ඉදිරිපත් වී ඇත. එම තරගය Paris Saint Germain කණ්ඩායම සහ Rennes කණ්ඩායම අතර Stade de France හිදී පැවැත්විණි.

එම තරගයේදී පළමු මිනිත්තු 21 තුළදී ගෝල දෙකක් Paris Saints Germain කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට ඩැනී අල්විස්(13′) සහ නේමාර්(21′) සමත් විය. ඒ අනුව පළමු මිනිත්තු 21 දී ගෝල 2 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමට PSG කණ්ඩායම සමත්විය. නමුත් තරගයේ 40 වන මිනිත්තුවේදී PSG කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයෙකු වන කිම්පේම්බේ විසින් තම ගෝලයටම පන්දුව යොමු කිරීම (Own Goal) හේතුවෙන් තරගයේ පළමු අර්ධය 2-1ක් ලෙස නිමාවිය.

තරගයේ දෙවන අර්ධයේ 66වන මිනිත්තුවේදී Rennes කණ්ඩායමේ එඩ්සන් මෙෂර් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. තරගයේ නියමිත කාලය අවසන් වනවිට ගෝල 2 – 2 ක් ලෙස සම තත්වයෙන් තරගය නිමාවූ අතර ජයග්‍රාහකයා තීරණය කිරීමට දඬුවම් පහර වෙත යොමු විය. එහිදී දඬුවම් පහර 6 – 5 ක් ලෙස ජයග්‍රහණය ලබාගැනීමට Rennes කණ්ඩායම සමත්වූයේ PSG කණ්ඩායමේ සහ ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ගේ සියලු බලාපොරොත්තු සුන්කර දමමිනි.

තරගයෙන් අනතුරුව පදක්කම් ප්‍රදානය කරන අවස්ථාවේදී PSG ක්‍රීඩකයන් අනුශූරතාවයට අදාළ පදක්කම් ලබාගැනීමට ප්‍රේක්ෂකයන්ට අතට අත දෙමින් ගමන් කළ අතර අවසානයට ගමන් කළ නේමාර් විසින් එක් ප්‍රේක්ෂකයෙකුගේ මුහුණට එල්ල කළ පහරදීම කැමරා කාච වල සටහන් වී තිබිණි. ජංගම දුරකථන රැසක එම අවස්ථාව පටිගත වී තිබූ අතර එම අවස්ථාවට මුහුණදුන් Nantes හි 28 හැවිරිදි Edouard ගේ ජංගම දුරකථනයේද එම අවස්ථාව පටිගත වී තිබිණි.

>>FIFA විසින් 8 දෙනෙකුට එරෙහිව වාරණ

“මම එතරම් නරක විදිහට හැසිරුනාද?” යනුවෙන් Instagram හි විමසා තිබූ නේමාර් “කාටවත් එහෙම ඉවසාගෙන ඉන්න බෑ” යනුවෙන්ද පවසා තිබිණි.

නේමාර්ගේ බ්‍රසීල මිතුරෙක් වන Alex Bernado විසින් අදාළ සිදුවීමට මුහුණදුන් Edouard ගේ වීඩියෝවේ අපැහැදිලි දෙබස් කීපයක් Instagram හි පළකර තිබේ. එම දෙබස් PSG කණ්ඩායමේ අතිරේක ගෝල රකින්නා වූ Gianluigi Buffon සහ ඉදිරිපෙළ ක්‍රීඩක Layvin Kurzawa සමඟින් ආරම්භ වී ඇත.

“Buffon, dirty Buffon! Oh Kurzawa, keep your hands to yourself” යනුවෙන් ප්‍රකාශ කර ඇති බව එහි පළකර තිබේ. පසුව Marco Veratti හට “Oh, racist!” යනුවෙන් අප්‍රසාදය පළකර ඇති Edouard විසින් නේමාර් හට ගිහින් පාපන්දු සෙල්ලම් කරන්න ඉගෙනගන්න” යනුවෙන් පවසා ඇත. එම අවස්ථාවේදී කෝපයට පත් නේමාර් විසින් Edouard ගේ ජංගම දුරකථනය ඉවතට තල්ලු කරමින් පහරදීමට පෙළඹී ඇත.

“මගේ කණ්ඩායම ආරක්ෂාව වෙනුවෙන් යන මාව ආරක්ෂා කරන්නේ කවුද?” යනුවෙන් Instagram හි Bernado ගේ සටහනට ප්‍රතිචාර දක්වමින් නේමාර් පවසා ඇත.

මෙම සිදුවීම සිදුවූ සැණින් “Rennes කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ ආධාරකරුවෙකුගෙන් PSG සියලු ක්‍රීඩකයන්ට හිරිහැර” යනුවෙන් ප්‍රකාශ කරමින් Paris Saint Germain කණ්ඩායම සමාජ මාධ්‍ය තුළ කතාබහක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

French sports daily L’Equipe වෙත අදහස් දක්වමින් සිද්ධියට මුහුණදුන් Edouard “මම එයාලට හිරිහැර කළේ නෑ. එයාලාගෙන් කිසිම වැඩක් නැති බව මම එයාලට කිව්වා” ලෙස පවසා ඇත.


“Veratti, Buffon වැනි ක්‍රීඩකයන් මාව පසුකර යද්දී මම එයාලට එයාලා වටින්නේ නෑ කියලා විහිළු කරා විතරයි”  යයි ඔහු තවදුරටත් පවසා තිබේ.

නාසයට සහ තොල් වලට සිදුවූ තුවාල සම්බන්ධයෙන් නේමාර්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට Edouard තීරණය කර ඇති බව ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.

මෙම සිදුවීම PSG කණ්ඩායමට අවාසනාවන්ත දිනයක අවසානය සටහන් කළ අතර තරගයේ අතිරේක කාලයේදී නේමාර් ගේ සගයා වූ Kylian Mbappe කළ අනතුරුදායක වැළක්වීමක් නිසා  ඔහුව තරගයෙන් ඉවත් කළ අතර ඒ වනවිට අතිරේක කාලය නිමාවීමට මිනිත්තු දෙකක් පමණක් ඉතිරිව තිබිණි.

>>ශ්‍රී ලංකාව සහ මැකාවු පාපන්දු ලෝක කුසලාන සිහිනයට පොර අල්ලයි

මෙම පරාජය Paris Saint Germain කණ්ඩායමේ වසර 4ක ප්‍රංශ කුසලාන ආධිපත්‍යය බිඳදැමීමට සමත්විය. ඒ අනුව ඔවුන් මෙම තරගවාරයේ ක්‍රීඩාකළ එක් තරගාවලියක් හෝ ජයග්‍රහණය කර නොමැති අතර එහි වඩාත්ම අවාසනාවන්ත අවස්ථාව ලෙස Manchester United කණ්ඩායම සමඟ පැවති තරගයෙන් පරාජය වී Champions League තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයෙන් ඉවත් වීම සැලකිය හැක.

      
            >> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<