නේමාර් නැවතත් ‘PSG’ පුහුණුවීම් වලට

184

ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන අන්දමට බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් පසුගිය දා නැවතත් ‘Paris Saint-Germain (PSG)’ කණ්ඩායමේ පුහුණුවීමේ කටයුතු සඳහා වාර්තා කර ඇත. 

ඔහු මේ ආකාරයට නැවතත් පුහුණුවීම් කටයුතු සඳහා වාර්තා කර ඇත්තේ ‘PSG’ කණ්ඩායම පුහුණුවීම් කටයුතු අරඹා සතියක කාලයකින් පසුව සහ ඔහුගේ පාපන්දු දිවියේ කිසිදා අමතක නොවන මතකය ඔහු බාසිලෝනා පාපන්දු සමාජයේ ක්‍රීඩකයෙක්ව සිටිය දී ඔවුන් ‘PSG’ කණ්ඩායම පරාජයට පත්කිරීම බවට මාධ්‍ය හමුවේ මතභේදාත්මක ප්‍රකාශයක් කිරීමෙන් දින කිහිපයකට අනතුරුව ය. 

ලෝක කුසලානයට සුදුසුකම් ගන්න ශ්‍රී ලංකාව තරමක් අපහසු කාණ්ඩයකට

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම FIFA ලෝක කුසලානයට හා 2023 ආසියානු කුසලානයට සුදුස්සන් තේරීමේ තරගාවලියේ දෙවන වටයේ H කාණ්ඩයට ඇතුළත්ව තිබේ.

කෙසේ නමුත් ප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා පුවත්පතක් වන “L’Equipe”හි වෙබ් අඩවියේ පළකර තිබූ වීඩියෝ පටයක මේ වන විට ලෝකයේ මිල අධිකම ක්‍රීඩකයා ලෙස සැලකෙන නේමාර් ‘PSG’කණ්ඩායමේ පුහුණුවීම් ක්‍රීඩාංගණය පිටත කළු පැහැති ‘Mercedes’ වෑන් රථයකින් පිටතට පැමිණෙන ආකාරය දක්වා තිබුණි. ‘PSG’ කණ්ඩායම පසුගිය 08 වන සඳුදා නව තරග වාරයට පෙර පුහුණුවීම් කටයුතු නිළ වශයෙන් ආරම්භ කළ අතර නේමාර් නැවතත් බාසිලෝනා ක්‍රීඩා සමාජය සමඟ එක්වනු ඇතැයි පැතිර යන තොරතුරු මධ්‍යයේ ඔහු එම පුහුණුවීම් කටයුතු සඳහා එක්නොවී සිටියේ පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී නොවීමට දෙපාර්ශවය අතර පෙර එකඟතාවයක් පැවති බව සඳහන් කරමිනි. 

ඒ අනුව නේමාර් විසින් පවත්වා ගෙන යන ‘Neymar Institute’ සංවිධානය විසින් ආධාර පිණිස පවත්වනු ලැබූ පස් සාමාජික පාපන්දු තරගාවලියකට සහභාගී වීමට සිදුවීම හේතුවෙන් ඔහු බ්‍රසීලයේ රැඳී සිටිය බව ඔහු ප්‍රකාශ කර සිටියත් නේමාර් පුහුණුවීම් කටයුතු වලට වාර්තා නොකිරීමට අදාළව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවට මේ වන විට ප්‍රංශ ලීග් ශූරයින් වන ‘PSG’ පාපන්දු සමාජය ඔහුට ප්‍රතිචාර දක්වන්නට විය. 

කෙසේ නමුත් 2017 වසරේ බාසිලෝනා පාපන්දු සමාජයේ සිට යූරෝ මිලියන 222ක (ඩොලර් මිලියන 264) වාර්තාගත මුදලකට ‘PSG’ පාපන්දු සමාජය එක්වූ නේමාර් පසුගිය දිනක ඔහු සහ ‘PSG’ ක්‍රීඩා සමාජය අතර සබඳතාවය තවදුරටත් පළුදු වන ප්‍රකාශ කිහිපයක් නිකුත් කර තිබූ අතර ඒවා සමාජ වෙබ් අඩවි තුළ දැඩි ලෙස කතාබහට ලක්වන්නට විය. 

බ්‍රසීලය ඉන්කාවරුන්ගේ සිහින බිඳ දමයි

2019 කෝපා ඇමරිකා තරගාවලියට සුපිරි අවසානයක් සනිටුහන් කරමින් බ්‍රසීල පාපන්දු කණ්ඩායම විසින් පේරු පාපන්දු කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරදවා 2019 කෝපා ඇමරිකා….

‘Oh My Goal’ අන්තර්ජාල ක්‍රීඩා නාලිකාව විසින් ඔහුගේ පාපන්දු දිවියේ අමතක නොවන මතකය කුමක්දැයි විමසා සිටි විට ඔහු පවසා සිටියේ 2017 වසරේ ‘UEFA’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පළමු වටයේ තරගය ‘PSG’ කණ්ඩායම හමුවේ ගෝල 0-4ක් ලෙස පරාජයට පත්වීමෙන් අනතුරුව එහි දෙවන වටයේ දී කිසිවෙකුත් නොසිතූ පරිදි ගෝල 6-1ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් ඔහු ඒ වන විට ක්‍රීඩා කළ බාසිලෝනා කණ්ඩායම ගෝල 6-5ක සමස්ත ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් ඊළඟ වටයට සුදුසුකම් ලබාගැනීම ඔහුගේ පාපන්දු දිවියේ කිසිදිනක අමතක නොවන සිදුවීම වන බවයි. එදිනම එම ප්‍රකාශය සිදු කිරීමට පෙර ඔහු බාසිලෝනා ජර්සියකින් සැරසී සිටින තත්පර 10ක වීඩියෝ පටයක් ඔහු පළකර තිබුණේ “No weapon turned against you will prosper” යන බයිබලයේ පාඨයකුත් සමඟිනි.     

නෙමාර්ගේ නියෝජිතයා ලෙස ද කටයුතු කරන ඔහුගේ පියා ඔහුව සාධාරණීකරණය කරමින් ‘Instagram’ සමාජ වෙබ් අඩවියේ ප්‍රකාශ කර තිබුණේ; “මගේ පුතා කිසිම අවස්ථාවක ‘PSG’ ක්‍රීඩා සමාජයට හෝ 2017 වසරේ එම තරගය ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට අගෞරවයක් වන අයුරින් කටයුතු කළේ නැහැ. ඔහු දැන් ‘PSG’ කණ්ඩායමට ක්‍රීඩා කරනවා තමයි. නමුත් ඔහුට ඔහුගේ අතීතය අමතක කළ නොහැකියි. ඒ අතීතයම තමයි ඔහුට ප්‍රංශයේ ‘PSG’ ක්‍රීඩා සමාජයට එක්වන්න මඟපෑදුවේ.” යනුවෙනි. 

ගැටුම් රැසක් මැද ආර්ජන්ටිනාව චිලී පරාජය කරයි

ආර්ජන්ටිනාවට එල්ල වී තිබෙන විනිසුරුවරුන්ගේ ශාපය නැවතත් ක්‍රියාත්මක වී සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීට රතු කාඩ්පතක් හිමි වූ නමුත් වත්මන් ශූරයින් පරාජය කරමින් ගෝල..

– කරදර, බාධක පිරුණු ගිම්හානයක් – 

මෙම ගිම්හානය නේමාර් හට කරදර, බාධක පිරුණු එකක් වූ අතර පසුගිය ජූනි මස මුල දී කටාර් කණ්ඩායම පැවති සුහද තරගයක දී පාදයේ වළලුකර ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් නිසා ඔහුට සිය රටේම පැවති සිය බ්‍රසීල කණ්ඩායමම ශූරතාවය දිනා ගත් ‘Copa America’ තරගාවලිය සඳහා ද සහභාගී වීමට නොහැකි විය. 

ඊට අමතරව ඔහුට සමාජ වෙබ් අඩවියක් හරහා හමු වූ තරුණියක් ඔහු ප්‍රංශයේ පැරිස් නුවර හෝටලයක දී දූෂණය කළ බවට ඔහුට එල්ල වන චෝදනා වලට අදාළව පසුගිය මාසයේ දී ඔහුව බ්‍රසීල පොලීසිය විසින් ප්‍රශ්න කිරීමකට ද ලක්කරන ලදි. කෙසේ නමුත් ඔහු මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇත. 

එමෙන්ම ‘PSG’ කණ්ඩායමේ නව ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රසීල ක්‍රීඩකයෙකු වූ ලියනාඩෝ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ සියලු දෙනා හටම සතුටු විය හැකි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් නේමාර් හට වෙනත් පාපන්දු සමාජයකට යෑමට දොරගුළු විවෘත බවයි. 

තවදුරටත් බාසිලෝනා පාපන්දු සමාජය විසින් පසුගිය දා ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් පාපන්දු සමාජය නියෝජනය කළ ප්‍රංශ සුපිරි ක්‍රීඩක ඇන්ටොයින් ග්‍රීස්මන් යූරෝ මිලියන 120ක (ඩොලර් මිලියන 135) මුදලකට මිලදී ගැනීමත් සමඟ නේමාර් හට ඔහු ‘PSG’ කණ්ඩායම සමඟ එක්වීමට පෙර වසර 4ක කාලයක් පුරාවට විශිෂ්ට දක්‍ෂතා දැක්වූ බාසිලෝනා කණ්ඩායම සමඟ නැවතත් එක්වීමට තිබූ අවස්ථාව තරමක් දුරට සීමිත වන්නට විය. 

එළඹෙන තරග වාරය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන සුහද තරග මාලාව යටතේ ‘PSG’ කණ්ඩායම සහභාගී වන පළමු සුහද තරගය අද (16) ජර්මානු කණ්ඩායමක් වන ‘Dynamo Dresden’ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව එළඹෙන සති අන්තයේ දී ඔවුන් ‘Nuremberg’ කණ්ඩායම සමඟ ඔවුන්ගේ දෙවන සුහද තරගයට සහභාගී වීමට නියමිත ය. අනතුරුව මෙම මස 27 වන දින මැකාවු හිදී ඔවුන් ‘Inter Milan’ කණ්ඩායමට එරෙහිව තවත් සුහද තරගයකට ක්‍රීඩා කරනු ඇත. 

නේමාර්ගේ තරග තහනම ස්ථීර වෙයි

බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් වන නේමාර් ද සිල්වා පසුගිය ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ දී මැන්චෙස්ටර් ‍යුනයිටඩ් කණ්ඩායම සමඟින් ….

නව තරග වාරයේ ‘PSG’ කණ්ඩායම සහභාගී වන පළමු නිළ තරගය ප්‍රංශ පාපන්දු තරග වාරය සාම්ප්‍රදායික ලෙස ආරම්භ කරනු ලබන ‘Trophee des Champions’ අවසන් මහා තරගයේ දී ‘Rennes’ කණ්ඩායමට එරෙහිව අගෝස්තු මස 03 වන දින චීනයේ ‘Shenzhen’ නුවර දී පැවැත්වෙන අතර නේමාර් වෙනත් පාපන්දු සමාජයක් සමඟ එක්නොවී තවදුරටත් ‘PSG’ කණ්ඩායම සමඟම රැඳී සිටියහොත් ඔහුට මෙම තරගය මඟහැරෙණු ඇත. ඒ පසුගිය තරග වාරයේ ප්‍රංශ කුසලාන අවසන් මහා තරගයේ දී ‘Rennes’ කණ්ඩායම හමුවේ ‘PSG’ කණ්ඩායම නොසිතූ පරාජයකට මුහුණ දීමෙන් අනතුරුව නේමාර් විසින් ක්‍රීඩාලෝලියෙකු හට ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළව ඔහුට පැනවූ තරග තහනම එම තරගයට ද අදාළ වන බැවිනි. 

එමෙන්ම පසුගිය තරග වාරයේ මාර්තු මාසයේ ‘UEFA’ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ දී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හමුවේ ‘PSG’ කණ්ඩායම මුහුණදුන් පරාජයෙන් අනතුරුව එහි විනිසුරු තීරණයකට අදාළව තරග විනිසුරුවරුන් විවේචනය කරමින් නේමාර් විසින් ‘Instagram’හි පලකළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහුට නිකුත් කළ තරග තහනමට අනුව ඔහුට එළඹෙන තරග වාරයේ ‘UEFA’ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ කාණ්ඩ තරග වටයේ පළමු තරග 3 ද අහිමි වනු ඇත.  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<