අකිල දනංජයට නැවතත් වැඩ වරදියි?

2714
Akila Dananjaya

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජයගේ හා කේන් විලියම්සන්ගේ පන්දු යැවීම සැක සහිත යැයි පිටියේ විනිසුරුවරුන් වාර්තා කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (20) පවසා සිටියේය.

වාර්තාවන් සමඟින් සිංහයින්ගෙන් කිවියන්ට හොඳ සංග්‍රහයක්!

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් ලෙස ……..

ඒ අනුව ඉදිරි දින 14ක කාලය ඇතුළත පන්දු යැවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයකට පෙනී සිටීමට අකිලට හා විලියම්සන්ට සිදු වනු ඇත. 

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමුවැනි ටෙස්ට් තරගයට සහභාගි වූ අකිල දනංජය එහි ඉනිම් දෙකේ දී ලකුණු 164ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. ඒ අතර පළමු ඉනිමේ කඩුලු 5ක් ද ඇතුලත්ය.

වයස අවුරුදු 19 දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් අකිල දනංජය පළමුවෙන්ම ක්‍රීඩා කළ තරගාවලිය වන්නේ 2012 වසරේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි.

පළමු ජයග්‍රහණයෙන් දිමුත් මුල් 10ට එද්දී අකිලත් උඩ යයි

ලෝක ටෙස්ට් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක්……

එතෙක් පුරා වසර 6කට ආසන්න කාලයක් තිස්සේ දේශීය මෙන්ම විදේශීය වශයෙන් පැවැත්වුණු ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි කිහිපයකටම දායකත්වය දක්වා ඇති අකිල  පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්වන්නේ දෙවන වතාවටයි. 

මීට පෙර පසුගිය වසරේ නොවැම්බර් මස එංගලන්තය සමඟ පැවති තරගාවලියක් අතරතුර ඔහු පන්දුව දමා ගැසීමේ චෝදනාවට වැරදිකරු බවට පත්විය. නමුත් පසුව සිය පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කරමින් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට අකිල සමත් විය.

ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 36කට, විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග 19කට සහ ටෙස්ට් තරග 6කට සහභාගි වී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත.

එංගලන්ත ජාතික රිචර්ඩ් ඉලන්ගවර්ත් සහ මයිකල් ගෆ් යන විනිසුරුවරුන් දෙදෙනා ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පිටියේ විනිසුරුවරුන් ලෙසින් කටයුතු කළහ. කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් (ICC) පවත්වනු ලබන පරීක්‍ෂණයේ නිල ප්‍රතිඵල ලැබෙන තුරු ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී පන්දු යැවීමේ අවස්ථාව අකිලට හා  විලියම්සන්ට හිමිවන බව සඳහන් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<