Home Sinhala විලියම්සන් දකුණු අප්‍රිකානු බලාපොරොත්තු සුන් කරයි!

විලියම්සන් දකුණු අප්‍රිකානු බලාපොරොත්තු සුන් කරයි!

228
(Photo by Oli SCARFF / AFP)

 

2019 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය ඊයේ (19) බ්ර්මින්හැම් හිදී පැවැත්වූ අතර ඉන් කඩුලු 4ක තියුණු ජයක් හිමි කර ගත් නවසීලන්ත ක්‍රීඩකයෝ සිය අපරාජිත වාර්තාව තව දුරටත් රැක ගැනීමට සමත් වූහ. ඒ සමඟින් දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් බලාපොරොත්තුව ද අහිමිව ගියේය.

මෝගන් පිටිය සිසාරා 6 පහරවල් එල්ල කරද්දී රෂීඩ්ටත් වාර්තාවක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය…

පෙර දින ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය මදක් ප්‍රමාද වී ආරම්භ වූ අතර එක් ඉනිමක් පන්දුවාර 49කට සීමා කිරීමට විනිසුරුවන් තීරණය කරන ලදි.

පිටියේ හා තණතීරුවේ පැවති තෙත සහිත ස්වභාවය නිසා කාසියේ වාසිය හිමි කර ගත් නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා දුන්නේ තණතීරුවේ උපරිම සහය ලබා ගැනීමේ අරමුණිනි.

ප්‍රතිවාදී කණ්ඩායමේ අරමුණ පැහැදිලිව තේරුම් ගත් දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ඉනිම ආරම්භයේ දී ඉතා ආරක්ෂාකාරී ලෙස පිතිකරණයේ යෙදුණු අතර නියමිත පන්දුවාර 49 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 241ක් රැස් කර ගැනීමට සමත් වූහ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු අතර සිටින පිතිකරු ක්වින්ටන් ඩි කොක් ඉනිමේ දෙවන පන්දුවාරයේ දී ම ලකුණු 5කට දවා ගැනීමට ට්‍රෙන්ට් බෝල්ට්සමත් වූ නමුත් සෙසු පිතිකරුවන් සෙමින් නමුත් ආරක්ෂාකාරී ලෙස ඉනිම ගොඩ නැගීමට වූයේ තරගයේ මුල් භාගයේ දී පන්දුවාරයකට ලකුණු 4ක පමණ දල වේගයක් පවත්වා ගනිමිනි.

මෙහි දී හෂීම් අම්ලා පන්දු 83ක දී ලකුණු 55ක් රැස් කළ අතර අද දින ඔහුගේ එක්දින ජාත්‍යන්තර දිවියේ ලකුණු 8000 සීමාව පසු කිරීමට ද සමත් විය.

අම්ලා වෙත අනගි සහයක් ලබා දුන් නායක ෆෆ් ඩු ප්ලෙසිස් හා ඒඩ්න් මාක්රම් පිළිවෙළින් ලකුණු 23ක් හා 38ක් රැස් කළේ අනවශ්‍ය ලෙස කඩුලු බිඳ වැටීමට ඉඩ ලබා නොදෙමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ශක්තිමත් කරමිනි.

කෙසේ නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එකතු වී සිටි වෑන් ඩර් ඩසන් හා ඩේවිඩ් මිලර් පැවති ලකුණු වේගය ඉහළ දමමින් වේගවත්ව ලකුණු රැස් කිරීම ආරම්භ කළ අතර එය නවසීලන්ත කණ්ඩායමට අභියෝගයක් එල්ල කළ හැකි ලකුණු සංඛ්‍යාවක් කරා සිය කණ්ඩායම රැගෙන යෑමට මහත් සේ ඉවහල් විය.

ප්‍රබලයින් දෙදෙනෙක් නැවතත් ඕස්ට්‍රේලියාවට

2019 ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි සතිය මේ වන විට ආරම්භ වී ඇති අතර පෙර තරගාවලි වලට….

මෙහි දී දක්ෂ ලෙස පිතිකරණයේ යෙදුණු වෑන් ඩර් ඩසන් පන්දු 64ක දී ලකුණු 67ක් ලබා ගත් අතර ඔහුට අනගි සහයක් ලබා දුන් ඩේවිඩ් මිලර් පන්දු 37කින් ලකුණු 36ක් ලබා ගත්තේ දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 241ක් දක්වා රැගෙන ඒමට විශාල දායකත්වයක් සපයමිනි.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගියුසන් කඩුලු 3ක් ලබා ගත් අතර ට්‍රෙන්ට් බෝල්ට්, ග්‍රෑන්හෝම් හා සැන්ට්නර් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේ ය.

පිළිතුරු ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කොලින් මුන්රෝ ලකුණු 9කට දැවී ගිය නමුත් නායක කේන් විලියම්සන් හා මාටින් ගප්ටිල් දෙවන කඩුල්ලට ලකුණු 60ක සබඳතාවයක් එක් කළේ ඔවුන්ගේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නංවමිනි.

නමුත් ෆෙලුක්වායෝගේ පන්දුවක් හමුවේ ගප්ටිල් ලකුණු 35කට දැවී යාමෙන් පසු ක්‍රියාත්මක වූ ක්‍රිස් මොරිස්, රොස් ටේලර් හා ටොම් ලේතම් එක් ලකුණ බැගින් ලබා සිටිය දී දවා ගත්තේ නවසීලන්ත මුල් පෙළ පිතිකරුවන් සිව් දෙනෙක්ම ලකුණු 80ක් වන විට ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් කරමිනි.

කෙසේ නමුත් එක් අන්තයක සිටි කේන් විලියම්සන් සිය නායකත්වයේ වගකීම මැනවින් ඉටු කරමින් ජේම්ස් නීෂාම්ගේ හා කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්ගේ සහය ද සමඟින් බිඳ වැටුණු නවසීලන්ත ඉනිම යළි ගොඩ නැගීමට සමත් විය.

මෙහි දී ග්‍රෑන්ඩ්හෝම් පන්දු 47ක දී රැස් කළ ලකුණු 60 නවසීලන්ත ජයග්‍රහණයට ඉතා වැදගත් වූ අතර න්ගිඩිගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යාමෙන් පසු යළි තරගය දෙපිළටම දෝලනය වූයේ රැස්ව සිටි ප්‍රේක්ෂකයන්ගේ හදවත් සුළු මොහොතකට නතර කරමිනි.

අවසන් පන්දුවාරයේ දී ලකුණු 8ක ඉලක්කයක් හිමි වූ අතර දෙවන පන්දුවේ දී ලකුණු 6කින් සිය 12 වැනි ශතකය වාර්තා කළ කේන් විලියම්සන් ඉන්පසු පන්දුවේ දී එක් ලකුණු 4ක් ලබා ගනිමින් නවසීලන්ත පිළ ජයග්‍රහණය කරා මෙහෙය විය.

දකුණු අප්‍රිකානු බර අවියක් මීළඟ තරගයට සූදානමින්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද දකුණු අප්‍රිකානු සංචිතයේ සිටි වේගපන්දු…

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් මොරිස් කඩුලු එක් ලබා ගත් අතර රබාඩා, න්ගිඩි හා ෆෙලුක්වායෝ එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.

ලකුණු 106ක් ලබා ගනිමින් නවසීලන්ත ජයග්‍රහණයට මූලික වූ කේන් විලියම්සන් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා බංගලාදේශය අතර තරඟය හෙට (20) නොටිංග්හැම් හී දී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Upcoming


New Zealand

South Africa