ට්‍රෙන්ට් බෝල්ට් ඉන්දියාව මෙල්ල කරයි

288
Trent Boult

නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නිරුත්තර වූ ඉන්දීය කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට ගොදුරු වෙමින් දෙරට අතර හැමිල්ටන් හිදී අද (31) නිමා වූ සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයේ දී කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය.

විදෙස් රටකින් දිමුත්ට ඇරයුමක්!

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරුවෙක් වන දිමුත් කරුණාරත්න එංගලන්තයේ හෑම්ෂයර් කවුන්ටි ක්‍රිකට් සමාජය සමඟ එක්කාසු වී සිව්දින ක්‍රිකට්.

දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 3ක් නිමාවේ දී 3-0ක් සේ තරගාවලිය ජයග්‍රහණය කරන්නට සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූයේ පසුගිය 28 වැනිදා ය. ඊට පසුව අද දිවා රාත්‍රී තරගයක් ලෙසින් නිමා වූ මෙම තරගයේ දී නවසීලන්ත ක්‍රීඩකයෝ ජයග්‍රහණය කළේ අස්වයා පැන ගිය පසු ස්තාලය වසා දැමීම සිහිපත් කරමිනි. ඔවුන් මෙම තරගයේ දී ජයග්‍රහණය කළේ පන්දු 212ක් ම ඉතිරිව තිබිය දී වීම විශේෂ වේ. කෙසේ වෙතත් මේ වන විටත් තරගාවලියේ ජයග්‍රහණය 3-1ක් ලෙසින් ඉන්දීය කණ්ඩායම සතු වේ.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 92කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ඉන්දීය ඉනිම විනාශ කිරීමේ දී පෙරමුණ ගත්තේ වමතින් වේගපන්දු යවන ට්‍රෙන්ට් බෝල්ට් ය.

ඔහු තම පන්දු වාර 10 දී නිලකුණු පන්දුවාර 4ක් සමඟින් ලකුණු 21කට කඩුලු 5ක් දවා ගත්තේ ය. මෙම දක්ෂතාව ඉන්දියාවට එරෙහිව ඔහු විසින් දැක්වූ හොඳම පන්දු යැවීමයි.  ට්‍රෙන්ට් බෝල්ට් තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

ඔහුට අමතරව කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

ඉන්දීය පිතිකරුවන් අතුරින් වැඩිම ලකුණු ලාභියා වූයේ අංක 10 පිතිකරු යුස්වේන්ද්‍ර සිං ය. ඔහු පන්දු 37කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තේ ය.

දෙවන ටෙස්ට් තරගය ලක්මාල්ට අවිනිශ්චිතයි?

හෙටින් (01) ඇරඹෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගය ආබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට අවිනිශ්චිත බව වාර්තා වේ. සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ….

රෝහිත් ෂර්මා නායකත්වයේ කටයුතු කළ මෙම තරගයේ දී ඉන්දීය පළමු කඩුලු 5 ලකුණු 33ක් වෙද්දී දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වාර්තා වූයේ 9 වැනි කඩුල්ලට ය. ඒ යුස්වෙන්ද්‍ර චාහල් සහ කුල්ඩීප් යාදව් (15) අතර ය. ඔවුන් දෙදෙනා ලකුණු 25ක සබඳතාවක් ගොඩ නැගූහ. ලකුණු 10ට වැඩියෙන් රැස් කළ අනෙක් ඉන්දීය පිතිකරුවන් වූයේ ෂිකර් ධවාන් (13) සහ හර්ඩික් පාණ්ඩ්‍යා (16) ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල ලකුණු 14 දී දවා ගැනීමට බුවනේෂ්වර් කුමාර් සමත් විය. දෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව ලකුණු 25කි. ඉනිම අවසන් වෙන විට තෙවැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 54ක සබඳතාවක් එක් කිරීමට හෙන්රි නිකොල්ස් සහ රොස් ටේලර් සමත් වූහ.

පාකිස්තානු පිළේ තරගාවලි ජයග්‍රහණ සිහිනය බොඳ වෙයි!

දකුණු අප්‍රිකාවේ දී එක්දින තරගාවලියක් ජය ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඊයේ (30) සංචාරක පාකිස්තානු කණ්ඩායමට අහිමි වී ගියේය. ඒ කේප්ටවුන් හිදී ඊයේ ක්‍රියාත්මක වූ පස්වැනි සහ අවසන් එක්දින තරගය දකුණු අප්‍රිකානුවන් කඩුලු 7කින් ජය ගැනීමත් සමඟයි.

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී හෙන්රි නිකොල්ස් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තේ ය. ඊට අමතරව අනෙක් අන්තයෙන්රොස් ටේලර් ලකුණු 37ක් ලබා පිටියේ නොදැවී රැදි සීටිය හ. ඔහු ඒ වෙනුවෙන් පන්දු 25කට මුහුණ දී සිටි අතර හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියේ ය.

කඩුලු දවා ගැනීමේ දී බුවනේස්වර් කුමාර් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

අද තරගයේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මංගල එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට 19 හැවිරිදි දකුණත් පිතිකරු ෂුබ්මන් ගිල් වාසනාවන්ත වුණි. නමුත් ඔහුට මෙම තරගයේ දී ලබා ගත් හැකි වූයේ අවාසනාවන්ත යැයි සැලකෙන ලකුණු 9කි.

ඉන්දියාව; සියලුම දෙනා දැවී 92 (30.5) යුස්වේන්ද්‍ර චාහල් නොදැවී 18, ට්‍රෙන්ට් බෝල්ට් 5/21, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 3/26

නවසීලන්තය; කඩුලු 2ක් දැවී 93 (14.4) හෙන්රි නිකෝල්ස් නොදැවී 30, රොස් ටේලර් නොදැවී 37, බුවනේස්වර් කුමාර් 2/25

දෙරට අතර පැවැත්වෙන 5 වැනි අවසාන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පෙබරවාරි මස 3 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙසින් වෙලින්ටන් හිදී ආරම්භ වීමට නියමිත ය.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<