කෙටිම තරග රටාවේ ලොකුම තරග වාර්තාව රෝහිත් ශර්මාට!

552

ඉන්දු – නවසීලන්ත විස්සයි විස්ස තරගාවලියට උණුසුම් මුහුණුවරක් ලබා දෙමින් අද (08) පැවති දෙවැනි විස්සයි විස්ස තරගය කඩුලු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව මේ වන විට තරගාවලිය 1-1ක් ලෙස සමවී ඇති අතර තීරණාත්මක තුන්වැනි තරගය කෙසේ හෝ ජය ගනිමින් කුසලානය හිමිකර ගැනීමට කණ්ඩායම් දෙකම බලාපොරොත්තුවෙන් පසුවෙති.

ඉන්දියාවට ඉතිහාසයේ දැවැන්තම පරාජය ගෙන දුන් සයිෆට්ගේ සුපිරි ප්‍රහාරය!

තවමත් ජාත්‍යන්තර තරග අත්දැකීම් කිහිපයක් පමණක් තිබුණ ද ප්‍රබල ඉන්දීය කණ්ඩායම…

අද ඕක්ලන්ඩ් හිදී ද කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් උත්සාහ කළේ පළමු විස්සයි විස්ස තරගයේ දී ඉන්දියානුවන්ට ලබා දුන් බෙහෙතම නැවත වරක් ලබා දීමටයි. එනම් මුලින් පන්දුවට පහර දී, ලකුණු 200ට වැඩි ලකුණක් රැස්කොට, ඒ පීඩනය මතින් ඉන්දීය පිතිපෙළ මෙල්ල කිරීමයි. කෙසේ වෙතත් මෙවර ඔහුගේ සිහින බොඳ වූයේ නවසීලන්ත ඉනිම ලකුණු 50ට ළඟා වෙද්දීම ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 4ක්ම ඩැහැ ගැනීමට ඉන්දියානුවන් සමත් වීමත් සමඟයි. ඒ අතරට කලින් තරගයේ දී ප්රවේගකාරී ලකුණු 84ක් රැස් කරමින් සුබ ආරම්භයක් ගෙන දුන් ටිම් සයිෆට්ගේ කඩුල්ල මෙන්ම නායක විලියම්සන්ගේ කඩුල්ල ද විය.

බිඳ වැටුණු නවසීලන්ත ඉනිමට නැවතත් බලාපොරොත්තු ගෙන ආවේ රොස් ටේලර් සහ කොලින් ඩි ග්රැන්ඩ්හොම් අතරේ ගොඩ නැගුණු සබඳතාවයයි. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සබඳතාවයක් ගොඩ නැගූහ. ඒ නිසාම නවසීලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 158ක් දක්වා තම ඉනිම ප්‍රසාරණය කර ගැනීමට හැකි විය. අගනා ප්‍රහාරයක් දියත් කළ ග්‍රැන්ඩ්හොම් තම විස්සයි විස්ස දිවියේ මංගල අර්ධ ශතකය ලෙස හරියටම ලකුණු 50ක් රැස්කර ගත්තේය. පන්දු 28ක් පමණක් වැයවුණු ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් විය.

පන්දු 36ක් තුල ලකුණු 42ක් රැස් කරගත් රොස් ටේලර්ගේ ඉනිමට හතරේ පහර 3ක් පමණක් ඇතුළත් විය. මොවුන් දෙදෙනා හැරුණුකොට වෙනත් කිසිම නවසීලන්ත පිතිකරුවෙකු ලකුණු 20 සීමාව හෝ පසු කිරීමට සමත් වූයේ නැත. කණ්ඩායමේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ කේන් විලියම්සන් ද රැස් ක‍ළේ ලකුණු 20ක් පමණි. පන්දු යැවීමේ දී වමතින් පිට දඟපන්දු යවන කෘනාල් පාන්ඩ්‍යා කඩුලු 3ක් බිඳ හෙලුවේ ලකුණු 28ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. මීට අමතරව 21 හැවිරිදි නවක ක්‍රීඩක කලීල් අහමඩ් තම වමත් වේග පන්දුවේ උපකාරයෙන් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

අත්තපත්තුගේ උත්සාහය වතුරේ යයි

පළමු තරග දෙකට සාපේක්ෂව වෙනස්ම මුහුණු වරක් ගත් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තෙවැනි විස්සයි විස්ස…

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් සුපිරි දායකත්වයක් හිමි වූ අතර ඔවුන් මුල් කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු සංඛ්‍යාව 79කි. ඒ අතරතුරේ දී නායක රෝහිත් ශර්මා තම විස්සයි විස්ස දිවියේ 16 වැනි අර්ධ ශතකය සපුරා ගැනීමට ද සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. මෙම තරගය අතරතුරේ දී ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග වල වැඩිම ලකුණු ලාභියා බවට ද පත්විය. ඒ ලකුණු 2272ක් ලබා සිටින නවසීලන්ත පිතිකරු මාටින් ගප්ටිල්ට වඩා ලකුණු 16ක් වැඩිපුර රැස්කර ගනිමිනි.

රෝහිත්ගේ සහය ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ලකුණු 30ක් ලබා ගත්තේ පන්දු 31කට මුහුණ දෙමිනි. ඔවුන් දෙදෙනා දැවී යාමෙන් පසුව වගකීම කරට ගත් 21 හැවිරිදි යොවුන් ක්‍රීඩක රිශාබ් පන්ට් සහ හිටපු නායක දෝනි තරගය නිමා වනතුරුම කඩුල්ලේ රැඳී සිටිමින් ඉන්දියානු ජය මුද්‍රා තැබූහ. පන්දු 28කට පමණක් මුහුණ දුන් රිශාබ් තමන්ට නවසීලන්තයේ වේගවත් තණතිලිවල දී ද දස්කම් දක්වන්නට හැකි බව තහවුරු කරමින් ලකුණු 40ක් රැස් කර ගත්තේය. ඒ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟිනි. එම්. එස්. දෝනි ලකුණු 20යි.

එක්දින කඩුලු ත්‍රිත්වවල සැඟවුණු රහස්

එක්දින ක්‍රිකට් තරගයකට ඕනෑම පන්දු යවන්නෙකුට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම ඔහුගේ එක්දින ක්‍රිකට්…

මොවුන් දෙදෙනා අවශ්‍ය කරන ලකුණු වේගය දිගින් දිගටම රඳවා ගැනීම නිසා ඉන්දියානු කණ්ඩායමට තරගයේ අපර කොටසේ දී හෝ අමතර පීඩනයක් හෝ එල්ල නොවීය. අවසානයේ ඔවුන් තරගය ජය ගත්තේ තවත් පන්දු 7ක් ඉතිරිව තිබිය දීයි. පන්දු යැවීමේ දී ෆර්ගසන්, සෝඩි සහ මිචෙල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. තරගයේ වීරයා සම්මානය නවසීලන්ත පිතිකරුවන්ට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ ඉඩකඩ අහුරා ලූ කෘනාල් පාණ්ඩ්‍යාට හිමි විය. ඉන්දීය පිළේ නවසීලන්ත සංචාරය අවසන් කරමින් දෙරට අතර තීරණාත්මක තෙවැනි විස්සයි විස්ස තරගය අනිද්දා (10) හැමිල්ටන් හිදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

නවසීලන්තය – කඩුලු 8ක් දැවී ලකුණු 158 (පන්දුවාර 20)

කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 50, රොස් ටේලර් 42, කේන් විලියම්සන් 20, කොලින් මන්රෝ 12, ටිම් සයිෆට් 12, කෘනාල් පාණ්ඩ්‍යා 3/28, කලීල් අහමඩ් 2/27, බුවනේශ්වර් කුමාර් 1/29.

ඉන්දියාව – කඩුලු 3ක් දැවී ලකුණු 162 (පන්දුවාර 18.5)

රෝහිත් ශර්මා 50, රිශාබ් පන්ට් 40*, ශිකර් ධවාන් 30, එම්.එස්. දෝනි 20*, විජේ ශංකර් 14, ඩාරිල් මිචෙල් 1/15, ඉශ් සෝඩි 1/31.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<