රෝහිත් – කුල්දීප් සුසංයෝගය නවසීලන්තය නැවතත් හඬවයි!

479

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නොනවතින ජය රැල්ලකට හසුව ඉදිරියට ඇදී යන ඉන්දීය කණ්ඩායම ඊයේ (26) නැවත වරක් නවසීලන්තය පරාජය කිරීමට සමත් විය. ඒ නවසීලන්ත සංචාරය අරඹමින් පැවැත්වෙන එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගනිමිනි. ඊයේ පැවති තරගය ඉන්දියානුවන් පහසුවෙන් ජය ගත්තේ ලකුණු 90ක පරතරයක් සහිතවයි.

මොහොමඩ් ශමී නවසීලන්තය අසරණ කරයි

මාස 13කට පසුව එක්දින ක්‍රිකට් පිටියට පිවිසි මොහොමඩ් ශමිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ නවසීලන්ත ක්‍රීඩකයෝ සංචාරක ඉන්දීය කණ්ඩායම හා සමඟ අද (23) නේපියර්…

ඊයේ දිනයේ බේ ඕවල් තණතිල්ල මත දී කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක විරාත් කෝලි මුලින් පන්දුවට පහර දීම තෝරා ගැනීමත් සමඟම තරගය ආරම්භ විය. සාමාන්‍යයෙන් ලකුණු හඹා යාමට ප්‍රියතාවයක් දක්වන ඉන්දියානුවන් ඊයේ මුලින් පන්දුවට පහර දුන්නේ පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳුවූ මෙම තණතිල්ලෙන් ප්‍රතිවාදීන් වාසි ගැනීම වැළැක්වීමට විය යුතුය. කෙසේ හෝ ඊයේ තම ඉනිම නිවැරදිව කළමනාකරණය කර ගත් ඉන්දියානුවන් තමන්ට නියමිත පන්දුවාර 50 තුල දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 324ක් ලබා ගත්හ.

ඊට පාර කැපුණේ ආරම්භක කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 154ක් එක් කිරීමට රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් සමත් වීමත් සමඟයි. ඒ අනුව තරගයේ පළමු කඩුල්ල දවා ගැනීම සඳහා පන්දුවාර 25ක් බලා සිටීමට නවසීලන්තයට සිදු විය. ඊයේ දිනයේ තම 27 වැනි අර්ධ ශතකය ලෙස ලකුණු 66ක් ලබා සිටි ශිකර් ධවාන්ව දවා ගත්තේ වමත් වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් විසිනි. ඒ පිට ඉන්නට ඈතින් යැවූ කෙටි පන්දුවක් මගිනි. ධවාන් එම පන්දුවට කට් පහරක් එල්ල කිරීමට උත්සාහ දැරූව ද පිත්තේ මැද පන්දුව නොගැටුණු නිසා එය නතර වූයේ කඩුලු රකින ක්‍රීඩක ටොම් ලැතම්ගේ දෑත් අතරයි.

අවිශ්ක සහ කමිඳු අයර්ලන්තය නැවත හඬවයි

අවිශ්ක ප්‍රනාන්දුගේ ශතකයෙන් සහ කමිඳු මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතාවන් ඉදිරියේ අසරණ වූ සංචාරක අයර්ලන්ත ක්‍රීඩකයෝ අද (26) කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස…

ඉන් අනතුරුව පිටියට පිවිසි නායක කෝලි සහ අම්බති රයිදු මැදපෙළ පිතිකරුවෙකුගේ භූමිකාව නිවැරදිව රඟ දක්වමින් තම වගකීම ඉටු කළහ. කෝලි ඊයේ දිනයේ දී ලකුණු 43ක් රැස් කළේ හතරේ පහර 5ක් සමඟිනි. රයිදු හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 47යි. විශේෂත්වය වන්නේ මොවුන් දෙදෙනාම පන්දු 50කට අඩු සංඛ්‍යාවක් යොදා ගනිමින් තම ඉනිම ගොඩ නැංවීමයි. ඊයේ දිනයේ ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රෝහිත් ශර්මා ලකුණු 87ක් වාර්තා කළේය. ඒ තම 38 වැනි එක්දින අර්ධ ශතකය ලෙසයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

ඉහත සියලු ක්‍රීඩකයින් පන්දු ගණනට ආසන්නව ලකුණු ගණන පවත්වා ගැනීම නිසා අවසන් පන්දුවාර කිහිපයේ දී ලකුණු වේගය වැඩි කිරීමේ වගකීම භාරවුනේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි එම්. එස්. දෝනි සහ කෙඩාර් ජාදෙව් ටයි. ඔවුන් දෙදෙනා අවසන් පන්දුවාර වලදී එක් පන්දුවාරයකට ලකුණු 10ක පමණ වේගයක් පවත්වා ගනිමින් ලකුණු රැස් කරන්නට වූහ. දිගින් දිගටම ඉන්දියාවට ජයග්‍රහණ ලබා දීමට දිරි දෙන එම්. එස්. දෝනි ඊයේ පන්දු 33කින් නොදැවී ලකුණු 48ක් රැස් කර ගත්තේය. ඒ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟයි. කෙඩාර් ජාදෙව් තමන් මුහුණ දුන් පන්දු 10 දී ලකුණු 22ක් එක්කාසු කොට ගත්තේ හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟයි. පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් සහ ලොකී ෆර්ගසන් කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

පිතිපෙළ නැවත වරක් නාය යයි; ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්!

තරගය පුරාවට දැක්වූ දියාරු පිතිකරණ රටාව නිසා ඕස්ට්‍රේලියානු සංචාරය අරඹමින් පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලැජ්ජා සහගත පරාජයක් උරුම කර ගැනීමට…

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිළේ නම ගිය පිතිකරුවන් කිසිවෙක් දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට අපොහොසත් වීම ඔවුන්ගේ අසාර්ථකත්වයට ප්‍රධානම හේතුව විය. ලකුණු 300ට වැඩි ලකුණු පුවරුවක් හඹා යාමේ දී එක් ක්‍රීඩකයෙකු හෝ ශතකයක් වාර්තා කිරීම අවශ්‍ය වුවද ගප්ටිල්, විලියම්සන්, ටේලර් වැනි කිසිදු මුල්පෙළ පිතිකරුවෙකු එම වගකීම භාර ගත්තේ නැත. එහි ප්‍රතිඵලය වූයේ නවසීලන්ත පිළේ සියලු කඩුලු ලකුණු 234ක් තුල දී බිඳ වැටීමයි. නවසීලන්ත තණතීරු වල හැසිරීම හොඳින් වටහාගෙන තිබූ ඉන්දීය දඟපන්දු යවන්නන් දෙදෙනා වන කුල්දීප් යාදෙව් කඩුලු 4ක් ද, යුශ්වේන්ද්‍ර චහාල් කඩුලු 2ක් ද බිඳ හෙලමින් නවසීලන්තයට ප්‍රබලම තර්ජනය බවට පත්වූහ.

ඊයේ දිනයේ පිත්තෙන් සාර්ථක වූ එකම නවසීලන්ත ක්‍රීඩකයා බවට පත්වූ ඩග් බ්‍රේස්වෙල් පන්දු 46කින් ලකුණු 57ක් රැස් කළ ද ඔහුට අනෙක් පිතිකරුවන්ගෙන් සහයක් හිමි නොවීය. නිරන්තරයෙන් කඩුලු බිඳ වැටීම නිසා අසරණ වූ නවසීලන්ත ඉනිම නිමාවට පත්වූයේ තවත් පන්දුවාර 9යි පන්දු 4ක් ඉතිරිව තිබිය දීයි. ඊයේ තරගයේ වීරයා සම්මානය දිගු ඉනිමක් ක්‍රීඩා කළ දකුණත් ආරම්භක පිතිකරු රෝහිත් ශර්මාට හිමි විය. ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ තවදුරටත් රැඳී සිටින්නට නම් හෙට (28) පැවැත්වෙන තරගයෙන් ජය ලැබීම නවසීලන්තයට අනිවාර්ය වනු ඇත.

ඉන්දියාව – කඩුලු 4ක් දැවී ලකුණු 324 (පන්දුවාර 50) රෝහිත් ශර්මා 87, ශිකර් ධවාන් 66, එම්.එස්. දෝනි 48*, අම්බති රයිදු 47, විරාත් කෝලි 43, කෙඩාර් ජාදෙව් 22*, ට්‍රෙන්ට් බෝල්ට් 2/61, ලොකී ෆර්ගසන් 2/81.

නවසීලන්තය – සියල්ලන්ම දැවී ලකුණු 234 (පන්දුවාර 40.2) ඩග් බ්‍රේස්වෙල් 57, ටොම් ලැතම් 34, කොලින් මන්රෝ 31, හෙන්රි නිකොල්ස් 28, රොස් ටේලර් 22, කුල්දීප් 4/45, බුවනේශ්වර් කුමාර් 2/42, යුශ්වේන්ද්‍ර චහල් 2/52.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<