මොහොමඩ් ශමී නවසීලන්තය අසරණ කරයි

296

මාස 13කට පසුව එක්දින ක්‍රිකට් පිටියට පිවිසි මොහොමඩ් ශමිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ නවසීලන්ත ක්‍රීඩකයෝ සංචාරක ඉන්දීය කණ්ඩායම හා සමඟ අද (23) නේපියර් හිදී නිමා කළ පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8කින් පරාජයට පත් විය.

කඩුලු 4යි, ලකුණු 69යි, උඩපන්දු 2යි; පෙලුක්වායෝ තරගයක් කණපිට ගසයි!

පිතිකරුවන්ට වැඩි වාසි ලබා දී ඇති වර්තමාන එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දී පවා….

තමන් විසින් යැවුණ පළමු පන්දු වාරයේ සිටම නවසීලන්ත ඉනිම පාලනය කිරීමට මොහොමඩ් ශමි සමත් වීම කැපී පෙණුනි. ඔහු ආරම්භක කඩුලු ද්විත්වයේම හිමිකාරයා වූ අතර නවසීලන්ත ඉනිම නිමා වන විට පන්දුවාර 6ක් යවමින් නොඉඳුල් පන්දුවාර දෙකක් ද සමඟින් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තේ ය. තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ද මොහොමඩ් ශමි ය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගනිමින් පිටියට පිවිස ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 157ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු දෙකක් දැවී ලකුණු 156ක් ලබා ගත්හ. ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් සේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් විය.

අනාරාධිතව පැමිණි අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අතර මග දී නතර කෙරුණ අතර තරගය නැවත ආරම්භ වූයේ පන්දුවාර 49ක දී ලකුණු 156ක ඉලක්කයක් ඉන්දියාවට ලබා දෙමිනි. එකී ඉලක්කය ඉතා ලෙහෙසියෙන් අභිබවා ගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගය ජය ගත්හ.

රත්වූ යකඩය කෙසේ හෝ නවාගන්නට සිංහයින් සීරුවෙන්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර….

නවසීලන්ත ඉනිම ආරම්භයේ සිටම පැවතියේ මන්දගාමී ලෙසිනි. ඔවුන්ගේ පළමු කඩුලු දෙක ලකුණු 18ක් වෙද්දී අහිමි විය. ඉන්පසුව නායක කේන් විලියම්සන් සහ රොස් ටේලර් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 34ක සබඳතාවත් එක් කරමින් නවසීලන්තයේ බලාපොරොත්තු නංවාලූහ.

රොස් ටේලර් පන්දු 41ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා ගෙන දැවී ගිය අතර කේන් විලියම්සන් 7 වැනි කඩුල්ල ලෙසින් පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 64ක් ලබා සිටිය දී දැවී ගියේය. එය විලියම්සන්ගේ 36 වැනි එක්දින අර්ධ ශතකයයි.

පන්දු යැවීමේ දී වමතින් චයිනමන් පන්දු යවන කුල්දිප් යාදව් ලකුණු 39කට කඩුලු 4ක් දවා ගනිමින් නවසීලන්ත ඉනිම සම්පූර්ණයෙන්ම පාලනය කළේය. ඔහුට අමතරව මොහොමඩ් ශමි කඩුලු 3ක් ද, යස්වෙන්ද්‍ර සිං කඩුලු දෙකක් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ තවත් පන්දු 87ක් ඉතිරිව තිබිය දී තම ඉලක්කය සපුරා ගත්හ.

අවිශ්ක, කමේෂ් හා මුදිත ශතක ලාභීන් බවට පත්වේ

පාසල් ක්‍රිකට් පිටියේ චමත්කාරම හා තරගකාරීම වයස් කාණ්ඩය වන වයස….

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 41ක් වෙද්දී දැවී ගියේය. ඉන් අනතුරුව ශිකර් ධවාන් සහ නායක විරාත් කෝලි එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ගියහ.

එම ඉනිම වෙනුවෙන් ශිකර් ධවාන් නොදැවී ලකුණු 75ක් ලබා ගත්තේ ය. පන්දු 103ක් වැය වූ එම ඉනිමට හතරේ පහර 6ක් ඇතුලත් විය. ඊට අමතරව නායක විරාත් කෝලි පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේ ය.

නවසීලන්තය; සියලුම දෙනා දැවී 157 (38) කේන් විලියම්සන් 64, රොස් ටේලර් 24, මොහොමඩ් ශමි 3/19, යස්වෙන්ද්‍ර සිං 2/43, කුල්ඩීප් යාදව් 4/39

ඉන්දියාව; කඩුලු 2ක් දැවී 156 (34.5) ශිකර් ධවාන් නොදැවී 75, විරාත් කෝලි 45

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මේ මස 26 වැනිදා බේ ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<