සවුතිගේ සුපිරි පන්දුකරණය හමුවේ බංගලින්ගේ සුද හේදෙයි!

215
Getty Images

මීට මසකට පමණ පෙර පැවැත්වුණු ඉන්දු – නවසීලන්ත එක්දින තරගාවලිය 4-1ක් ලෙස පරාජය වූ නිසා සත්කාරක නවසීලන්ත පිළ සිටියේ තරමක් කනස්සල්ලෙනි. ඒ නිසාවෙන්ම ලෝක කුසලානය අත ළඟ තබාගෙන තම රටේ ප්‍රේක්ෂකයින් ඉදිරියේම උරුම වූ මෙම අවමානය මකා ගැනීමට අවස්ථාවක් ලැබෙන තුරු ඔවුහු මඟ බලාගෙන සිටියහ.

“එදත් අදත් හෙටත් මම තමයි Universal boss.” – ක්‍රිස් ගේල්

බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් වසර ගණනාවක් මුළුල්ලේම ආරම්භක පිතිකරු භූමිකාවට…

ඔවුන්ගේ බලාපොරොත්තු සුඛිත මුදිත කරමින් එරටට පැමිණි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 3-0ක් ලෙස දරුණු පරාජයකට ලක් කරන්නට අද (20) නවසීලන්ත කණ්ඩායමට හැකි විය. එම තරගාවලියේ අවසන් එක්දින තරගය අද නිමාවට පත්වූයේ නවසීලන්තයට ලකුණු 88ක පහසු ජයක් හිමිකර දෙමිනි.

අද ඩුනේඩින් නුවර යුනිවර්සිටි ඕවල් පිටියේ දී ඇරඹුණු තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ බංග්ලාදේශ නායක මශ්රෆී මොර්ටාසායි. ඔහු මුලින් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී නවසීලන්ත පිළට ඇරයුම් කළේ ලැබෙන ඉලක්කයක් පසුවට හඹා යෑමේ අටියෙනි. නමුත් නවසීලන්ත පිළෙන් හිමිවුණු ඉලක්කය නුපුරුදු තණතිල්ලක් මත සුපිරි වේගපන්දු යවන්නන් පිරිසකට එරෙහිව හඹා යා නොහැකි ඉලක්කයක් බව ඔවුන්ට පසුව වැටහුණි. ඒ සත්කාරක නවසීලන්ත පිළ ලකුණු 330ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගූ බැවිනි.

සාමාන්‍යයෙන් ලකුණු 300කට අධික ඉනිමක් ගොඩ නැගීමේ දී එක් ක්‍රීඩකයෙකු හෝ ශතකයක් ලබා ගැනීම අවශ්‍ය වුවද නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූයේ රොස් ටේලර් රැස්කර ගත් ලකුණු 69යි. මෙහි රහස වූයේ නවසීලන්ත පිළේ සියලුම පිතිකරුවන් පාහේ මේ දිනවල ලකුණු අතරේ සිටීමයි. ඒ නිසා ඔවුන්ට තනිව දිගු ඉනිම් ක්‍රීඩා කිරීම වෙනුවට ලකුණු වේගය වැඩි කරමින් ප්‍රහාරාත්මක ඉනිම් ක්‍රීඩා කිරීමට අවකාශය උදා වී ඇත. රොස් ටේලර් සමඟ හෙන්රි නිකොල්ස් ද ලකුණු 64ක් ලබා ගනිමින් හොඳ පදනමක් සැකසූ පසු පසුපෙළ පිතිකරුවන් ඉතිරි වගකීම අකුරටම ඉටු කළහ.

දිනා ගත් ගෞරවයත් සමඟ ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගයට පෙර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන්…

ඒ වෙනුවෙන් ටොම් ලේතම් පන්දු 51ක් තුල ලකුණු 59ක් රැස්කර ගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර දෙකක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. අවසන් පන්දුවාර කිහිපයේ දී නවසීලන්ත ඉනිමේ ලකුණු වේගය ඉහළ දැමූ ජිමී නීශම් සහ කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් ප්‍රවේගකාරී ලෙස පිත්ත හසුරුවමින් ලකුණු 37 බැගින් රැස් කළහ. ඔවුන්ගේ ඉනිමවලට වැය වුනේ පිළිවෙළින් 24 සහ 15 බැගිනි. පන්දු යැවීමේ දී මුස්ටාෆිසූර් රහ්මාන් කඩුලු දෙකක් බිඳ හෙලූව ද ඔහුගේ පන්දුවාර 10යේ දී ලකුණු 93ක් උදුරා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වීම ද විශේෂත්වයකි.

මෙම ඉනිම හඹාගිය බංග්ලාදේශයට පන්දුවාර 47යි පන්දු 2ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 242ක් පමණි. බංගලි ඉනිමේ ආරම්භයම කඳුළක් කෙරූ ටිම් සවුති ලකුණු 2කට මුල්පෙළ කඩුලු 3ක්ම බිඳ දැමීමට සමත් විය. ඉන් නොනැවතුනු ඔහු තරගය නිමා කළේ ලකුණු 65ට කඩුලු 6ක්ම බිඳ දමමිනි. ඔහුගේ අඩිපාරේ ගිය ට්රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් ද, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් එක් කඩුල්ලක් ද බිඳ දැමූහ. ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත්වූ සබ්බීර් රෙහ්මාන් ශතකයක් වාර්තා කර ගත්තේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

56 වැනි සහෝදර ගැටුම තීරණයකින් අවසන් වන ලකුණු?

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 56 වැනි වතාවටත් පැවැත්වීමට නියමිත…

අවසන් තරගයේ වීරයා ලෙස සුපිරි පන්දු යැවීමක නිරත වුනු ටිම් සවුති සම්මාන හිමිකර ගනිද්දී, තරගාවලියේ වීරයා ලෙස අභිෂේක ලැබුවේ දකුණත් ප්‍රවේගකාරී පිතිකරු මාටින් ගප්ටිලුයි. ඔහු තම ආබාධ තත්වයෙන් සුවය ලැබීමෙන් පසු මේ අයුරින් ක්ෂණිකව දක්ෂතා අතරට පැමිණීමට සමත් වීම නවසීලන්ත ප්‍රේක්ෂකයින්ගේ දැඩි සතුටට හේතු වනු ඇත.

නවසීලන්තය – කඩුලු 6ක් දැවී ලකුණු 330 (පන්දුවාර 50)

රොස් ටේලර් 69, හෙන්රි නිකොල්ස් 64, ටොම් ලේතම් 59, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 37, ජිමී නීශම් 37, මාර්ටින් ගප්ටිල් 29, මුස්ටාෆිසූර් රහ්මාන් 2/93, මෙහෙදි හසන් 1/43, මොහොමඩ් සයිෆුද්දින් 1/48.

බංග්ලාදේශය – සියල්ලන්ම දැවී ලකුණු 242 (පන්දුවාර 47.2)

සබ්බීර් රෙහ්මාන් 102, මොහොමඩ් සයිෆුද්දින් 44, මෙහෙදි හසන් 37, මුශ්ෆිකර් රහීම් 17, මහමදුල්ලා 16, ටිම් සවුති 6/65, ට්රෙන්ට් බෝල්ට් 2/37, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 1/18.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<