චන්දිමාල්, මැතිව්ස් ඇතුළු 15ක් පළමු ටෙස්ට් තරගයට

11493

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර මේ මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (7) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් විය. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගාවලිය මෙයයි.

ශ්‍රී ලංකාවට එන නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලාංකික පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් …

පසුගිය 7 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 22කින් සමන්විත සංචිතයක් නම් කළ අතර ඒ අතරින් පළමු ටෙස්ට් තරගය සඳහා මෙසේ ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් අද තෝරාගෙන ඇත. 

මේ සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වමත් ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න වෙත ලබා දී තිබේ.  මීට අමතරව ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායකයින් වන දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් ද මේ සංචිතය සඳහා ඇතුළත් කර තිබේ.  

ක්‍රීඩකයින් 22ගේ සංචිතයේ සිටි ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, දනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් හට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය සඳහා තේරී පත්වීමට අවස්ථාව ලැබී නොමැත.

දිනේෂ් චන්දිමාල් හා ලහිරු කුමාර 2019 වසර ආරම්භයේ දී පැවැත්වුණු ඕස්ට්‍රේලියා තරග සංචාරයට පසුව නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට පැමිණෙන විට, අකිල දනංජය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නැවතත් පැමිණෙන්නේ පසුගිය වසරේ පැවැත්වුණු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පසුවයි.  

Video – නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය කොහොම වෙයිද? – පිටියේ කතා

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා …….

එසේම 2018 වසරේ අවසානයේ දී පැවැත්වුණු නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම නිසා ඉන්පසුව පැවැත්වුණු ටෙස්ට් තරගාවලි දෙකේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමට මැතිව්ස්ට අවස්ථාව නොලැබිණි

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය (පළමු ටෙස්ට් තරගයට) – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, අකිල දනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, 

 ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාල සටහන 

  • අගෝස්තු 08 – 10: තුන්දින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 14 – 18: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<