Home Sinhala මාලිංගගේ ගිනිකෙළි අස්සෙන් ජයග්‍රහණයට පාර වැටේ

මාලිංගගේ ගිනිකෙළි අස්සෙන් ජයග්‍රහණයට පාර වැටේ

129

වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද යමක් කර පෙන්වන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග අද (6) නැවත වතාවක් ලොව හමුවේ සිය සුපිරි පන්දු යැවීමේ බලය විදහා දැක්වීමට සමත් වූයේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී පන්දු 4ක් තුල කඩුලු 4ක් දවා ගනිමිනි.

එම සුපිරි දස්කමත් සමඟින් පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පැවති මෙම තරගයෙන් ලකුණු 37ක ජය ගත් ලබා ගත් ශ්‍රී ලංකාව මෙම වසරේ ලබා ගත් පළමු විස්සයි විස්ස තරග ජයග්‍රහණයට හිමිකම් කීමට සමත් විය.

නේපාලය අසරණ කරමින් ශ්‍රී ලංකා යෞවනයින් තරගාවලියට පිවිසෙයි

අනාගත ක්‍රිකට් ලොවට ආසියාකරයෙන් තිලිණ වන ක්‍රිකට් අංකුර එකිනෙක ගැටෙන යොවුන් ආසියානු…

තරගාවලියේ නොකඩවා තෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමු තරග දෙකේ දී මෙන්ම මේ තරගයේ දී ද සුපුරුදු ලෙස පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

පසුගිය දා නිමා වූ දෙවන තරගයේ දී ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් නොමැති නිසා අද තරගය සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ කුසල් ජනිත් හා ධනුෂ්ක ගුණතිලක යන දෙදෙනායි.

ඔවුන් දෙදෙනාට මේ තණතීරුවේ හැසිරීම හරි හැටි අවබෝධ කරගැනීම සඳහා Powerplay පන්දුවාර තුනක් පමණ අවශ්‍ය විය. සෙත් රාන්ස් යොමු කළ ඔහුගේ දෙවන පන්දුවාරයේ දී ගුණතිලක 4 පහර 4ක් සමඟින් ලකුණු 18ක් වාර්තා කළේ පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පිහිටි යෝධ ලකුණු පුවරුව වැඩි වේගයකින් ක්‍රියාත්මක කරමිනි. එම නිසා පළමු පන්දුවාර තුන තුල ගිලිහී ගිය ශ්‍රී ලංකා රිද්මය ප්‍රශස්ත මට්ටමට රැගෙන ඒමට ගුණතිලකට අවස්ථාව ලැබුණි. 

Photos: Sri Lanka vs New Zealand | 3rd T20I

ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස සුපුරුදු පරිදි කුසල් පෙරේරා ලකුණු 3කට දැවී ගියේ පළමු කඩුල්ල සඳහා ගොඩනැංවුණු ලකුණු 31 සබඳතාවයට තිත තබමිනි. එම කඩුල්ල මිචෙල් සැන්ට්නර්ගේ නම ඉදිරියෙන් සටහන් විය.

මෙම තරග තුනේ දී ම පළමු පන්දුවාර 6 තුල, එනම් Powerplay අවස්ථාවෙන් නිසි ඵල ප්‍රයෝජන ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අපොහොසත් වූ අතර මෙම තරගයේ දී ද Powerplay අවස්ථාව තුල රැස්කර ගත්තේ ලකුණු 36ක් පමණි.    

සිය දෙවන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා කළ දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක ටොඩ් ඇස්ට්ල් පන්දු 12ක් තුල ලකුණු 6ක් වාර්තා කර ගත් අවිශ්ක ප්‍රනාන්දුව දවා ගනිමින් සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ මංගල කඩුල්ලට හිමිකම් කීවේය. 

පළමු පන්දුවාර කිහිපය තුල ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ රිද්මය යම් මට්ටමකට හෝ රැක ගත් ගුණතිලක පන්දු 25ක් තුල ලකුණු 30ක් වාර්තා කළේ 4 පහර 4ක් එල්ල කරමිනි. එම 4 පහර සියල්ලම ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ ඒවා පමණක් වීම සුවිශේෂී වේ.

ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ගොඩනැංවුණු ලකුණු 31 සබඳතාවය හැරෙන්නට ඉන් එහා ගිය සබඳතාවයක් ගොඩනැංවීමට නවසීලන්ත පන්දු යවන්නෝ අවස්ථාව ලබා දුන්නේ නැත. 

නිරෝෂන් දික්වැල්ල සටන්කාමි පිතිකරණය නිරත වෙමින් බිඳ වැටෙමින් තිබූ ලකුණු සටහන යම් මට්ටමකට ඉහළට රැගෙන ගිය නමුත් ඒ සඳහා ඔහුට නිසි සහයක් හිමි වූයේ නොමැති නිසා ලකුණු 24කට පිටියෙන් ඉවත් වීමට ඔහුට සිදු විය. 

සිය මංගල විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා කළ ලහිරු මදුශංක පන්දු 23ක් තුල ලකුණු 20ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව හැකි පමණ සවිමත් කළේය. පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 100ක් ලබාගෙන තිබූ නමුත් නියමිත පන්දුවාර 20 අවසානයේ එම ලකුණු සටහන එකතු වූයේ තවත් ලකුණු 25ක් පමණි. 

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් හා ටොඩ් ඇස්ට්ල් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගිය අතර ස්කොට් කුගලයින් එක් කඩුල්ලක් දවා ගන්නා ලදි.

පාකිස්තානු ඉනිමට පණ දුන් පරිගණක ඉංජිනේරුවා

90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇල්මක් දැක්වූ යමෙකුට ඔහු අමතක කළ නොහැකි චරිතයකි…

ලකුණු 125ක පහසු ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් යුගලයේ එක් වෙනස්කමක් සිදු කරමින් ටිම් සෙයිෆරට් සමඟ කොලින් මන්රෝ පිටියට පැමිණියේය.

ඔවුන් දෙදෙනා පළමු පන්දු 15 තුල සෙමින් සීරුවේ ලකුණු 15ක සබඳතාවයක් ගොඩනංවමින් පිටියේ ස්ථාවර වූවත් මාලිංග ලකුණු 12ක් ලබාගෙන සිටි මන්රෝ දවා ගනිමින් සිය කඩුලු දඩයම ආරම්භ කරන ලදි. එය ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 100 වන කඩුල්ල විය.

ඉන්පසුව ක්‍රියාත්මක කරන ලද පන්දු 2 දීත් පිළිවෙළින් රදර්ෆර්ඩ් හා කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් දවා ගත් මාලිංග කඩුලු සියයක් දවා ගැනීමේ සතුට කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් සමරන ලදි.  

ඉන් නොනැවතුණු ඔහු ඉන්පසුව ක්‍රියාත්මක කළ පන්දුවේ දී ද ප්‍රබල පිතිකරුවෙක් වන රොස් ටේලර් දවා ගනිමින් පන්දු 4ක් තුල කඩුලු 4ක් දවා ගත්තේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ එවැනි දස්කමක් සිදු කළ ලොව පළමු වේගපන්දු යවන්නා (පළමු පන්දු යවන්නා රෂීඩ් ඛාන්) බවට පත්වෙමිනි. 

පළමු පන්දුවාර 5න් පන්දුවාර 3ක් තුල මාලිංග දැක්වූ දස්කම් නිසා සිය ක්‍රීඩා විලාසයට අලුත් ජවයක් එක් කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

ඒ වන විට පන්දුවාර 5ක් අවසානයේ ලකුණු 25ක් ලබාගෙන සිටි නවසීලන්ත කණ්ඩායම කබලෙනුත් බිමට ඇද දමා දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ලබා ගත් තරගාවලි පරාජය පසෙකලා නවසීලන්තයට කලකට අමතක නොවන විස්සයි විස්ස තරග පරාජයක් උරුම කර දීමට සමත් විය. 

කෙසේ නමුත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 23ක සබඳතාවයක් ගොඩනංවමින් අසීරු අඩියක සිටි නවසීලන්ත ලකුණු සටහන යම් මට්ටමකට රැගෙන ඒමට ඩාර්ලි මිචෙල් හා සැන්ට්නර් සමත් වුවත්, මිචෙල් දුවද්දී දැවී යාමකට හසුවීම නිසා නවසීලන්ත ඒ වෑයම අපතේ ගියේය. 

මාලිංග තමන් සතු අත්දැකීම් හා දක්ෂතාවය ඔස්සේ මේ තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සකසා දුන් සාර්ථක අඩිතාලම සවියක් කර ගත් අකිල දනංජය ඇතුළු ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ නවසීලන්ත අවසන් කඩුලු 4 ලකුණු 42ක් තුල දවා ගත්හ. 

අවසානයේ නවසීලන්ත පිතිකරුවන්  සියලුම දෙනා පන්දුවාර 16ක් තුල දැවී ගිය අතර ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 88ක් පමණි. නවසීලන්ත අවසන් කඩුල්ල වෙනුවෙන් සටන්කාමි පිතිකරණයක නිරත වූ නායක සවුති පන්දු 23ක් තුල නොදැවී ලකුණු 28*යි.

පන්දු යැවීමේ දී සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් ලකුණු 6කට කඩුලු 5ක් දවා ගත් මාලිංග තරගයේ වීරයා බවට පත්විය. කෙසේ නමුත් තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමි වූයේ නවසීලන්ත කණ්ඩායමටයි. 

තරගයේ වීරයා – ලසිත් මාලිංග 

තරගාවලියේ වීරයා – කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්

Result


Sri Lanka
125/8 (20)

New Zealand
88/10 (16)

Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka b Toodd Astle 30 25 4 0 120.00
Kusal Perera c Toodd Astle b Mitchell Santner 3 12 0 0 25.00
Avishka Fernando b Toodd Astle 6 12 1 0 50.00
Niroshan Dickwella c Colin Munro b Mitchell Santner 24 15 3 0 160.00
Lahiru Madushanka lbw b Mitchell Santner 20 23 1 0 86.96
Dasun Shanaka c Daryl Mitchell b Toodd Astle 7 6 1 0 116.67
Wanindu Hasaranga not out 14 10 0 0 140.00
Isuru Udana run out (Mitchell Santner) 2 4 0 0 50.00
Akila Dananjaya b Scott Kuggeleijn 0 2 0 0 0.00
Lasith Malinga not out 6 11 0 0 54.55


Extras 13 (b 1 , lb 8 , nb 0, w 4, pen 0)
Total 125/8 (20 Overs, RR: 6.25)
Fall of Wickets 1-31 (4.1) Kusal Perera, 2-39 (6.4) Avishka Fernando, 3-50 (8.5) Danushka Gunathilaka, 4-77 (12.2) Niroshan Dickwella, 5-98 (14.5) Dasun Shanaka, 6-101 (15.4) Lahiru Madushanka, 7-109 (16.6) Isuru Udana, 8-109 (17.2) Akila Dananjaya,

Bowling O M R W Econ
Tim Southee 4 0 16 0 4.00
Seth Rance 3 0 29 0 9.67
Mitchell Santner 4 1 12 3 3.00
Scott Kuggeleijn 4 0 21 0 5.25
Toodd Astle 4 0 28 3 7.00
Colin de Grandhomme 1 0 10 0 10.00


Batsmen R B 4s 6s SR
Colin Munro b Lasith Malinga 12 12 1 1 100.00
Tim Seifert ( c Danushka Gunathilaka b Lasith Malinga 8 13 1 0 61.54
Hamish Rutherford lbw b Lasith Malinga 0 1 0 0 0.00
Colin de Grandhomme b Lasith Malinga 0 1 0 0 0.00
Ross Taylor lbw b Lasith Malinga 0 1 0 0 0.00
Daryl Mitchell run out (Wanindu Hasaranga) 6 7 0 0 85.71
Mitchell Santner st Kusal Perera b Akila Dananjaya 16 15 1 0 106.67
Scott Kuggeleijn b Akila Dananjaya 0 1 0 0 0.00
Tim Southee not out 28 23 0 3 121.74
Toodd Astle lbw b Wanindu Hasaranga 3 5 0 0 60.00
Seth Rance lbw b Lakshan Sandakan 8 17 0 0 47.06


Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 88/10 (16 Overs, RR: 5.5)
Fall of Wickets 1-15 (2.3) Colin Munro, 2-15 (2.4) Hamish Rutherford, 3-15 (2.5) Colin de Grandhomme, 4-15 (2.6) Ross Taylor, 5-23 (4.4) Tim Seifert (, 6-46 (8.1) Daryl Mitchell, 7-46 (8.2) Scott Kuggeleijn, 8-47 (8.4) Mitchell Santner, 9-88 (15.6) Seth Rance,

Bowling O M R W Econ
Lasith Malinga 4 1 6 5 1.50
Akila Dananjaya 4 0 28 2 7.00
Lakshan Sandakan 4 0 33 1 8.25
Danushka Gunathilaka 1 0 7 0 7.00
Wanindu Hasaranga 3 0 12 1 4.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<