Home Sinhala ග්‍රෑන්ඩ්හෝම් ඇතුළු නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකාව අසරණ කරති

ග්‍රෑන්ඩ්හෝම් ඇතුළු නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකාව අසරණ කරති

235

විටින් විට ඇදහැලෙන වර්ෂාවට ද කාලය වැය කරමින් පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන අද (25) ක්‍රියාත්මක කළ පන්දුවාර 48 තුල ලකුණු 186ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වෙහෙසකර දිනයක් උදා කර දෙන්නට කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, ටොම් ලේතම් සමත් විය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ විස්සයි – විස්ස සංචිතය නිකුත් වේ

මේ මස 29 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී නවසීලන්තය සමඟ පැවැත්වෙන පුහුණු ක්‍රිකට්…………

තරගයේ සිව්වැනි දිනය උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් උදෑසන සිට ඇදහැළුණු වර්ෂාව නිසා තරගය ආරම්භය වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.40ටයි. තරගය ආරම්භ වන විට නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව රැස්කරගත් ලකුණු 244ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 196ක් රැස්කරගෙන තිබුණි. 

ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි ටොම් ලේතම් හා බී. ජේ. වොට්ලින්ග් පිළිවෙළින් ලකුණු 111*ක් හා ලකුණු 25*ක් ලබාගෙන 5 වැනි කඩුල්ල සඳහා හොඳ ස්ථාවර සබඳතාවයක් ගොඩනගා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

නිරෝෂන් දික්වැල්ල හා නායක දිමුත් කරුණාරත්න ද අද දිනයේ දී පන්දු රැකීම සඳහා පිටියට නොපැමිණියේ දෙදෙනාම ආබාධයකට ලක්ව සිටි නිසයි. කෙසේ නමුත් කඩුලු රකින ක්‍රීඩක දික්වැල්ලගේ ආබාධය නිසා ඊයේ (24) සවස සිට කඩුල්ල පිටුපස වගකීම දැරීමට දිනේෂ් චන්දිමාල්ට සිදු විය.

ලේතම් හා වොට්ලින්ග් තරගය ආරම්භ වූ මොහොතේ පටන් ඉතාමත් හොඳින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු තෝරා බේරාගෙන පන්දුවට පහර දුන් නිසා 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 143ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට ඔවුන්ට හැකි විය. එම සබඳතාවය, නවසීලන්ත පිතිකරුවන් දෙදෙනෙක් මෙවර තරග සංචාරයේ දී වාර්තා කර ගත් හොඳම සබඳතාවය ලෙස ද වාර්තා අතරට ගියේය. 

නවසීලන්ත ඉනිමේ 80 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාව දෙවන නව පන්දුව ලබා ගත් අතර අනතුරුව ක්‍රියාත්මක කළ 5 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී ලකුණු 154ක් ලබාගෙන සිටි ලේතම්ව දවා ගැනීමට දිල්රුවන් සමත් වූයේ කඩුල්ල මුව කිරීමේ වරදට හසුකර ගනිමිනි. ලේතම් 4 පහර 15ක් එල්ල කරමින් එම ලකුණු 154ක් වාර්තා කරගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 10 වැනි ටෙස්ට් ශතකය ද සම්පූර්ණ කර ගනිමිනි.

නායක කරුණාරත්නට ආබාධයක්; දික්වැල්ලත් එළියේ

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර, ශ්‍රී ලංකා…………

ඉන්පසු පිටියට පැමිණි දකුණතින් පිතිකරණයේ නිරත වන  කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලේතම්ගේ අඩුව ඉතාමත් ඉක්මනින් පුරාලමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් බවට පත්වූයේ ග්‍රෑන්ඩ්හෝම් වේගයෙන් ලකුණු රැස්කර ගැනීමට සමත් වූ නිසයි.

ග්‍රෑන්ඩ්හෝම් තේ පානයට මොහොතකට පෙර දිල්රුවන් ක්‍රියාත්මක කළ පන්දුවකට දැවැන්ත 6 පහරක් එල්ල කරමින් සිය ඉනිම සඳහා හොඳ ආරම්භයක් ලබා ගත්තේය. පසුව තේ පානය සඳහා තරගය නවතා දමන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 295ක් වාර්තා කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා ගිය නවසීලන්ත කණ්ඩායම සිව්වැනි දිනය අවසන් වන තෙක් 6 වැනි කඩුල්ල සඳහා වාර්තා වූ සබඳතාවය රැකගනිමින් ලකුණු රැස්කරන්නට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි. වොට්ලින්ග් සිය ක්‍රිකට් දිවියේ 18 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරගන්නා විට අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ ග්‍රෑන්ඩ්හෝම් ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කරගත්තේය. 

අයහපත් ආලෝක තත්වය නිසාවෙන් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 382ක් රැස්කරගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 138ක් ඉදිරියෙන් සිටිමිනි. 

නොදැවී ක්‍රීඩා කරන වොට්ලින්ග් 4 පහර 5ක් එල්ල කරමින් ලකුණු 81*ක් ලබාගෙන සිටින අතර ටෙස්ට් තරගය පැය කිහිපයක් තුල විස්සයි විස්ස තරගයක් බවට පරිවර්තනය කළ ග්‍රෑන්ඩ්හෝම් 4 පහර 5ක් හා 6 පහර 5ක් එල්ල කරමින් ලකුණු 83*ක් ලබාගෙන සිටියි. එම ලකුණු ප්‍රමාණය රැස්කරගැනීම සඳහා ඔහුට වැය වූයේ පන්දු 75ක් පමණි. 

Photos: Sri Lanka vs New Zealand | 2nd Test – Day 4

දිනය අවසන් වන විට ග්‍රෑන්ඩ්හෝම් හා වොට්ලින්ග් යන දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 147ක් තුල නොදැවුණු ලකුණු 113*ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවා තිබෙන්නේ නවසීලන්ත කණ්ඩායමට හොඳ අඩිතාලමක් සකස් කරදෙමිනි.

දකුණතින් දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා ලකුණු 114කට කඩුලු 3ක් දවා ගන්නා විට, ලහිරු කුමාර හා ලසිත් ඇඹුල්දෙණිය අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. 

තරගයේ ලකුණු සටහන

Result


Sri Lanka
244/10 (90.2) & 122/10 (70.2)

New Zealand
431/6 (115)

Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c BJ Watling b Tim Southee 65 165 6 0 39.39
Lahiru Thirimanne c Kane Williamson b William Somerville 2 35 0 0 5.71
Kusal Mendis c BJ Watling b Colin de Grandhomme 32 70 4 0 45.71
Angelo Mathews c BJ Watling b Trent Boult 2 29 0 0 6.90
Kusal Perera lbw b Trent Boult 0 4 0 0 0.00
Dhananjaya de Silva b Trent Boult 109 148 16 2 73.65
Niroshan Dickwella c BJ Watling b Tim Southee 0 3 0 0 0.00
Dilruwan Perera lbw b Ajaz Patel 13 54 1 0 24.07
Suranga Lakmal c BJ Watling b Tim Southee 10 24 1 0 41.67
Lasith Embuldeniya lbw b Tim Southee 0 2 0 0 0.00
Lahiru Kumara not out 5 11 0 0 45.45


Extras 6 (b 1 , lb 2 , nb 3, w 0, pen 0)
Total 244/10 (90.2 Overs, RR: 2.7)
Fall of Wickets 1-29 (14.4) Lahiru Thirimanne, 2-79 (32.3) Kusal Mendis, 3-93 (41.1) Angelo Mathews, 4-93 (41.5) Kusal Perera, 5-130 (57.3) Dimuth Karunaratne, 6-130 (57.6) Niroshan Dickwella, 7-171 (74.5) Dilruwan Perera, 8-214 (83.5) Suranga Lakmal, 9-224 (85.1) Lasith Embuldeniya, 10-244 (90.2) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Trent Boult 22.2 6 75 3 3.38
Tim Southee 29 7 63 4 2.17
Colin de Grandhomme 17 3 35 1 2.06
William Somerville 6 3 20 1 3.33
Ajaz Patel 16 4 48 1 3.00
Batsmen R B 4s 6s SR
Jeet Raval c Dhananjaya de Silva b Dilruwan Perera 0 9 0 0 0.00
Tom Latham lbw b Dilruwan Perera 154 251 15 0 61.35
Kane Williamson c Kusal Mendis b Lahiru Kumara 20 28 2 0 71.43
Ross Taylor c Dhananjaya de Silva b Lasith Embuldeniya 23 43 3 0 53.49
Henry Nicholls c Dhananjaya de Silva b Dilruwan Perera 15 46 0 0 32.61
BJ Watling not out 105 226 4 0 46.46
Colin de Grandhomme c Lahiru Kumara b Lasith Embuldeniya 83 77 5 5 107.79
Tim Southee not out 24 10 2 2 240.00


Extras 7 (b 0 , lb 4 , nb 0, w 3, pen 0)
Total 431/6 (115 Overs, RR: 3.75)
Fall of Wickets 1-1 (3.1) Jeet Raval, 2-34 (12.5) Kane Williamson, 3-84 (26.2) Ross Taylor, 4-126 (42.3) Henry Nicholls, 5-269 (85.3) Tom Latham, 6-382 (110.2) Colin de Grandhomme,

Bowling O M R W Econ
Dilruwan Perera 37 4 114 3 3.08
Dhananjaya de Silva 5 1 10 0 2.00
Suranga Lakmal 11 2 32 0 2.91
Lahiru Kumara 25 0 115 1 4.60
Lasith Embuldeniya 37 4 156 2 4.22


Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne run out (Ajaz Patel) 0 5 0 0 0.00
Kusal Perera c BJ Watling b Trent Boult 0 3 0 0 0.00
Kusal Mendis b William Somerville 20 63 3 0 31.75
Angelo Mathews c Ross Taylor b Colin de Grandhomme 7 30 0 0 23.33
Dhananjaya de Silva c Tim Southee b Ajaz Patel 1 19 0 0 5.26
Niroshan Dickwella c Tom Latham b Ajaz Patel 51 161 4 0 31.68
Dimuth Karunaratne lbw b Tim Southee 21 70 2 0 30.00
Dilruwan Perera c Ross Taylor b Tim Southee 0 12 0 0 0.00
Suranga Lakmal c Tom Latham b William Somerville 14 45 2 1 31.11
Lasith Embuldeniya c Kane Williamson b Trent Boult 5 11 0 0 45.45
Lahiru Kumara not out 0 3 0 0 0.00


Extras 3 (b 0 , lb 2 , nb 0, w 1, pen 0)
Total 122/10 (70.2 Overs, RR: 1.73)
Fall of Wickets 1-0 (0.5) Lahiru Thirimanne, 2-4 (2.2) Kusal Perera, 3-11 (11.3) Angelo Mathews, 4-22 (18.3) Dhananjaya de Silva, 5-32 (21.5) Kusal Mendis, 6-73 (43.5) Dimuth Karunaratne, 7-75 (47.4) Dilruwan Perera, 8-115 (65.3) Suranga Lakmal, 9-118 (69.3) Niroshan Dickwella, 10-122 (70.2) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Trent Boult 14.2 8 17 2 1.20
Tim Southee 12 6 15 2 1.25
Ajaz Patel 19 3 31 2 1.63
Colin de Grandhomme 4 1 8 1 2.00
William Somerville 21 6 49 2 2.33



තරගය හෙට (26) පස්වැනි සහ අවසන් දිනයටත් පැවැත්වෙන අතර විනිසුරුවරුන් විසින් උදෑසන 9.45ට තරගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<