Home Sinhala දිමුත් සහ ධනංජය වැස්සේ රජ වෙයි

දිමුත් සහ ධනංජය වැස්සේ රජ වෙයි

4664
New Zealand tour of Sri Lanka 2019 2nd Test Day 2

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවට සමගාමීව පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (22) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ආරම්භ වූ අතර ඇදහැලුණු වර්ෂාව නිසාවෙන් සවස 3.32ට තරගයේ දෙවන දිනය අත්හැර දැමීමට තරග විනිසුරුවරුන් අද (23) තීරණය කරන ලදි. 

වැස්ස හරස් වෙද්දී දිමුත් නොනැවති ඉදිරියට

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර..

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 144ක් රැස්කරගෙන තිබුණේ නවසීලන්ත වේගපන්දු යවන්නන්ගේ අභියෝගය හමුවේ පියවර කිහිපයක් පසුපසින් සිටිමිනි.

ඊයේ දිනයේ දී අයහපත් ආලෝක තත්වය නිසාවෙන් තරගය නවතා දමන විට කාසියේ වාසිය දිනාගෙන පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 36කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 85ක් ලබාගෙන තිබුණි. 

දෙවැනි දිනයත් උදෑසන 9.45ට ආරම්භ කිරීමට සැලසුම් කොට තිබූ නමුත් උදෑසන පැවති වර්ෂාව නිසාවෙන් තරගයේ ආරම්භය මිනිත්තු 45කින් පමණ ප්‍රමාද විය. ඒ නිසාවෙන් දෙවන දිනය තුල යැවීමට නියමිත පන්දුවාර ප්‍රමාණය පන්දුවාර 95කුත් පන්දු 3ක් ලෙස සටහන් විය. නමුත් අද දිනය තුල ක්‍රියාත්මක වූයේ පන්දුවාර 29කුත් පන්දු 3ක් පමණි. 

නායක දිමුත් කරුණාරත්න හා ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි දිනය ආරම්භ කරමින් පිටියට පිවිසි අතර ක්‍රියාත්මක වූ 6 වැනි පන්දුවාරයේ දී මැතිව්ස් හා කුසල් පෙරේරාව ක්‍රීඩාගාරයට හරවා යැවීමට වමතින් වේගපන්දු යවන ට්‍රෙන්ට් බෝල්ට් සමත් වූයේ ටෙස්ට් කඩුලු 250 සීමාව පසු කළ තෙවැනි නවසීලන්ත පන්දු යවන්නා බවට පත්වෙමිනි. 

ශ්‍රී ලංකාව 2009න් පසු කිවියන්ට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයකට

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග…

මැතිව්ස් සහ පෙරේරා පිළිවෙළින් ලකුණු දෙකකට හා ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීම නිසා ශ්‍රී ලංකා පළමු ඉනිමේ තෙවැනි සහ සිව්වැනි කඩුලු 2කම ලකුණු 93 දී බිඳ වැටුණි.

කෙසේ නමුත්, පසුගිය දා ගාල්ලේ දී නිමාව දුටු පළමු ටෙස්ට් තරගයේ මෙන් මෙම තරගයේ දී ද නායකත්වයේ වගකීම හැකි උපරිමයෙන් ඉටු කළ කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කළ 23 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 165ක් තුල ලකුණු 65ක් වාර්තා කළේය. 

ඔහු ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ එම කඩුල්ල වෙනුවෙන් දනංජය ද සිල්වා සමඟ ගොඩනැගූ ලකුණු 37 සබඳතාවයට ද තිත තබමිනි. එම කඩුල්ල ටිම් සවුත්ගේ නම ඉදිරියෙන් සටහන් විය.

>>Photos: Sri Lanka vs New Zealand | 2nd Test – Day 2<<

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කරමින් අර්ධ ශතකයක් වාර්තා කළ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල, සවුති විසින් එවූ තෙවැනි පන්දුවේ දී දැවී ගියේ ලකුණු නොලබාමයි. එය ඔහුගේ ටෙස්ට් දිවියේ ලකුණු නොලබා දැවී ගිය තෙවැනි අවස්ථාව විය. 

දෙවන දිනයේ දිවා විවේකයට පෙර තවත් පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් ඇදවැටුණු වර්ෂාව නිසාවෙන් තරගය නවතා දැමීමට තරග විනිසුරුවරුන් කටයුතු කළ අතර දිගින් දිගටම ඇදහැළුණු වර්ෂාවෙන් දෙවැනි දිනය අතහැර දමන ලදි. 

තරගය අත්හැර දමන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 66ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 144ක් වාර්තා කරගෙන තිබූ අතර නොදැවී ක්‍රීඩා කරන ධනංජය ද සිල්වා හා දිල්රුවන් පෙරේරා පිළිවෙළින් ලකුණු 32*ක් හා ලකුණු 5*යි. 

>> නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න <<

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා ටිම් සවුති කඩුලු 2ක බැගින් දවා ගන්නා විට කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් හා විලියම් සමර්විල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

තරගයේ ලකුණු සටහන

Stumps

Sri Lanka
244/10 (90.2)
New Zealand
196/4 (62)
BatsmenRB4s6sSR
Dimuth Karunaratne c BJ Watling b Tim Southee651656039.39
Lahiru Thirimanne c Kane Williamson b William Somerville235005.71
Kusal Mendis c BJ Watling b Colin de Grandhomme32704045.71
Angelo Mathews c BJ Watling b Trent Boult229006.90
Kusal Perera lbw b Trent Boult04000.00
Dhananjaya de Silva b Trent Boult10914816273.65
Niroshan Dickwella c BJ Watling b Tim Southee03000.00
Dilruwan Perera lbw b Ajaz Patel13541024.07
Suranga Lakmal c BJ Watling b Tim Southee10241041.67
Lasith Embuldeniya lbw b Tim Southee02000.00
Lahiru Kumara not out5110045.45
Extras6 (b 1 , lb 2 , nb 3, w 0, pen 0)
Total244/10 (90.2 Overs, RR: 2.7)
Fall of Wickets 1-29 (14.4) Lahiru Thirimanne, 2-79 (32.3) Kusal Mendis, 3-93 (41.1) Angelo Mathews, 4-93 (41.5) Kusal Perera, 5-130 (57.3) Dimuth Karunaratne, 6-130 (57.6) Niroshan Dickwella, 7-171 (74.5) Dilruwan Perera, 8-214 (83.5) Suranga Lakmal, 9-224 (85.1) Lasith Embuldeniya, 10-244 (90.2) Dhananjaya de Silva,
BowlingOMRWEcon
Trent Boult22.267533.38
Tim Southee2976342.17
Colin de Grandhomme1733512.06
William Somerville632013.33
Ajaz Patel1644813.00


BatsmenRB4s6sSR
Jeet Raval c Dhananjaya de Silva b Dilruwan Perera09000.00
Tom Latham not out11118410060.33
Kane Williamson c Kusal Mendis b Lahiru Kumara20282071.43
Ross Taylor c Dhananjaya de Silva b Lasith Embuldeniya23433053.49
Henry Nicholls c Dhananjaya de Silva b Dilruwan Perera15460032.61
BJ Watling not out25622040.32
Extras2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0)
Total196/4 (62 Overs, RR: 3.16)
Fall of Wickets 1-1 (3.1) Jeet Raval, 2-34 (12.5) Kane Williamson, 3-84 (26.2) Ross Taylor, 4-126 (42.3) Henry Nicholls,
BowlingOMRWEcon
Dilruwan Perera2537623.04
Dhananjaya de Silva41802.00
Suranga Lakmal41902.25
Lahiru Kumara1104414.00
Lasith Embuldeniya1815813.22

තරගය හෙට (24) තෙවැනි දිනයටත් උදෑසන 9.45ට  ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<