Home Sinhala වැස්ස හරස් වෙද්දී දිමුත් නොනැවති ඉදිරියට

වැස්ස හරස් වෙද්දී දිමුත් නොනැවති ඉදිරියට

592

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ආරම්භ විය. තරගයේ පළමු දිනය අවසන් වන විට කාසියේ වාසිය දිනාගෙන සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 85ක් රැස්කරගෙන තිබුණි.

ශ්‍රී ලංකාව 2009න් පසු කිවියන්ට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයකට

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර….

ශ්‍රී ලංකාව මේ තරගය සඳහා පැමිණෙන විට ගාලු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය වෙනුවට දිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳවා ඇති අතර නවසීලන්තය දඟපන්දු යවන මිචෙල් සැන්ට්නර් වෙනුවට මද වේගපන්දු යවන කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් කැඳවා තිබුණි.

අද උදෑසන සිට ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශ සඳහා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසාවෙන් තරගයේ ආරම්භය පැය 3කින් පමණ ප්‍රමාද වූ නමුත් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් 1.40ට ආරම්භ විය. ඒ වන විට පී. සරා ඕවල් පිටිය අවට හොඳ කාලගුණ තත්වයක් තිබූ නමුත් අහස්කුස තරමක් වලාකුළින් බර ස්වභාවයක් පෙනෙන්නට තිබුණි.

දිල්රුවන්ට තේරීම් කමිටුවෙන් ටෙස්ට් සංචිතයට ආරාධනාවක්

දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩකයෙකු දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාව හා….

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් වමත් පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න පිටියට පිවිසි අතර ඔවුන්ගේ ආරම්භක සබඳතාවය ලකුණු 29කට සීමා කරමින් ලකුණු දෙකක් ලබා සිටි තිරිමාන්න, විලියම් සමර්විල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ශෝර්ට් කවර් කලාපයේ සිටි විලියම්සන් වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඉන් අනතුරුව කරුණාරත්න හා පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් හොඳ සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා පළමු ඉනිම සවිමත් කළ අතර තේ පානය සඳහා තරගය නවතා දමන විට ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 71ක් ලබාගෙන සිටියේය. 

Photos: Sri Lanka vs New Zealand | 2nd Test – Day 1

තේ පානයෙන් පසුව සවස 4ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් ඇදහැළුණු මද වර්ෂාව නිසාවෙන් නැවත තරගය ආරම්භ වූයේ සවස 4.30ටයි. පැය භාගයක ප්‍රමාදය නිසාවෙන් දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පන්දුවාර 60න් තවත් පන්දුවාර 7ක් අඩු කිරීමට තරග විනිසුරුවරුන්ට සිදු විය. 

සිව්වැනි පන්දුවාරයේ දී පිට ඉන්නට තරමක් පිටතින් ඇදී ආ පන්දුවක් මෙන්ඩිස් ආරක්ෂිතව පිළිගැනීමට සූදානම් වුවත්, ඔහුගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව කඩුලු රකින ක්‍රීඩක බී. ජේ. වොට්ලින්ගේ අත්ආවරණ තුල සිරවීමත් සමඟ, දෙවන කඩුල්ල සඳහා ගොඩනැංවුණු ලකුණු 50 සබඳතාවයට තිත තබමින් මෙන්ඩිස් දැවී ගියේ පන්දු 72ක් තුල 4 පහර 4ක් සමඟ ලකුණු 32ක් ලබා ගනිමිනි. එම කඩුල්ල කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්ගේ නම ඉදිරියෙන් සටහන් විය.

>> නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න <<

අයහපත් ආලෝක තත්වය නිසා දෙවන ටෙස්ට් තරගය පළමු දිනය සඳහා නවතා දමන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 85ක් ලබාගෙන තිබුණි. එහි දී කරුණාරත්න නොදැවී ලකුණු 49*ක් ලබාගෙන ස්ථාවරව කඩුල්ලේ රැඳී සිටින අතර අනෙක් අන්තයේ සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 0*යි.

පන්දු යැවීමේ දී කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් හා විලියම් සමර්විල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

තරගයේ ලකුණු සටහන

Live

Sri Lanka
93/4 (42)
New Zealand


BatsmenRB4s6sSR
Dimuth Karunaratne not out541146047.37
Lahiru Thirimanne c Kane Williamson b William Somerville235005.71
Kusal Mendis c BJ Watling b Colin de Grandhomme32704045.71
Angelo Mathews c BJ Watling b Trent Boult229006.90
Kusal Perera lbw b Trent Boult04000.00
Dhananjaya de Silva not out01000.00
Extras3 (b 1 , lb 1 , nb 1, w 0, pen 0)
Total93/4 (42 Overs, RR: 2.21)
Fall of Wickets 1-29 (14.4) Lahiru Thirimanne, 2-79 (32.3) Kusal Mendis, 3-93 (41.1) Angelo Mathews, 4-93 (41.5) Kusal Perera,
BowlingOMRWEcon
Trent Boult1042122.10
Tim Southee1242201.83
Colin de Grandhomme1122111.91
William Somerville632013.33
Ajaz Patel31702.33

තරගය හෙට (23) දෙවන දිනයටත් ක්‍රියාත්මක වන අතර උදෑසන 9.45ට තරගය ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<