Home Sinhala අකිලගෙන් කඩුලු 5ක්; නවසීලන්තය අසීරු අඩියක

අකිලගෙන් කඩුලු 5ක්; නවසීලන්තය අසීරු අඩියක

1569
akila

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය සහභාගී වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (14) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ විය. 

ඇදහැළුණු අධික වර්ෂාව නිසා තරගයේ පළමු දිනය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබාගෙන තිබුණි.

ගෙවී ගිය වසර 7 අඳුරු මතකයන් මකා දාන්න ශ්‍රී ලංකාව ගාල්ලට

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර….

උදෑසන 10.01ට ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු ගාල්ල තණතීරුව මත පැවැත්වෙන මේ ක්‍රිකට් තරගය සඳහා කණ්ඩායම් දෙකම දඟපන්දු යවන්නන් තිදෙනෙකු සමඟ මේ තරගය සඳහා අවතීර්ණ විය.

නවසිලන්ත කණ්ඩායම වෙනුවෙන් පිටියට පැමිණි වමත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන කඩුලු රකින පිතිකරු ටොම් ලේතම් සහ ජීට් රවාල් තරමක මන්දගාමී ආරම්භයක් ලබා ගත් නමුත් ඒ ආරම්භය සාර්ථක ලකුණු පුවරුවක් වෙත යාමට පෙර සකස් කරනු ලබන සාර්ථක අඩිතාලමක් වන බව පෙනෙන්නට තිබුණි.

සුරංග ලක්මාල් හා ලහිරු කුමාර නවසීලන්තයට එරෙහිව පළමු පන්දුවාර 7 ක්‍රියාත්මක කළ අතර අනතුරුව පන්දු යැවීම සඳහා නායක කරුණාරත්න විසින් ක්‍රමයෙන් ධනංජය ද සිල්වා, අකිල දනංජය හා ලසිත් ඇඹුල්දෙණිය කැඳවන ලදි. 

පළමු පන්දුවාර 15 තුල ඉතාමත් සෙමින් ලකුණු ලබා ගැනීම දියත් කරමින් සිටි ලේතම් සහ රවාල් සෙමින් සෙමින් දල ලකුණු ලබා ගැනීමේ වේගය ක්‍රමයෙන් වැඩි කළේ 4 පහරවල් කිහිපයක් එල්ල කරමිනි.

නවසීලන්ත ඉනිමේ 20 වැනි පන්දුවාරයේ සිට අකිල හා  ඇඹුල්දෙණිය පිළිවෙළින් ගාල්ල නගර අන්තයෙන් හා ගාලු කොටුව අන්තයෙන් පන්දු යැවීම ආරම්භ කළ අතර එම පන්දුවාර කිහිපය තුල නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා තරමක් අසීරුවෙන් ක්‍රීඩා කරන බවක් පෙන්නුම් කරන්නට විය. 

එහි දී ගොඩනැගුණු පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස 4 පහර 3ක් සමඟ ලකුණු 30ක් ලබාගෙන සිටි ලේතම් අකිල දනංජයගේ පිටතට දඟ කැවුණු පන්දුව හමුවේ නිරෝෂන් දික්වැල්ල වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ඒ වන විට නවසීලන්ත ලකුණු සටහන ලකුණු 64/1ක් ලෙස සටහන් විය‍ෙ

>>Photos: Sri Lanka vs New Zealand | 1st Test – Day 1<<

ඉන් අනතුරුව පිටියට පැමිණි නවසීලන්ත නායක කේන් විලියම්සන් තමා මුහුණ දුන් තෙවැනි පන්දුවේ දී මිඩ් විකට් කලාපයේ සිටි කරුණාරත්න වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වූයේ තරගයේ පළමු කාර්තුවේ වැඩි වාසිය ශ්‍රී ලංකාව දෙසට හරවාලමිනි. ටෙස්ට් ඉනිම 128කට ක්‍රීඩා කර තිබෙන විලියම්සන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ලකුණු නොලබාම දැවී ගිය 8 වන අවස්ථාව බවට එය පත් විය.

ඉන් අනතුරුව පිටියට පැමිණි රොස් ටේලර් හා රවාල් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ ස්ථාවර වීමට වෑයම් කළත් දිවා ආහාරයට පෙර යැවුණු අවසන් පන්දුවාරයේ දෙවන පන්දුවේ දී පන්දු 83කට මුහුණ දී 4 පහර 3ක් සමඟ ලකුණු 33ක් ලබාගෙන සිටි රවාල් අකිලගේ පන්දුවක් හමුවේ දැවී ගියේ පළමු ස්ලිප් කලාපයේ සිටි ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

දිවා ආහාරය සඳහා තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්තය පන්දුවාර 30කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 71ක් ලබාගෙන තරමක් අසීරු මට්ටමක පසුවූ නමුත් සිව්වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ දකුණතින් පිතිකරණයේ නිරත වන ටේලර් හා වමතින් පිතිකරණයේ නිරත වන හෙන්රි නිකල්ස් ඉතාමත් සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලද්දේ නවසීලන්ත පළමු ඉනිම සඳහා යම් ජීවයක්‌ ලබා දෙමිනි. 

විශ්වාසය නැතිනම් මොකුත් කරන්න බැහැ – දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර….

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 5 වැනි තැන පසුවන නිකලස් හා 12 වැනි තැන පසුවන ටේලර්ගේ සබඳතාවය බිඳ දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවස්ථාවන් කිහිපයක් උදා වූ නමුත් දුර්වල පන්දු භාරදීම් නිසාවෙන් එම අවස්ථාවන් දෙකේ නියම ප්‍රතිඵල නෙලා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවස්ථාව උදා වුනේ නොමැත. 

අද දිනයේ උදෑසන කාලය හා සසඳා බලන විට සවස් වන විට දඟපන්දු යවන්නන්ට තණතීරුවෙන් ලැබෙන සහාය තරමක් අඩුවන බවක් පෙනෙන්නට වූ අතර එහි ස්වභාවය ඉතාමත් හොඳින් අවබෝධ කර ගත් රොස් ටේලර් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 31 වැනි අර්ධ ශතකය වාර්තා කරගත්තේය. එය ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කර ගත් 5 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. 

සිව්වැනි කඩුල්ල සඳහා ගොඩනැංවුණු ශතක සබඳතාවයට තිත තබමින්, නවසීලන්ත පළමු ඉනිමේ සිව්වැනි කඩුල්ල ද තමාගේ නමට ඉදිරියෙන් සටහන් කර ගත් අකිල පන්දු 78කට මුහුණ දෙමින් 4 පහර 2ක් සමඟ ලකුණු 42ක් වාර්තා කරගෙන සිටි නිකල්ස්ගේ කඩුල්ල දවා ගන්නා ලදි. නිකල්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව නවසීලන්ත පළමු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ඔවුන්ට තිබෙන විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාවන් දෙකෙන් එකක් ද අහිමි කරමිනි. 

ඉන් අනතුරුව පිටියට පැමිණි බී. ජේ. වොට්ලින් ද එක් ලකුණක් ලබාගෙන සිටිය දී දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසයි. ඒ කඩුල්ලත් සමඟම අකිල දනංජය සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් 4වන කඩුලු 5 අවස්ථාව සාර්ථක කරගත්තේය. 

>>නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න<<

තරගය තේ පානයට පසුව තෙවැනි කාර්තුව සඳහා නැවත ආරම්භ වූ නමුත් එහි දී ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ පන්දු 46ක් පමණි. ඉන්පසුව සවස 3.40ට පමණ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට වූ අතර ඒ නිසාවෙන් තරගයේ පළමු දිනය නවතා දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කරන ලදි.

නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ ස්ථාවරව සිටින ටේලර් 4 පහර 6ක් සමඟින් ලකුණු 86*ක් වාර්තා කරගෙන සිටින අතර අනෙක් අන්තයේ සිටින මිචෙල් සැන්ටනර් ලකුණු 8*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි. 

පන්දු යැවීමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අකිල දනංජය ලකුණු 57කට කඩුලු 5ක් දවාලන ලද්දේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනයේ දී සාර්ථක වූ එකම පන්දු යවන්නා බවට පත්වෙමිනි.

තරගයේ ලකුණු සටහන 

Result


Sri Lanka
267/10 (93.2) & 268/4 (86.1)

New Zealand
249/10 (83.2) & 285/10 (106)

Batsmen R B 4s 6s SR
Jeet Raval c Dhananjaya de Silva b Akila Dananjaya 33 83 3 0 39.76
Tom Latham c Niroshan Dickwella b Akila Dananjaya 30 88 3 0 34.09
Kane Williamson c Dimuth Karunaratne b Akila Dananjaya 0 3 0 0 0.00
Ross Taylor c Niroshan Dickwella b Suranga Lakmal 86 132 6 0 65.15
Henry Nicholls lbw b Akila Dananjaya 42 78 2 0 53.85
BJ Watling lbw b Akila Dananjaya 1 5 0 0 20.00
Mitchell Santner lbw b Suranga Lakmal 13 42 1 0 30.95
Tim Southee run out (Dhananjaya de Silva) 14 19 0 1 73.68
William Somerville not out 9 28 1 0 32.14
Trent Boult c Kusal Perera b Suranga Lakmal 18 22 1 1 81.82
Ajaz Patel lbw b Suranga Lakmal 0 0 0 0 0.00


Extras 3 (b 0 , lb 2 , nb 1, w 0, pen 0)
Total 249/10 (83.2 Overs, RR: 2.99)
Fall of Wickets 1-64 (26.3) Tom Latham, 2-64 (26.6) Kane Williamson, 3-71 (30.2) Jeet Raval, 4-171 (58.2) Henry Nicholls, 5-179 (60.2) BJ Watling, 6-205 (69.1) Ross Taylor, 7-216 (73.5) Mitchell Santner, 8-222 (74.6) Tim Southee, 9-249 (83.1) Trent Boult, 10-249 (83.2) Ajaz Patel,

Bowling O M R W Econ
Suranga Lakmal 15.2 5 29 4 1.91
Lahiru Kumara 10 1 37 0 3.70
Akila Dananjaya 30 3 80 5 2.67
Dhananjaya de Silva 6 0 20 0 3.33
Lasith Embuldeniya 22 1 81 0 3.68
Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne st BJ Watling b Ajaz Patel 10 36 1 0 27.78
Dimuth Karunaratne lbw b Ajaz Patel 39 73 4 0 53.42
Kusal Mendis c Ross Taylor b Ajaz Patel 53 89 7 1 59.55
Angelo Mathews c Ross Taylor b Ajaz Patel 50 98 7 1 51.02
Kusal Perera c Mitchell Santner b Trent Boult 1 4 0 0 25.00
Dhananjaya de Silva c & b Ajaz Patel 5 19 1 0 26.32
Niroshan Dickwella c Kane Williamson b William Somerville 61 109 3 0 55.96
Akila Dananjaya c Ross Taylor b William Somerville 0 8 0 0 0.00
Suranga Lakmal b Trent Boult 40 98 3 2 40.82
Lasith Embuldeniya lbw b William Somerville 5 17 1 0 29.41
Lahiru Kumara not out 0 9 0 0 0.00


Extras 3 (b 1 , lb 1 , nb 0, w 1, pen 0)
Total 267/10 (93.2 Overs, RR: 2.86)
Fall of Wickets 1-27 (10.6) Lahiru Thirimanne, 2-66 (22.5) Dimuth Karunaratne, 3-143 (46.5) Kusal Mendis, 4-144 (47.3) Kusal Perera, 5-155 (52.2) Dhananjaya de Silva, 6-158 (54.1) Angelo Mathews, 7-161 (55.5) Akila Dananjaya, 8-242 (84.4) Suranga Lakmal, 9-262 (91.1) Niroshan Dickwella, 10-267 (93.2) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Trent Boult 20 4 45 2 2.25
Tim Southee 7 3 17 0 2.43
William Somerville 22.2 3 83 3 3.74
Ajaz Patel 33 6 89 5 2.70
Mitchell Santner 11 0 31 0 2.82
Batsmen R B 4s 6s SR
Jeet Raval c Dimuth Karunaratne b Dhananjaya de Silva 4 20 0 0 20.00
Tom Latham c Lahiru Thirimanne b Akila Dananjaya 45 81 2 1 55.56
Kane Williamson c Kusal Perera b Lasith Embuldeniya 4 25 0 0 16.00
Ross Taylor c Dhananjaya de Silva b Lasith Embuldeniya 3 5 0 0 60.00
Henry Nicholls c Kusal Mendis b Dhananjaya de Silva 26 71 2 0 36.62
BJ Watling c Niroshan Dickwella b Lahiru Kumara 77 173 6 0 44.51
Mitchell Santner c Suranga Lakmal b Lasith Embuldeniya 12 35 0 0 34.29
Tim Southee st Niroshan Dickwella b Lasith Embuldeniya 23 62 1 0 37.10
William Somerville not out 40 118 2 0 33.90
Trent Boult c Dhananjaya de Silva b Lahiru Kumara 26 25 2 1 104.00
Ajaz Patel lbw b Dhananjaya de Silva 14 23 1 0 60.87


Extras 11 (b 4 , lb 5 , nb 2, w 0, pen 0)
Total 285/10 (106 Overs, RR: 2.69)
Fall of Wickets 1-8 (7.4) Jeet Raval, 2-20 (14.4) Kane Williamson, 3-25 (16.3) Ross Taylor, 4-81 (27.5) Tom Latham, 5-98 (39.2) Henry Nicholls, 6-124 (49.3) Mitchell Santner, 7-178 (69.5) Tim Southee, 8-224 (90.3) BJ Watling, 9-260 (98.2) Trent Boult, 10-285 (105.6) Ajaz Patel,

Bowling O M R W Econ
Suranga Lakmal 15 2 37 0 2.47
Akila Dananjaya 32 4 84 1 2.62
Dhananjaya de Silva 12 3 25 3 2.08
Lasith Embuldeniya 37 4 99 4 2.68
Lahiru Kumara 10 0 31 2 3.10


Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c BJ Watling b Tim Southee 122 243 6 1 50.21
Lahiru Thirimanne lbw b William Somerville 64 163 4 0 39.26
Kusal Mendis c Jeet Raval b Ajaz Patel 10 6 1 1 166.67
Angelo Mathews not out 28 73 2 0 38.36
Kusal Perera c Mitchell Santner b Trent Boult 23 19 5 0 121.05
Dhananjaya de Silva not out 14 13 3 0 107.69


Extras 7 (b 6 , lb 1 , nb 0, w 0, pen 0)
Total 268/4 (86.1 Overs, RR: 3.11)
Fall of Wickets 1-161 (60.2) Lahiru Thirimanne, 2-174 (61.5) Kusal Mendis, 3-218 (76.1) Dimuth Karunaratne, 4-250 (82.2) Kusal Perera,

Bowling O M R W Econ
Trent Boult 9.1 1 34 1 3.74
Tim Southee 12 2 33 1 2.75
William Somerville 31 6 73 1 2.35
Ajaz Patel 18 0 74 1 4.11
Mitchell Santner 13 2 38 0 2.92
Kane Williamson 3 0 9 0 3.00



තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<