ශ්‍රී ලංකාව සමඟ සටනට එන නවසීලන්ත එක්දින සංචිතය නිකුත් වේ

1051

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරගයක් ඇතුළත්ය. එහි එක්දින තරග සඳහා තරග වදින ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත එක්දින ක්‍රිකට් සංචිතය අද (27) නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

බොක්සිං දිනයේ දී ලක්මාල් සහ ටීම් සවුති එකිනෙකා ගැටෙති

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී වේගපන්දු යවන සුරංග ලක්මාල් සහ ටිම් සවුති එකිනෙකා තම කණ්ඩායම් වෙනුවෙන් දක්ෂතා දක්වමින්….

මේ එක්දින සංචිතය සඳහා ඩග් බ්‍රේස්වල් හා ජිමී නිෂාම් නැවතත් සංචිතයේ සිය ස්ථානයන් හිමිකරගෙන  තිබෙන අතර ආබාධයක් නිසාවෙන් නිමා වූ පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ දකුණත් ආරම්භක පිතිකරුවෙක් වන මාර්ටින් ගප්ටිල් හා නවක කඩුලු රකින පිතිකරුවෙක් වන ටිම් සයිෆර්ට් සංචිතයට කැඳවා ඇත.

ටොම් ලේතම් වෙනුවට සංචිතයට කැඳවා තිබෙන 24 හැවිරිදි සයිෆර්ට් නවසීලන්ත දේශීය හා පළමු පෙළ ක්‍රිකට් තරග රටාව තුල ඉතාමත් හොඳ දස්කම් දක්වමින් කැපී පෙණුන ක්‍රීඩකයෙක් වූ නිසා නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව පළමු වතාවට මොහුව එරට එක්දින ක්‍රිකට් සංචිතයට කැඳවීමට තීරණය කර තිබේ.

කොලින් ඩී ග්‍රාන්ඩ්හෝම් මේ තරගාවලිය තුල දී විවේක ගන්වා තිබෙන්නේ පසුගිය මාස 12ක ආසන්න කාලය පුරාවටම ඔහු නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම නිසයි. එසේම නවසීලන්ත කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී කළ තරග සංචාරයේ දී (පාකිස්තානය සමඟ තරග වැදීම වෙනුවෙන්) නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ බී. ජේ. වොට්ලින්ග් හා අජාස් පටෙල් යන දෙදෙනාම නවසීලන්ත එක්දින ක්‍රිකට් සංචිතය සඳහා තේරී නොමැත.

“ඩග් බ්‍රේස්වල් හා ජිමී නිෂාම් මේ වන විට අපේ දේශීය ක්‍රිකට් තරග රටාව තුල ඉතාමත් හොඳ දස්කම් අතර ඉන්නවා. නවසීලන්ත A හා ඉන්දීය A කණ්ඩායම අතර පැවැත්වුණු ක්‍රිකට් තරගාවලියේ නැවතත් දස්කම් දැක්වූ ඔවුන් දෙදෙනාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට මුහුණ දීමට සූදානමින් සිටින බව ලෝකයාට පෙන්නුවා.” යැයි නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා වන ගවින් ලාර්සෙන් මහතා නවසීලන්ත එක්දින ක්‍රිකට් සංචිතය නිකුත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

ලෝක කුසලාන තරගාවලියේත් නායකයා මාලිංගයි

2019 වසර ආරම්භයත් සමඟ නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර හෙවත් එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට…

කඩුලු රකින පිතිකරුවෙක් වන ටිම් සයිෆර්ට් 2018 වසරේ පෙබරවාරි මාසයේ දී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස වරම් දිනා ගත් අතර ඔහු මේ දක්වා විස්සයි විස්ස ක්‍රිකට් තරග 7කට සහභාගී වී තිබේ.

පසුගිය දා නිමා වූ පාකිස්තානය සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා  නවසීලන්තය වෙනුවෙන් මාර්ටින් ගප්ටිල් සංචිතයට තෝරාගෙන තිබූ නමුත් ඔහුගේ පාදයේ කලව ආශ්‍රිතව ඇතිවූ ඇදීමක් නිසාවෙන් ඔහු ඒ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව වෙනත් ක්‍රීඩකයෙකු වෙත ලබා දෙන ලෙස නවසීලන්ත ක්‍රිකට් පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කළේය. කෙසේ නමුත් ඔහු මේ වන විට ඉන් පූර්ණ සුවය ලබා ලබන ජනවාරි මස 3 වැනිදා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇත.

නවසීලන්ත එක්දින සංචිතය: කේන් විලියම්සන් (නායක), ට්‍රෙන්ට් බෝල්ට්, ඩග් බ්‍රේස්වල්, ලුකී ෆර්ගසන්, මාර්ටින් ගප්ටිල්, මැට් හෙන්රි, කොලින් මුන්රෝ, ජිමී නිෂාම්, හෙන්රි නිකලස්, ටිම් සයිෆර්ට් (කඩුලු රකින්නා), ටිම් සවුති, ඉෂ් සෝදී , රොස් ටේලර්.

ශ්‍රී ලංකා – නවසීලන්ත සීමිත පන්දුවාර තරග කාලසටහන

පළමු එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 3 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රී) (උදෑසන 6.30)

දෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 5 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රී) (උදෑසන 6.30)

තෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 8 – නෙල්සන් හිදී (උදෑසන 3.30)

එකම විස්සයි විස්ස තරගය – ජනවාරි 11 – ඕක්ලන්ඩ් හිදී (උදෑසන 11.30)

සැ.යු:  *සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇත.

දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය 2019 වසරේ ජනවාරි මස 3 වැනිදා මවුන්ට් මන්ගුවානි හිදී ආරම්භ වන අතර එම තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්ව සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<