ශ්‍රී ලංකාව ලෝක කුසලානවල දී හොඳට කරනවා – මහේල

191

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරගය හෙට (31) වේල්ස් හි කාර්ඩිෆ් හිදී පැවැත්වේ. එම තරගයට පෙර මහේල ජයවර්ධන මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මේ දක්වා පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවල දී ශ්‍රී ලංකාව හොඳින් දස්කම් දක්වන බව පවසා තිබේ.

ලෝකය දිනන තරගාවලියේ ආරම්භයට හොඳ ගැම්මක් ගමු!

12 වැනි ලෝක කුසලානය තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු ක්‍රිකට් තරගය…

නවසීලන්තය ගෙවී ගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවල දී අවසන් පූර්ව තරග 6කට පැමිණ තිබෙන නමුත්  අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත්තේ පසුගිය වසරේ පැවති තරගාවලියේ දීයි. නමුත් එහි දී ද ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ බ්‍රෙන්ඩන් මැකලම් විසින් වන අතර ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිසා මේ වසරේ දී නවසීලන්ත ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය දරන්නේ කේන් විලියම්සන් වේ.

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව පැවති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගවල දී නවසිලන්තය ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ අතර එක වතාවක දී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 2 වන ස්ථානය දිනා ගැනිමට ද ඔවුන් සමත් විය. එහි දී නවසීලන්ත කණ්ඩායම ඉන්දියාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව වැනි රටවල් පරාජය කළේය.

කොදෙව්වන් මෙල්ල කරන්න පාකිස්තාන නායකයා සූදානම්

2019 ලෝක කුසලාන ක්‍රිකට් වසන්තය ඊයේ (30) ආරම්භ විය. පළමු තරගය ලෙස එංගලන්තය දකුණු…

2019 ලෝක කුසලානය ආරම්භ වීමට පෙර නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වූ අතර එහි දී ඉන්දියාව පරාජය කිරීමට සමත් වූ ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පරාජයට පත්විය.  

“නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට මේ වතාවේ දී ලොකු වෙනසක් කරන්න ලොකු ඉඩකඩක් තියෙයි කියලා මම හිතනවා. ගොඩක් අය අපි ගැන ලොකුවට විශ්වාසය තියලා නම් නැහැ, නමුත් මට නම් ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ජේම්ස් ෆ්‍රෑන්ක්ලීන් පැවසීය.

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ නායක විලියම්සන් 12 වැනි ස්ථානයේ රැඳී සිටින අතර රොස් ටේලර් එහි 10 වැනි ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග දත්ත සලකා බැලූ විට ඔවුන් එම තරග තුල සාර්ථක ලෙස  තිබේ. 1996 වසරේ දී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරාජය කොට ශූරතාවය දිනා ගත් අතර 2007 හා 2011 යන වසර දෙකේ දී ම අවසන් මහා තරගයට පැමිණ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

“ශ්‍රී ලංකාව ගෙවී ගිය සෑම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දී ම වගේ ඉතාමත් හොඳට දස්කම් දක්වලා තියෙනවා. දිමුත් කරුණාරත්න කියන්නේ එක්දින තරග රටාවට ටිකක් අලුත් ක්‍රීඩකයෙක් නමුත් ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේල ජයවර්ධන පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේල මෙසේ පැවසීය.

“කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්ගේ අතේ පිතිකරණය සවිමත් කරන්න ලොකු වගකීමක් තියෙනවා. ඔවුන්ට ඒ හැකියාවත් හොඳටම තියෙනවා. තරග 4ක් හෝ තරග 5ක් දින්නොත් මීළඟ වටයට යන්න ශ්‍රී ලංකාවට පුළුවන් වෙයි කියලා මම හිතනවා. තරගයෙන් තරගය සැලසුම් කරලා සෙල්ලම් කළොත් එය එතරම් අමාරු වෙන එකක් නැහැ.”

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<