‘New Youngs’ සහ ‘Super Sun’ ගැටුමෙන් ශූරයින්ගේ සටන ඇරඹේ

284

13 වන වරට පැවැත්වෙන ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය එළඹෙන ඉරිදා (21) ප.ව. 6.00ට යාපනය දොරෙයියප්පා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව ඇති අතර එහි දී පැවැත්වෙන තරගාවලියේ ආරම්භක තරගයේ දී ‘New Youngs FC’ කණ්ඩායම සමඟින් ‘Super Sun SC’ කණ්ඩායම තරග වදිනු ඇත.

සාන්ත පීතර ක්‍රීඩකයන්ට දැවැන්ත ජයක්

2018 ThePapare පාපන්දු ශූරතාවයේ අද (18) පැවති තරගයකින් ගෝල 7-1ක දැවැන්ත..

පෙර වසරවල තරගාවලි වලදී මෙන් මෙම වසරේ දී ද තරගාවලිය ලීග් ක්‍රමය යටතේ පවත්වනු ලබන අතර එහි දී කණ්ඩායම් 18ක් එකිනෙකා සමඟ එක් තරගයක් බැගින් වන ලෙස තරග කරනු ඇත. සති 17ක් පුරාවට පැවැත්වෙන තරගාවලිය තරග සති 4කින් සමන්විත වන අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (SLFF) තරගාවලි කළමනාකරු අසීෆ් අන්වර් මහතා පවසන අන්දමට එළඹෙන 2019 වසරේ ජනවාරි 27 වන දිනයේ දී ඔවුන් තරගාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

පසුගිය 2017 තරග වාරය අවසානයේ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ තරගාවලිය දක්වා පහතට වැටුණු අතර 2017 තරග වාරයේ දී ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ ශූරතාවය දිනා ගත් රෙඩ් ස්ටාර්ස් පාපන්දු සමාජ කණ්ඩායම සහ එහි අනුශූරතාවය දිනා ගත් රත්නම් පාපන්දු සමාජ කණ්ඩායම මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලිය දක්වා උසස් වීමක් ලබා ගැනීමට සමත් විය.

ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) ක්‍රීඩා සමාජ බලපත්‍ර වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ මෙවර තරග වාරයේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය පිළිවෙළින් ‘Sea Horses SC’ සහ ‘Defenders SC’ යන නම්වලින් තරගාවලිය සඳහා එක්වෙති.

රාජකීයයන් පරාජය කරමින් ගම්පොල ක්‍රීඩකයින්ට විශිෂ්ට ජයක්

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ පසුගිය සෙනසුරාදා (13) පැවති තරගයකින් පෙරළිකාර..

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා මෙවර තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ;

“පසුගිය වසර 12ක කාලය පුරාවට මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දක්වමින් අපට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ‘Dialog Axiata’ සමාගමට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ වන විට අපි අපේ ‘Vision 2030’ වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින්නේ. ඒ හරහා මේ වන විටත් ජාතික පිරිමි පාපන්දු කණ්ඩායමේ ප්‍රගතියක් අත්කර ගන්න අපි සමත් වෙලා තියෙනවා. ඔවුන් පසුගිය මාස 2ක කාලය පුරාවට හොඳින් ක්‍රීඩා කළා.”

ඒ අනුව මෙවර පැවැත්වෙන 13 වන ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ දී සම්පූර්ණ තරග 153ක් පැවැත්වෙන අතර ඒ සඳහා 60කට අධික තරග තීරකවරුන් සංඛ්‍යාවක් සහ තරග කොමසාරිස්වරු 30 දෙනෙක් සිය දායකත්වය ලබා දෙනු ඇත. පසුගිය වසරේ තරගාවලියේ අවසාන තරගයේ දී ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ‘Renown SC’ කණ්ඩායම ගෝල 0-1ක් වශයෙන් පරාජයට පත්කළ ‘Colombo FC’ කණ්ඩායම අඛණ්ඩව තුන්වන වරටත් ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු ශූරතාවය තමන් සතුකර ගන්නට සමත් විය.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<