නිව් යංග්ස් කණ්ඩායම, පිට පිටම සිය තෙවන තරග ජයග්‍රහණයත් වාර්තා කරමින් ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ඊයේ (01) පැවති තරගයෙන් ගෝල 1-0ක් වශයෙන් ජය ගන්නට සමත් විය. තරගය පැවැත්වූයේ කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදීයි.

සොලිඩ් හමුවේ ගුවන් හමුදාවට පහසු ජයක්

ගුවන් හමුදා කණ්ඩායම සහ සොලිඩ් ක්‍රීඩා සමාජය අතර කැළණියේ දී අද (26) පැවති තරගයෙන් ගෝල 03-00ක් ලෙස ජයග්‍රහණය කරන්නට ගුවන් සෙබළුන් සමත් වූහ.

නිව් යංග්ස් කණ්ඩායම මෙම තරගයට පිවිසියේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 4-1ක් වශයෙන් දැවැන්ත ජයක් ලැබීමෙන් අනතුරුවය. සුපිරි අට දෙනාගේ වටයේ දී කණගාටුදායක ක්‍රීඩා ශෛලියක නිරත වූ ගුවන් හමුදා කණ්ඩායම මෙම තරගයට පිවිසියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා  කිරීමේ අරමුණෙනි.

තම කණ්ඩායමේ සුපිරි ප්‍රහාරක හසිත ප්‍රියංකර ද ඇතුළුව තවත් ක්‍රීඩකයන් පස් දෙනෙකුට තරග තහනමක් පැනවී තිබීම හේතුවෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු රහිතව තරගය අරඹන්නට නිව් යංග්ස් කණ්ඩායමට සිදුවූවත් තරගයේ මුල සිටම පාලනය සියතට ගන්නට ඔවුන් සමත් විය. ඊට මූලික හේතුව වූයේ ෆොස්ටර් අමාඩි ය.

නමුත් අතපසුවීම් හේතුවෙන් කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථා ගිලිහුණු අතර ෆොස්ටර් අමාඩි දිගින් දිගටම සිදු කළ තර්ජනය වළක්වා ගැනීමට ගුවන් හමුදාවේ කුමාර ලංකේශ්වර දක්ෂ විය.

මඳ වේලාවකට පසුව වේගයෙන් ඉදිරියට පැමිණි මොහොමඩ් ෆවුසාන්, ගුවන් හමුදා ආරක්ෂකයින් තිදෙනෙකුම පසු කරමින් විදුලියක් සේ ප්‍රහාරයක් ගෝලය වෙතට එල්ල කරමින් විශිෂ්ට ගෝලයක් වාර්තා කළේය .ඉන් අනතුරුව තරගය ශාරීරික ගැටීම් වලට සීමා වූ අතර පළමු අර්ධය අවසාන වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා නොවීය.

පළමු අර්ධය: නිව් යංග්ස් ක්‍රීඩා සමාජය 1-0 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

නිපුන බණ්ඩාර සහ කවිඳු ඉෂාන් ගුවන් හමුදාව වෙනුවෙන් දිගින් දිගටම අසාර්ථක වෙද්දී නිව් යංග්ස් කණ්ඩායමේ අභියෝගය කෙමෙන් කෙමෙන් වැඩි වන්නට විය. ඉන් තරගය උණුසුම් වූ අතර විනිසුරුගෙන් දෙපිලටම අවවාද හිමිවිය.

කෙසේ වෙතත් සුපිරි අට දෙනාගේ වටය පුරාවටම ගුවන් හමුදා කණ්ඩායම ක්‍රීඩා කළ අයුරු නැවතත් සිහි ගන්වමින් නිව් යංග්ස් කණ්ඩායම හමුවේ ඔවුන් අසාර්ථක වූ අතර මුල් වටයේ දී ලබා ගත් ගෝලය රැක ගැනීමට නිව් යංග්ස් කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ කාලය: නිව් යංග්ස් ක්‍රීඩා සමාජය 1-0 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ෆොස්ටර් අමාඩි (නිව් යංග්ස්)

නිව් යංග්ස් පුහුණුකරු රෝහිත ප්‍රනාන්දු තරගයෙන් අනතුරුව ThePapare.com සමඟින් අදහස් දැක්වූයේ මෙසේයි.

“අපේ මුල් පෙළ ක්‍රීඩකයන්ගෙන් පස් දෙනෙක් අසාධාරණ අයුරින් තහනමකට ලක්වීමත් එක්ක අපි අන්තිම තරග දෙකම ක්‍රීඩා කළේ ඔවුන් නැතුවයි. කොහොම වුණත් අපි පැහැදිලි ජයග්‍රහණයන් දෙකක්ම ලබා ගත්තා. ක්‍රීඩකයන්ගේ දස්කම් සහ ප්‍රතිරූපය ගැන මට සතුටුයි.”

ගෝල ලබාගත් ක්‍රීඩකයන්.
නිව් යංග්ස්: මොහොමඩ් ෆවුසාන් 14′.

කහ කාඩ්පත්:
මොහොමඩ් ෆවුසාන් 59′ (නිව් යංග්ස්)
කුමාර ලංකේශ්වර 43′, චරිත් ප්‍රනාන්දු 57′, දේවින්ද බණ්ඩාර 86′ (ගුවන් හමුදාව)

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට