මේ 2019 වසරයි!

256

පළමුවෙන්ම ලැබුවා වූ නව වසර සතුට, සෞභාග්‍ය පිරි ප්‍රීතිමත් ක්‍රීඩාශීලී වසරක් වේවායි “ThePapare.com සිංහල” අපි ප්‍රාර්ථනා කරන්නෙමු. මෙම වසර පසුගිය වසරටත් වඩා අපට සහ රටේ ක්‍රීඩාවට විශේෂ වසරක් වන බව නොඅනුමානයි. ThePapare.com වෙබ් අඩවියට දසවස් පිරීම ඊට හේතුවන විශේෂිතම කරුණකි.

පුරා දස වසරක් මුළුල්ලේ දෙස් විදෙස් කෙළිබිමේ සියලු පුවත් ඔබ වෙත ගෙන ඒමට හැකි වීම, ThePapare.com අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. ඒ පිළිබඳව අපි ආඩම්බරයට පත්වෙනවා සේම ලැබුවා වූ නව වසර තුළ ද දෙස් විදෙස් කෙළිබිමේ සියලු පුවත් ඔබ වෙත ගෙන ඒමට අපි සැදී පැහැදී සිටින්නෙමු. ඒත් සමඟම කෙළිබිමේ පුවත් මව් බසින් ඔබ වෙත ගෙන එන “ThePapare.com සිංහල බලකාය”ට ද මෙම වසරේ දී තෙවසරක් සපිරීමට නියමිත අතර ඒ සඳහා විශේෂ වැඩසටහන් ද ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වන්නෙමු.

ගෙවුණු දස වසර තුළ අප ලැබූ සියලුම ජයග්‍රහණයන් පිටුපස සිටින්නේ ප්‍රේක්ෂක ඔබයි. ප්‍රේක්ෂක ඔබ සියලු දෙනා අප සමඟ එකතු වී නොසිටියා නම් ThePapare.com අපේ ගමන මෙතෙක් දුර පැමිණීමට නොහැකි වනු නොඅනුමානයි. ඉතින් ලැබූවා වූ නව වසරේදී ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්ම විශේෂ වැඩසටහන් රාශියක් සූදානම් කර ඇත. එම නිසා එම විශේෂ වැඩසටහන් පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහාත් ThePapare.com අපි සමඟ රැඳී සිටින ලෙස ආරාධනා කර සිටින්නෙමු.

ක්‍රීඩා මාධ්‍යකරණයේ නව මං සොයා යන ThePapare.com සිංහල බලකායේ සිටින සහෘදයින් අතරින් කිහිප දෙනෙක් සමස්ත කණ්ඩායම වෙනුවෙන්ම ලැබුවා වූ නව වසරට සුබ පැතුම් එක්කළේ මෙලෙසින්.

“අපේ රට පොඩි රටක්. ඒ රටේ මිනිස්සුන්ව ලෝකය ඉස්සරහට අරගෙන ගිය ප්‍රධාන ක්ෂේත්‍රයක් තමයි ක්‍රීඩාව. ඒ ක්‍රීඩාව ජනතාව අතරට ගෙන යන එක තමයි ThePapare.com අපේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ThePapare.com අවුරුදු 10ක් වැඩ කළා වගේම, අපේ රටේ සිංහලෙන් ක්‍රීඩාව කියවන රසිකයන් වෙනුවෙන් ThePapare සිංහල කණ්ඩායම මේ අවුරුද්දෙත් අපේ උපරිමය කරන්න සූදානම්.” අසංක හදිරම්පෑල, ජ්‍යේෂ්ඨ ක්‍රීඩා රචක/ නිවේදක/ වැඩසටහන් නිෂ්පාදක.

“දශකයක් පුරාවට ක්‍රීඩාවට හදවතින්ම” ඒක තමයි මේ අවුරුද්දේ අපේ තේමාව. ThePapare.com වෙබ් අඩවිය සමඟ පුරා වසර 10ක කාලයක් තිස්සේ සිටි සහ ඉදිරියේ දීත් සිටින සියලුම රසිකයින්ට වගේම මුළුමහත් ලෝක වාසී ප්‍රේක්ෂකයින්ට ThePapare.com සිංහල බලකාය වෙනුවෙන් මම ක්‍රීඩාශීලිත්වය සපිරුණු සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.” සචින් දනංජය – ක්‍රීඩා මාධ්‍යවේදී  

“ජාති ආගම් භේද දුරලා සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත් වීමට ක්‍රීඩාවෙන් ලබන පන්නරය අති විශාලයි. ඒ තරමටම ශ්‍රී ලාංකික අපට ‘ක්‍රීඩාව’ කියන එක ජීවිතයේ එක් කොටසක් වෙලා. ඉතින් ඒ ක්‍රීඩාවේ පුවත් ගෙවුණු දස වසර මුළුල්ලේ ඔබ වෙත ගෙන ඒමට හැකි වීම සම්බන්ධයෙන් විශාල සතුටක් සහ ආඩම්බරයක් දැනෙනවා වගේම ඉදිරි අනාගතයේ දී එය පුළුල් මං ඔස්සේ ඔබ වෙත ගෙන ඒමටත් බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට ප්‍රීතිමත් ක්‍රීඩාශීලී නව වසරක් වේවා.” හසිත ගුණරත්න, ක්‍රීඩා රචක  

“වසර 3ක් පුරාවට සිංහලෙන් ක්‍රීඩා පුවත් ඔබ වෙත සමීප කරන්න ThePapare සිංහල කණ්ඩායම විශාල කැපවීමක් කළා වගේම සිදු කරමින් ඉන්නවා. වසර 3ක් පුරාවට අපි යම්කිසි සාර්ථකත්වයක් අත්කරගෙන ඉන්නව ද ඒ සෑම දෙයක් පිටිපස්සේම ThePapare.com කණ්ඩායම මෙන්ම රටේ ක්‍රීඩාවට ලැදි ප්‍රේක්ෂක ජනතාව ඉන්නවා. ඉතිං දසවැනි සංවත්සරයක් එක්ක රටේ ක්‍රීඩාවට වගේම රටේ ක්‍රීඩාවට ලැදි ප්‍රේක්ෂක සෑම දෙනෙක්ට තවතවත් නවමු සහ වෙනස්ම ආකාරයකින් ක්‍රීඩා පුවත් ඔබට සමීප කිරීම අපි හැමෝගෙම අරමුණයි! ඉතිං ඒ ගමන පුරාවටම අපත් සමඟ රැඳෙන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. සුබ අලුත් අවුරුද්දක්” ගයාෂාන් තිළිණ, පුවත් සංස්කාරක (සිංහල)

ගෙවී ගිය දස වසරේදී මෙන් ඉදිරි අනාගතයේදීත් දෙස් විදෙස් කෙළිබිමේ තතු විත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින් සිටී. ඒ සඳහා ඉදිරියටත් ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ රැඳී සිටින ලෙස ආරාධනා කරමින් නැවත වරක් ලැබූවා වූ නව වසර ප්‍රීතිමත්, ක්‍රීඩාශීලී වසරක් වේවා යි අපි ප්‍රර්ථනා කරන්නෙමු.   

>>සිංහලෙන් ක්‍රීඩා පුවත් කියවන්න පිවිසෙන්න – මුල් පිටුවට<<