නව ජාතික වොලිබෝල් තේරීම් කමිටුවට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

197

වොලිබෝල් ඇතුළු තවත් ජාතික ක්‍රීඩා කණ්ඩායම් 08කට අදාළව නව තේරීම් කමිටුවල සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (28) ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

2017 මන්චි ජාතික වොලිබෝල් තරගාවලිය ගලිගමුවෙන් ඇරඹේ

සිලෝන් බිස්කට්ස් සමාගමේ (CBL) ප්‍රමුඛතම සන්නාමය වන මන්චි අඛණ්ඩව 10 වන වසරටත් ජාතික වොලිබෝල්…

පත්වූ නව ජාතික වොලිබෝල් තේරීම් කමිටුව

සභාපති 

සරත් විජේතුංග මහතා

සාමාජිකයින් 

එන්.ඩී.ගුණසේන මහතා

ඊ. එම්. එල්. සී. ඒකනායක මහතා

එම්. ඒ. රංජිත් ප්‍රේමරත්න මහතා

සී. ඩබ්. මහින්දරත්න මහතා

තවදුරටත් ක්‍රිකට්, බැඩ්මින්ටන්, හොකී, රුවල්ඔරු, කැනෝයින් සහ කායකින්, මලල ක්‍රීඩා, ජුඩෝ, පැසිපන්දු යන ක්‍රීඩාවන්වල නව තේරීම් කමිටු සාමාජිකයින් සඳහා ද ඊයේ පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදි.

මෙහි දී පත්වූ නව තේරීම් කමිටු සාමාජිකයින් අමතමින් ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ‍ දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ;

 “අද දින පත්වීම් ලබන ඔබතුමන්ලා අතේ විශාල වගකීමක් තියෙනවා. මෙරට ක්‍රීඩාවේ අනාගතය  ඔබතුමන්ලා අතේ රැඳී තිබෙන්නේ. නිවැරදි ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම්වලට යොමු කිරීමත් ඒ තුලින් ජයග්‍රහණ අත්කරලීමත් ඔබතුමන්ලාගේ වගකීමක්. ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කිසිම අවස්ථාවක තේරීම් කමිටු කාර්යයන් සඳහා මා මැදිහත් වන්නේ නැහැ. ඒ සඳහා පූර්ණ නිදහස මම ඔබතුමන්ලා වෙත ලබා දී තිබෙනවා. ඒ නිදහසෙන් ප්‍රයෝජන ගනිමින් නිවැරදි දක්ෂ ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම්වලට ඇතුලත් කිරීම ඔබ තුමන්ලාගේ වගකීමක්. මේ සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට නිසි ක්‍රමවේදයක් සකසන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

ඇතැම් අවස්ථාවල කණ්ඩායම සඳහා නොතේරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවගේ මව්පියන් පවා හඩාගෙන මං ලගට ඇවිත් කියනවා විවිධ වූ අසාධාරණකම් සිදු වුනා කියා. එවැනි අවස්ථාවල පවා මම කියන්නේ අසාධාරණයක් වුනා නම් මම ඒ ගැන සොයා බලන්නම්. නමුත් කණ්ඩායමට ඇතුල්වීමේ කාරණා තේරීම් කමිටුව හා සාකච්ඡා කර ගන්නා ලෙසයි.

මෙවැනි අවස්ථාවල කටයුතු කිරීමට අභියාචන මණ්ඩලයක් ඉදිරියේ දී අප ස්ථාපනය කරනවා. යම් කිසි අසාධාරණයක් සිදු වුවහොතින් එම අසාධාරණයට අවශ්‍ය විසදුම් අභියාචනා මණ්ඩලයෙන් ලබාගත හැකි වේවි.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ වොලිබෝල් ශූරතා වයඹ පළාතට

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල යටතේ මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති කාන්තා හා පිරිමි වොලිබෝල්…

කිවයුතු තවත් කාරණයක් තමයි සියලුම ජාතික කණ්ඩායම්වල තේරීම් කමිටු සාමාජිකයින් ප්‍රාදේශීය හා පලාත් වශයෙන් පැවැත්වෙන තරග නැරඹීමේ ක්‍රමවේදයක් සකසා ගත යුතු බව. එසේ නැරඹීමෙන් තමයි ප්‍රාදේශීය වශයෙන් විසිරී සිටින ක්‍රීඩිකාවන් ජාතික කණ්ඩායම්වලට ඇතුලත් කර ගැනීමේ පළමු පියවර වන්නේ. ඒ වගේම කිවයුතුයි ක්‍රිකට් හැර අනෙක් ක්‍රීඩාවන්හී ජාතික කණ්ඩායම් තේරීම් කමිටු සාමාජිකයින් ඒ ඒ ජාතික ක්‍රීඩා උළෙලේ අදාල තරග නැරඹීම අනිවාර්ය කළ යුතුයි. ජාතික කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තේරීමට මෙය හොඳ මූලික පියවරක් වනවා.

ලබන වසරේ ජනවාරි පළවැනිදා සිට ජාතික කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම් සිදුකිරීමේ දී ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වීම අනිවාර්යයි. ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ බයෝ මිකැනිසම් තාක්ෂණය ආදියෙන් වැඩිදියුණුකර ශරීර යෝග්‍යතා පරීක්ෂණ සිදු කිරීම සඳහා සියලු පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා.”

වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට