සහිරා, ධර්මරාජ විද්‍යාලවලට නව රග්බි නායකයින්

1031

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත පාසල් ලීග් රග්බි තරගාවලිය ඉලක්ක කර ගනිමින් මහනුවර ධර්මරාජ විද්‍යාලයත්, මරදාන සහිරා විද්‍යාලයත් විසින් නව රග්බි නායකයන් දෙදෙනෙක් පත්කර ඇත.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පළමු පෙළ රග්බි නායකත්වය බවන්ත උඩන්ගමුව හට ලබා දී ඇති අතර ඕෂධ කළුපහණ හා මනුක හියාරපිටිය ධර්මරාජ විද්‍යාලයේ රග්බි උප නායකත්වයට පත්කර ඇත. එම තනතුරු වෙනස්වීම ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති වන ඩී. එම්. ටී. පී. වනසිංහ මහතා විසින් නිල වශයෙන් ස්ථිර කළේය.

CR ප්‍රහාරයෙන් පොලිසියට අසාධ්‍යයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 26 වන තරගය අද (15) කොළඹ ලොන්ග්ඩන් පෙදෙසේ දී පැවති අතර..

පසුගිය වර්ෂයේ දී ධර්මරාජ විද්‍යාලය පාසල් රග්බි තරගාවලිය අවසන් කළේ පලිහ අනුශූරයන් ලෙසයි. එවකට නායකත්වය ගෙන කටයුතු කළේ චාමික පෙරේරා විසිනි.

බවන්තගේ නායකත්වය යටතේ මෙවර රග්බි ලීගයේ පළමු පාසල් පහ අතරට පැමිණීම විද්‍යාලයේ ඒකායන අපේක්ෂාවයි. ගියවර තරගාවලිය නියෝජනය කළ ජ්‍යේෂ්ඨ රග්බි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පාසල් අධ්‍යාපන කටයුතු හමාර කර සිටීම නිසාවෙන් මෙවර රග්බි කණ්ඩායම තුල ඔවුන්ගේ අඩුව පුරවන්නට නව නායකයා ප්‍රමුඛ කණ්ඩායම යුහුසුළුව කටයුතු කරනු ඇත..

බවන්ත වසර 6ක් පුරාවට පාසල් රග්බි කණ්ඩායම නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන අතර ඔහු වර්තමාන කණ්ඩායම තුල සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා ද වේ. බවන්තගේ වැඩිමහල් සොහොයුරා වන බුවන‍ෙක උඩන්ගමුව 2013 වර්ෂයේ දී ධර්මරාජ විද්‍යාලයට පළමු වරට පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරතාවය දිනාගත් කණ්ඩායමේ සිටි ක්‍රීඩකයෙක් වන අතර රෝචනා හෙට්ටිආරච්චි එහිදී නායකත්වය හෙඹවිය.

අනපේක්ෂිත යුද හමුදා ප්‍රහාරයෙන් ගුවන් මෙහෙයුම අසාර්ථක වේ

දෙවන අර්ධයේ දී තරගයේ රිද්මය සොයා ගත් යුද හමුදා ක්‍රීඩා සමාජය අතිශය තියුණු සටනකින් ගුවන් හමුදා කණ්ඩායම…

ධර්මරාජ විද්‍යාලයේ උප නායකත්වයට පත් කර ඇති ඕෂධ හා මනුක පිළිවෙළින් තෙවන හා පස්වන වසරේ සිටින අත්දැකීම්වලින් පරිපූර්ණ රග්බි ක්‍රීඩකයින් වේ.

මීට අමතරව සහිරා විද්‍යාලය ද පසුගිය දා සිය පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස නිල වශයෙන්  මුමාර් ඩීන්ව පත් කළේය. කණ්ඩායමේ උප නායකත්වය මින්හාජ් සම්සුදීන් විසින් දරණු ඇත.

තෙවන වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙකු වන ඩීන් කිලෝග්‍රෑම් 86 බරකින් යුක්ත වන අතර උස අඩි 5 අගල් 9ක් වේ.  සම්සුදීන්ගේ උස අඩි 5 අගල් 10ක් වන අතර ඔහු සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරනු ලබයි.

ඩීන් හා සම්සුදීන් හට එළඹෙන පාසල් ලීග් රග්බි තරගාවලිය තුල සහිරා විද්‍යාලය ඉදිරියට ගෙන යෑමේ වගකීම පැවරී ඇති අතර ඔවුන්ගේ අරමුණ ද වන්නේ කෙසේ හෝ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමයි.

පාසල් ලීග් රග්බි තරගාවලිය ලබන වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වනු ඇත.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<