ජාතික පුහුණුකරුවන් සඳහා අයදුම්පත් කැඳවයි

379

එළඹෙන 2019 වසරේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් සහ කනිෂ්ඨ කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් සඳහා නව පුහුණුකරුවන් තෝරා පත්කර ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.

ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනෙකු, සහාය පුහුණුකරුවන් දෙදෙනෙකු සහ අභ්‍යාසකවරුන්‍ හය දෙනෙකු සඳහා මෙවර අයදුම්පත් කැඳවනු ලබයි.

ජාතික පුහුණුකරු පිළිබඳව පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව එලියට

ප්‍රථම ආසියානු පිරිමි අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු වටයේ අවසන් තරගය වූ සෞදි අරාබි කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ශ්‍රී ලංකාව පරාජයට…

ඒ අනුව ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් සඳහා අභ්‍යාසකවරුන් 04දෙනෙකු සහ කනිෂ්ඨ (අවු. 23න් පහළ) කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් සඳහා ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනෙකු, සහාය පුහුණුකරුවන් දෙදෙනෙකු සහ අභ්‍යාසකවරුන් දෙදෙනෙකු ලෙස තෝරා පත්කර ගැනීමට නියමිතයි.

මේ සඳහා ජාතික මට්ටමේ කණ්ඩායම් පුහුණු කිරීම පිළිබඳ සුදුසුකම් සහිත පුහුණුකරුවන් සහ අභ්‍යාසකවරුන් තමන් අයදුම්කරන තනතුර සඳහන් කර එම අයදුම්පත් 2019 වසරේ ජනවාරි මස 10 වැනිදාට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට ලැබීමට සලස්වන මෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඉල්ලා සිටී.

ප්‍රධාන ලේකම්,

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,

අංක 33,

ටොරින්ටන් පෙදෙස,

කොළඹ 07.

ජාතික බීච් වොලිබෝල් කණ්ඩායම් දෙකක් තේරීමට සූදානම්

2019 වසරේ පැවැත්වීමට නියමිත 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් (Beach Volleyball) තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි බීච් වොලිබෝල්…

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම මෙම වසරේ (2018) පැවති පළමු ආසියානු අභියෝගතා කුසලාන තරගාවලියේ දී තෙවන ස්ථානයට පත්විය. එම තරගාවලියේ දී ජාතික වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ලද්දේ සර්බියානු ජාතික ඩෙජාන් වුලිසිවික් මහතා විසිනි.

නමුත් එම තරගාවලියේ දී ලැබූ අනපේක්ෂිත පරාජයට මූලික හේතුව ලෙස ඩෙජාන් වුලිසිවික් මහතාගේ ක්‍රියා කලාපය බව පරීක්ෂණයකින් අනතුරුව හෙළිවිය. ඉන්පසු ඔහුගේ සේවය අත්හිටවූ අතර එම තනතුර සඳහා ද පුහුණුකරුවෙකු පත්කර ගැනීම ද ඉදිරියේ දී සිදුකිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<